ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2026 සැප්තැම්බර් කලාපය
කෙවිලියනි, අවසරයි
රෝස මලකට තුඩ තියාගෙන
කෙවිල්ලක් බිම
වැතිර සිටියා
රෝස පත් සුදුමැලි ව වැගිරී
ඇයට යහනක් තනා තිබුණා
ඇගේ කටහඬ පාළුඅහසේ පාවි පාවී
රාව නැගුණා
රටට මිනිසත් වගට පෙම්කළ
ඇයට මව්බිම දෙදණ නැමුවා
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
සවන පිනවූ ජනාදරයට ඔබේ රම්‍ය සඳ කිරණ සදා සෝබමානයි
මවන සප්තස්වර රාව ලොවේ කොතැනක සිට ඇසුවත් සිතට අබිමානයි
පවන හැමුවාවූ දස අතම සශ්‍රික වී මව්බිම ජීවමානයි
ගමන සංසාරේ පුරාකෘත පිනෙන් ලබනා දිව්‍ය හඬ ඔබෙ පූජනීයයි
මුවග නැගුණාවූ බුද්ධ ගුණ වන්දනා රශ්මි ජාලනී
නෙවග හුදීජන පහන් සිත් කරලූ සුමදුර වෘන්ද වාහිනී
කියග නොහිය අති සුන්දර සංගීත රසභාව පූරණී
ලොවග දක්වා කිත් යසස් පැතිරූ ඔබය නන්දා මාලනී
කවිය බලන්න
යෙහෙළියත් ඔබ, මිතුරියත් ඔබ, ඇයේ කටහඬත් ඔබමැයි!
ජීවිතේ ගංඟාවේ සැඩ පහර සමඟ පොර බැදුවාය
බලවතුන් හැම දුරින් තබාගෙන සෘජු කයින් සිටියාය
දැයට අමතක නොවන අසිරිමත් චරිතයක් වූවාය
හද බසෙහි මිහිරි පද මනරම්ව නන් ලෙසින් ගැයුවාය
ප්‍රතිභාව තුළින් සිය ජීවිතය ගොඩ නඟා ගත්තාය
කිත් යසස් ප්‍රසංශා නෙක පිදුම් නොසිතූ ලෙස ලැබුවාය
මහ පොළොව මත සොඳින් පිය නඟා දයා ඇස පැවාය
දනන් වෙත නමා හිස, හසරැල්ල හදවතින් පිදුවාය
දැරිය, තරුණය, බිරිඳ, මවක ලෙස අකම්පිත වූවාය
මහ සභා මැද නිතොර අභිමනින් ගුණ මහිම පැවාය
පිරිමි රජයන ලොවක චනස්පතියක් විලස වැඩුණාය
තෙවෙනි ලොව ගැහැනියව කියවන්න මහ පොතක් වූවාය
කවිය බලන්න
හාදුවක් කියන්නේ.......
සිහිනයක් කියන්නේ
සන්තානෙ කළතනා රහසකට
හාදුවක් කියන්නේ
සංසාරෙ හකුළණා මොහොතකට
ස්නේහයක් කියන්නේ
කොන්දේසි නොතකනා පහසකට
හාදුවක් කියන්නේ
සංසාරෙ හකුළණා මොහොතකට
කවිය බලන්න
නන්දා මාලනී මේ නන්දා....
කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ දූ, නන්දා නොවී මේ නන්දා
කාසෙට්ටිවත්තේ වින්සන්ට් කෝට් බාසුන්නැහේගේ දූ, නන්දා මාලනී මේ නන්දා
කාගෙත් ළපැත්තේ, ප්‍රේමයේ රම්‍ය සඳ කිරණ තවරා, ළසෝ දුක් සිඳ බින්දා
සත්‍යයේ ගීතේ ඇවැසි තැන, ගීත කගපත ලෙලවූ, නිබය ගැහැනිය වන්දා
ළමා,පෙම්,වියෝ, විමුක්ති,අරගල,බැති, දේශාභිමානී ඈ ගී ගැයූ එකම ස්වරයෙන්
අමා කෝකිලාවක ඈ වන් , සුදම් සබයේවත් සිටීදැයි නොදනිම්
නිමා වුව ඇගෙ දිවි, ගැයූ ගී පවනෙහි සදා, රැව්දේවි අමයුරු මිහිරෙන්
සමාවුවමැන සක් දෙවිඳුනි, සොරාගත නොහැක ඔබටත්, අප සතු මීර මෙලොවින්
ජීවිතේ සෑම මොහොතම අපේ, ගී පොතේ වර්ණ තැවරූ බැවිනී
මාවතේ පීඩිත දන දුක, තෙත් හදින් ලොවට ගැයු පිනෙනී
හිමිවෙතේ නන්දන උයනක්, තුසිතයේ ඔබට මැතිනී
සුදු වතේ සරල හසරැල්ලෙන් සරාසඳ පහන් දැල්වූ ගැහැනී
කවිය බලන්න
දෙනෝදාහක් පුතුට කිරි දී
දෙනෝදාහක් පුතුට කිරි දී
සිඳී ගිය කිරි නහර තෙම්මා
හඳේ හාවුන් පවා නිදි කළ
මිහිරි නැලවිලි කියා පෙම්මා
වනේ වනපස මලක් ගානේ
මව් සෙනේ දී නොකර නිම්මා
අනේ හීනෙන් නෙවෙයි ඇත්තට
ගිහින් තුසිතෙට අපේ අම්මා
කවිය බලන්න
කුමට ගුණ වැයුම් ඇයට
දුටුවාය ඇය
රසිකාදරය
යනෙන සැම තැන
ඉදින් කුමට
නිසල සිරුර අබියස
තොරන
ගුණ වැයුම්
සැළ වූ සැණින්
ඈ නික්ම ගිය බව
රසික දන
යළි යළි
අසන්නට ගත්හ
ඈ මියුරු ගැයුම්
ඉදින් කුමට
සුසානය අබියස
කෙරෙන
ගුණ වැයුම්
කවිය බලන්න
මගේ දින සටහන් සමඟ නන්දා මාලනිය යළි කියවමි
ගීත කෝකිලාවී නන්දා මාලනිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් සම්මාන ආචාර්ය පදවියෙන් පිදුම් ලැබුවාය
2017.10.12
ඒ නයින් ඇයට සුබ පතා යැවූ කවිය
සොයුරිය නන්දාවෙනි!
හෙළ රස කැමි සතපන රස ගීජනනී
කෙවිලිය සදිසි විකසිත මුව මඩලයෙනී
නැගු ඒ සුසර සුමියුරු ගී අනුහසිනී
පිදු උවසර අගයමි හදබැති පෙමිනී
ළමා වියේ සිට ඔබේ සතුට ඉක්මවා අපේ සතුට දියුණු තියුණු කළ ඔබ නෙළූ විසල් ගී අස්වැන්න මහමෙරකි සිරිලකට
ඊමතින් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයටත් ඔබටත් අන්‍යයෝන්‍ය ගරුකව පහළ වූ මේ "අප්‍පමාද වග්ගය" ඉත සිතින් බැතිබරව අගයමි
ආචාර්ය නන්දා මාලනියෙනි චිරං ජයතු
සොයුරු දිගා
විතර නොවිතර ගැයුම් පුවතර කෙවිලියන් උස් තැනින් පත්
අතර බුහුමන් වෙසෙස් කිතුරැස් හිස් මුදුන් සරණිය ලබා
අමර පදු'රුත් බෙලෙන් ඔද වැඩි මජර සිත් දපනේ දැමූ
මතුළ ගී අනුහසින් සතනින් මාලනී නන්දා දිනේ
ඉන්ද්‍රඛීලය ලෙසින් නොම සැලෙනා හඳින් බැවිනුත් විලස්
පසඳිනා ගැයුමෙන් වෙසෙස් පත් නන්දනන් ඇගයූ නිතින්
යශරාවය නැඟූ තුන් හෙළ රැසේ ගී මාතෘ පබා
"ස්වස්ථි සිද්ධම්" කියා ආසිරි මල්දමින් පලදම් ගෙලේ
2023.11.28
2026.08.22 දා
ඇය යන්න ගියාය. එහෙත් නොමැකුණු, චිරාත් කාලීනව නොමැකෙන ඇගේ මධුර ස්වරය අප අතර රඳවමිනි. පෙම් ලොවට විවර වූ ශිෂ්ටාචාරමය සේද මාවතෙහි හුදකලා වූ ඇය විරාජමාන වූවාය. ඒ සදානන්දකරවූ ඇගේ මධුර හඬ පෞරුෂයෙනි.
රසැසුම්, ගැයුමෙන් ලද තෙලිවල පිහිට
ලබමින් කෙමෙන් දැල්වූ දිවි පහන් වැට
ගැලපම සුනිල නන්දාවන අඹරවට
නොබසින සුපුන් සඳවිය දෙස රැස නමට
කවිකම් ගී කම්ද නෑකම් අරුත් මත
ප්‍රේමය කිමැයි හඳුනාගත් කෙනෙකු නැත
නන්දා දැයින් සමුගන්නට පෙර නු මුත
ප්‍රේමය කිමැයි පෙන්වා දුන්නෙකු ඇත.
කවිය බලන්න
අපට හොරෙන් හොරු අරගෙන
මිහිමඬලම ගලන ගඟකි
කඳුලු වතුර රන්දා
යොවුන් වසන්තේ දේදුනු
සේදිලාද මන්දා
රුක් අත්තන මල මුදුනේ
බමරුත් නිදි හන්දා
අපට හොරෙන් හොරු අරගෙන
ගියාද අපෙ නන්දා
කවිය බලන්න
ඒ සදාදරණීය රුව
දුම්රොටු නොකඩවා අහසට නැගෙයි
දස දෙසම නිසසලයි
දස දහසක් නෙත් තෙමේ කඳුලින්
එහෙත්
දහස් නෙත දිදුළයි සතුටින්
අහස් තලයට මුසු වූ
සේත වර්ණ දුම එක් වී
ඒ සදාදරණීය රුව
අහසේ ඇඳේ යැයි
දෑස දල්වා බලා සිටියෙමි
දුමාරය පුළුන් වලාවට මුසුවෙයි
වීණාවක් පෙනී නොපෙනී යයි
පන්සිළු කුලයේ ඇබෑර්තුව සපිරෙයි.
කවිය බලන්න
වැළඳ යුගපා නැමද සමුදෙමි
සුවඳ කළ ගී මල් වනේ මුනිදහම් මල් පෙති අතර රන්දා
විළඳ සේ දිවි යැදින සකුණට එමල් රොන් දම් පවස සින්දා
වැළඳ යුගපා නැමද සමුදෙමි සමිඳු දෙව්ලොව වඩින හින්දා
දෙවිඳ සක්දෙවි දම් සභාවට සිදත් හිමි ගෙන යන්න කැන්දා
නිවා පුහුදුන් දැවෙන හදවත් සිහිල් මුනිදම් දියවරින්
ඔවා පිරි ගී ගඟුල ගැලුවා නිතින බෝසත් හදවිලෙන්
දවා කෙළෙසූන් නිවන බුදුමග ගෙවූ දිවි පින් මහිමයෙන්
බවා දුක සංසිඳේවා සුව ලබා අපරාමර නිවන්
දුරර මොහඳුර ඇසෙන ගීයෙන් දනන් සුවපත් කෙරේවා
පවර රඹුකන සිදත් පබැඳුම් මතුත් ලොව රැව් නැඟේවා
වැතිර මියෙනා දිනක දී වුව එහි සවනට ඇසේවා
නොතිර මෙසසර පුරා මතු මතු සමිඳු රුව මුණගැසේවා
කවිය බලන්න
ඇය පවනක් වුවාය
රටක් පුබුදන්නට
පිපුනු මල් ගොන්නට
ගී පවන් සලන්නට
ඇගේ හඬ අවදි කලවිට
සිත් පිබිදුනා එකමිටට
ඇගේ හඬ නිහඬ කරන්නට
රකුස් නෙත් යොමනවිට
සොබාව ඇගේ තනි නොතනියට
පෙල ගැසුණි හරි අපූරුවට
කඩමන්ඩියේ දොල අයිනේ දකිනවිට
කලා වැවේ දිය දෝතක් පිපෙනවිට
සරුංගලය හැඩ කරලා ගයනවිට
ඇය මියදුනුවග නොයේ මගේ සිතට
28අගෝස්තු 2026
කවිය බලන්න
නිහඬ නොවෙන හඬ
බිහිසුණු සමයෙ අවි එසවූ පරපුරට
කිරි අම්මා වුනා නොබියව එක දිගට
අලුගෝසුවන් තලුමරනා විට ජයට
ඔබගේ ගීය පළිහක් විය වෙඩි හඬට
බොරදිය පලා උඩ මතුවුන සුදු නෙලුම
ගිනිගන්නා රටක් සුවපත් කළ මහිම
සමුගෙන අපෙන් සුරලොව වැඩියෙද කොහොම
නොමියෙයි එහඬ හෙළුවද අවසන් සුසුම
කවිය බලන්න
ජාතික ගී ස්වරය මාලනියයි නන්දා
දිලෙන දිවයුරු ලොවෙහි අඳුරට තිත තබා එළි බෙදන විලසින
සැලෙන ගිනි දලු නසා මේඝය මුළු ලොවට දිය බෙදන අයුරින
ලෙලෙන සඳ කැන් වලින් සොමිගුණ සැමගෙ ගත සිත නිවාලන මෙන
පෙලෙන හද තුළ තිබෙන සෝගිනි නිවයි ඇගෙ ගී සවන වැකුමෙන
අම්මා කෙනෙකු ලෙස සැමටම පිහිට වුණූ
සම්මා සම්බුදුය කුළුණින් ලොවම දිනූ
නම්මා ගීය වෙත දරුවන් නොයෙක තැනූ
අම්මා ඇයයි ගීයෙන් මුළු රටම දිනූ
සිටියේ දෙව් ලොවේ මහ සංගීතකරූ
පන්සිළු නමින් පතළයි ලොව තිබෙන තුරූ
ගී කෝකිලාවක් මිහිරැති නන්දයුරූ
නොමියව සිටිනු ඇත ලක්දිව තිබෙන තුරූ
සැම හදවතම සුමිහිරි ස්වරයෙහි රන්දා
හද තුළ තිබුණු සැමගේ දුක් ගිනි බින්දා
ඒ වැනි හඬක් යළි බිහි වේවිද මන්දා
ජාතික ගී ස්වරය මාලනියයි නන්දා
තක්කඩිකමින් රට කළ පරයන් පන්නා
රැකගනු පිණිස රට ගී අවියෙන් ඇන්නා
දුබලව සිටින සැමටම ජවයක් දුන්නා
අද රට ලබන ජය පසුපස ඇය උන්නා
සිත් සනසන්න කළ මෙහෙවර මිනිසුන්ගේ
සැමදා රඳනු ඇත මතකය වැසියන්ගේ
ඉන් ලද පිනෙන් ඇසුරට ගොස් සුරඹුන්ගේ
වේවා බිරිඳ ඔබ පන්සිළු දෙවියන්ගේ
2026 / 08 / 28
කවිය බලන්න
මට හරි පාළුයි ළමයෝ
ඔබ නැති මේ රැයට
පුර සඳ එළිය කුමටදෝ නන්දා
ඔබ නැති මේ බිමට
නල මුදු සුවඳ කුමටදෝ....... නන්දා
මහකන්දරා වැවට පුන්සඳ කඩා වැටුනා
අප හැර ගියාය...... නන්දා
අහස් කුසේ……. ලැව් ගින්නෙන්
සඳ හිරු තරු……. ගිනි ගනීවි……… නන්දා
ඔබ හඬනා කඳුළු ගලා………. සැදුණු
කඳුළු....... සාගරයේ... තනිව හැඬූ...... නන්දා
ජීවිතයේ යාත්‍රාව අපව සොයා
පැමිණියේ........... නන්දා...
රුවල් ඉරීගිය නෞකාවේ
අප....තනිකළ නන්දා...
අරලිය ළන්දට පෑයූ පුන්සඳ ඔබ
නන්දා...
ඔබ නැතිදා........ නන්දා........
හඬන ළමා වසුපැටවුන් උණුසුමකට
ගාල් උනේ නැත නන්දා....
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑගසා
ඔබව අයැදිය නන්දා......
සීහල ගී......... අමෘතයේ
නැන්දා ඔබයි නන්දා.......
සීහල ළය පලා ඉපදුණු
ගීත කන්ද......... නන්දා.......
පූජාසනයේ අප ඉඳුවා
යන්න ගියා ඔබ නන්දා
ලොවම එපාවී...... ලොවම කලකිරී
ශ්වේත වර්ණයේ කැඩපත නන්දා.........
සුළංකපොළුවල තනිවී
මගේ සඳ ඔබ
කොහෙදැයි....... සෙවුවාය..... නන්දා.......
කප් සුවහස් කල් පෙරුම් පුරා
අනන්ත බාධක දුක් පීඩා විඳ
අපව සොයා....... ආ......... නන්දා.
පෙරදා...... මහ රෑ ඔබ කොතැනක
සැඟවුණා ..... නන්දා.......
අහස සේ..... ඔබ අනන්තයි........
නන්දා.....
සැඳෑ කළුවර කුරගගා ඇවිත් අපව
හඬවයි..... තවම....... නන්දා....
සප්ත ස්වරයේ දොරටුව
අපට ඔබයි නන්දා.....
Photo Credit: Sarath Perera
කවිය බලන්න
නිකිණි පුරහඳ අන්දකාරයි
සියොළඟ ගිනියම්ව හීතල හොයන විට ...,
සැතපෙන අයුරු දුටුවෙමි පිරුවටය පිට...
නුඹ කඳුලැල්ල දී මතකය මිදෙන විට
ඉවසනු කෙලෙස නන්දක්කේ විටින් විට...
ඔබේ හඩයි "පවන"ට මුසුවී එන්නේ
ඔබේ රුවයි ගුවනම අහුරා ගන්නේ,
"දුවේ පුතේ ගී අමපැන් බීපන්නේ, "
බලා ඉඳී තරුවක් වී සඳ තැන්නේ .
"වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස "
වගෙයි රණ ගොසින් අප පිනැවූ දිගැස...
ගුවන් විදුලියේ කරු අයියගෙ හවස...
සරස්වතිය වුවා ඔබ අප දවස ..
බකිනි මල් ගොමු නිලන්කාරයි
බිගුනි විහගුනි චමත්කාරයි..
සකිනි බල මැන ඇය උදාරයි.
.නිකිණි පුරහඳ අන්දකාරයි..//
ඇසේ ලොවම ගිනි ගන්නා ලේ පවස
වැසේ කඳුලු නෙතු අග නිරතුරු දවස
දිසේ ලොවක් කම්පා කර හෙට දවස
අනේ ඉතිං කොහෙ යන්නද ඔබ
නැති නිවස....????!!!!
2026.08.27
කවිය බලන්න
ඉන්න ඇති මග බලන්
හතර පද ගළපලා අමුණගෙන පන්හිඳෙන්
සුසර කර වීණාව හිත පිනන රිද්මයෙන්
නතර වුණ සාදයක් පණ ගන්න සත්සරින්
අතරමග ඉන්න ඇති දෙව්ලොවෙත් මග බලන්
මෙතෙක් නොඇසුන හඬක ස්වර රිද්ම මුහුවෙළා
ගඟක් ගී කන පිනන විශ්වයම නළවලා
හුඟක් දින ගැයෙනු ඇත පන්සිළුත් පරදලා
රටක් නොව දැන් ඉතිං තුසිතයත් සනසලා
ඒ වුනත්,
පායද්දි දේදුන්න වහින කල ගිගුම් දී
නිදියද්දි තරු කැකුළු හදවතට රිදුම් දී
ගිලිහෙද්දි තැනු කැදැලි තනිකමට ඉඩක් දී
වැලපෙද්දි ඇය ඒවි හෙටත් මෙහි අතක් දී
කවිය බලන්න
කැසට් යන්ත්‍රය ගෙදර ආ දා
කැසට් යන්ත්‍රය ගෙදර ආ දා
ඒ සමග ආ පටය නන්දා
වසර ගනනක් දහස් වාරක්
ඒ හඩේ දුක් සුසර වින්දා
ගැයූ ගී ලන්ඩනය සනහා
එතෙර ගැන සුබ සිහින කැන්දා
හීන බොදවී ඇයද නැති දා
ඉතිරි දුක පමනකිද මන්දා
කවිය බලන්න
නන්දා ලන්දු ❤️
(අපගෙන් සමුගත් විශාරද නන්දා මාලනියට හද බැතියෙන්)
සුමුදු
සුසුදු
කුළුණු
ලන්දු
තෙදැති
නැණැති
රුවැති
නන්දු
ගැයූ
සොඳුරු
ලබැඳි
සිංදු
සදා
අමර
නන්දා
ලන්දු
30/08/26
කවිය බලන්න
කෙසේ සමුදෙම් ද .............
හදවිල කැලඹූ පෙම් ජල රේඛා අතරතුර
දේදුනු පායා පාට වැටෙනකොට මා දුටු..
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවිය..
හේමන්තයේදී සුපෙම් ගී ගයා නික්මී ඇත !!
සදා මනරම් ගැයුම් හදේ ඇඳි නන්දාවෙනි
ඔබේ හඬ දිවා රෑ වෙණ තතක් සේ ඇසෙයි..!
ජීවිතේ මංපෙතෙහි ඒ ගැයුම් සමග ඇවිදන් යමි
කෙසේ සමුදෙම් ද ඔබ මියුරුතම ගීතයකි..කවියකි !!
කවිය බලන්න
දැයක - යශෝරාවය නිහඩ වූ වගයි
දැයක - යශෝරාවය නිහඩ වූ වගයි. ආදරණීය නන්දාමාලිනියනි, ඔබට සුබ ගමන්!🙏
" සරස්වති මණ්ඩපය "
ළමා කළ අප ඇසුව
දුරස්වී ගිය නමුදු
අප සිතින් දුක් මුසුව
ඉවත් වූ දින ළමා -
විය නිමා කළ පසුව
තවත් මතකයෙ තිබේ
අදත් ඔබ එහි විසුව,....!
පාන - පෙළහරට - පන්හිඳ ට
කග පතක් විය
ගායනාව ද විටෙක
බාවනාවක් ම විය
කාලය ද වියපත් ය -
හඩෙහි වෙනසක් නොවිය
ජාතියක් අවදි කළ
" යශෝරාවය. ඔබය....!
මුදු සිතින් ලක්මවගෙ
දූ - පුතුන් දුටු ඔබ ය
හදවතින් ඔවුන් වෙනුවෙන්
නැගූ හඩ ඔබ ය
අදුරකින් මුදා නැගි
සොමි කිරණ වූ ඔබ ය
" සුදු වතින් නැගී සිටි
වීර සෙබළිය ඔබ ය...! "
ගැඹුරු ඔබෙ හඩ රැගෙන
විසල් අහසෙහි දිවෙන
නැඹුරු වී සයුරු ඉම
සොයා පැතිරෙන බැවින
පවුරු බැඳ කිසිවෙකුට
වළක්වනු හැකි නොවන
කවුරු නවතාලත් ද -
ඔබේ ගී හඬ පවන.....?
ඔතා ජාතියේ උපහාරයෙන්
ඔබ පිදෙන
ඉතා යහපත් තැනෙක
තබා ඔබ හද බැඳුන
ගොතා කවි මල් - දැයක
හඩ - නිහඩ වූ මෙදින
පතා සුබ ගමන් ඇත
යළි නොඑන බව හැඳින..!
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට.
20 . 08 . 2026
කවිය බලන්න
අකල
කවියේ ඉහළ මුදුනෙම ජයකොඩි බන්දා
හෙළයේ මහා මියැසිය ලෙස නම බැන්දා
දිවියේ ආයු සැප බල ප්‍රඥා වින්දා
ගීයේ කිරුළ මත නුඹ මැණිකකි නන්දා
එහෙමත් පුණ්‍ය බල නොතිබුණ කලා මගේ
කොතෙකුත් කලාකරුවන් මතකයට නැගේ
විජයත් ප්‍රේම් අයියත් ඒ හිටිය වගේ
ජීවත් වුණානම් අද මොන තරම් අගේ
මිල්ටන්ලාත් ජෝතිත් තම කලා කෙතේ
කළ සින්දුවෙන් අප හදවත් පිරී යතේ
ජැක්සන් කලාවට නිපුණෙකි සතර අතේ
අකලෙන් ගියත් ගියමග තව සුවඳ ඇතේ
කවිය බලන්න
ලංකා හැර ගිය නන්දා
සහස් වන මල්
තුරු වියන මත
අකාලේ ඔහේ පරවුණ
"ඇගේ නම ලංකාය "
උච්ච ස්වරයෙන් ගැයූ
ඉන්දියන් සාගර දේසේ
දුර ඈත එක දවසක
දුගී සන්නාලි ගෙදරක
විකසිතයි ඒ අසමාන කුසුම
නොහිම් සුවඳින් ඒ මල
දන මන දෙස බසයි මුස කළේ
උදාසීන ජාතිය නිදි කිර කිරා
ඉන්නවා
නැඟුණ කාහල නාදෙන්
නිදි ගැට ද බිඳෙනවා
සහස් දන මන පිබිද ප්‍රඥාලෝකයෙන්
පෙර මඟ ලකුණු සොයනවා
එකම එක වරක් ඇවිදින්
කිසි දා නොඑන්නට යන
සොඳුරු යෞවනයේ
සදාකාලික ප්‍රේම ගීතය
ගැයූ කෝකිලාවිය
කොහි ද නුඹ අද
කොහි ගියාදෝ
රන් වලා සළු පීරා
සඳවතිය විමසමි මම
කියන් ඇයි ගෙන ගියෙ ද ඇය මෙලෙස
එවන් මොහොතක
නොපෙනෙනා ඈතක
මුළු ලෝකයක්
මධුර ස්වරයෙන් මත්වී
නෙතු වසා ගත් ක්ෂණයක
24-08-2026
කවිය බලන්න
මං නන්දා...
“මං නන්දා...”
මේ ඒ නන්දා ගැන නම් නොවේ ය. සුරම්‍ය - සුනම්‍ය - සුගණ
ස්වරයෙන් ගී ගැයූ අපේ යුගයේ තවත් ගී කෝකිලාවියක් පිළිබඳ ව ය...
ඇය නමින් නන්දා මාලිනිය නම් වූවා ය.
“නුඹ නොමළ බව හැඟේ මට නම්...”
ලියූවෙමි කවි පෙළක් මේ කවි අඩවියේ
ටික දොහකට කලින් “නුඹ කවුද යන වගින්”
එහෙත් මම නොසිතුවෙමි මෙවන් සමු ගැනීමක්...!
“ මරණයෙන් එහා ගිය දිවි සටනෙ වැදෙනවුන්
කියන්නැති-සිතන්නැති-අහන්නැති වෙලාවක
ඒකටත් වෙලාවක් රළු-බොරලු දිවි මගෙහි
හොයන්නට බැරි නිසා - ලබන්නට බැරි නිසා...!”
සඳුන් ගසක් වී ජීවන සුවඳ දුන්
සමන් වැලක් වූ බුදුන් අබියස
ඒ රම්‍ය සඳ කිරණ එළිය දුන් ගනඳුරකට
දිවි තාප දැනි - දැනී ගිනි ගහන වෙලාවක
සැඟවිලා ගියා දෝ සදහට ම
අපෙන් සමුගෙන...!
යුක්තියට හිස නැමූ - අයුක්තිය පිටුදැකපු
“හරි හෝ වැරැදි හෝ”
නෙක අදහස් හරඹයෙන්උදහස්-නිදහස්-අදහස් කවි-අවිපදින්
පෙරළ-පෙරළා පහර දුන් අභීත ව
මේ “යකඩ ගැහැණිය” අපේ ගී ලොව
වැජඹුණේ කාටවත් නොබිය ව
ඇගේ “මරණය”
සුරත් මංචකයේ ම තබමින...!
දිරිය සේ විරියත් - පිරිය ඇති විරිතත්
කවියේ මුවත් ගෑ - මොට නොවූ අවියත්
මරණය පෙනි පෙනී - පෑ සටන් ගී සරින්
වැකුණේ ඔබේ හඬ - රැව් දිදී කොතැනත්
දෙසවන් සිසාරා - ගිගුම් දුන් සත්සරින්...!
අට ලෝ දහම නිතැතින් - කැරකෙයි ගැළක සක සේ
පසුපස හඹා එන්නේ - කවුරුත් නොසිතනා අයුරින්
ඒ දහම පොදුවේ -හැම දෙනාට ම එක සේ
සළකයි නො සැළී කිසි දිනෙක
“උස්-පහත්-උස-මිටි - දුක්පත්-පොහොසත්-කලු-සුදු
භේදයක් කෝ එහි - අනේ සිතෙන්නෙ ද මොහොතක්...!
ඇය ගියා යන්න ම - සැම දේ ම පසෙක ලා
ගෙන ගියා නම් ගෙන ගියේ - කළ හොඳ නොහොඳ තමා
අපත් කෙදිනක මෙසේ - එසේමැයි නැහැ සමා
හදා ගත් කුටුම්බයෙ - තමවුන්ට ඉඩ තියා...!
ඇය ගියෙ ද සමුගෙන - සදහට ම ලෝකයාගෙන්
“රූ කාය ජීරති - නාම ගොත්තං නජීරති”
නින්නාද දෙන ගී පොතේ - ඉහළ ස්වරය ඔබ ය
නුඹ නොමළ බව දැනී - “පවන” හඹ-හඹා යයි...!
අහස සේ නුඹ අනන්තයි - පොළොව සේ නුඹ අනන්තයි...!!
සුභ ගමන්!!!
01.09.2026
කවිය බලන්න
ඉතින් ඔබ එන්න අපි බලාන ඉන්නවා.
සරච්චන්ද්‍ර යන් කී ලෙස
‘යෑම හොඳය
ගොස් ඊම ද හොඳය
ලොවැ ඇත්තේ යෑම් ඊම් පමණි
නොගොසින් එන්ට බැරිය
නෑවිත් යන්ට බැරිය’
ඔබ ගියා නේ
ඉතින් නැවත එන්ට ඇහැකි
පළස් චත්‍ර ධ්වජ චාමර
නිතැතින් හිමිකර ගත් ඔබ,
අළුයම ලූ කෙළ පිඩ සේ
ඒ සියල්ල අත හැරදා,
ස්වෛරී සුසත්‍ය වචනය
අභීත ආත්ම දෘෂ්ඨිය
ඉහ මුදුණේ දවටා ගත්,
ගුවන සිසාරා හඩ දුන්
ශ්වේත වර්ණ සංඛය සේම
නැවතත් ඉන්ට ඇහැකි.
ඒ සුසත්‍ය වචන වැලෙන්
සත්‍යයයේ ගී පද බැඳ
රළු පවනක ප්‍රවේගයෙන්
ගෙනැහැකි ආයිත්
ඔබටම
සවන් පුරා මුමුණමින්
ශ්‍රී ගණ මෛත්‍රි මූර්තී
ශ්‍රී පද පද්ම නමාමි
ඉතින් ඔබ එන්න
අපි බලාන ඉන්නවා.
කවිය බලන්න
පහන් සිල නිවී ගිය සත්‍යයේ ගීතය
ශ්වේත රාත්‍රිය , පවනින් සිත සුවපත් කල
ඔබේ ගීත ඔසු ගොන්නකි අප හදවත් තුල
ඇහෙන , අහන්නටම ලැබෙන ගී නද පොදි තුල
හිතට කතා කරන හඬයි ඇත්තෙම නද තුල
ආදරයේ වේදනාව, අහස සේම මට
හද විල කැළඹු දවසේ චන්ද්‍ර මඩුළු යට
බුදු කරුණා දෙනෝ දහක් කප් සුවහස් යට
කලා වැවෙන් ගත් දිය ඇත තවමත් හිත් යට
ගලන ගඟකි ජීවිතේම කියලා කිව්වට
හඬ නිහඬයි යන්න ගිහින් අරලිය ලන්දට
දෙනෝ දහක් රසික පිරිස හලන කදුළු කැට
මැද්දෙත් අද නෙවෙයි හෙටත් ඔබ ඇත හිත යට
කවිය බලන්න
නන්දා මාලනිය මට දුන් කාලයට 🙏
පවන් රැල සේ සිනිඳු ගීතයකි නැළවිලි
රළුය මහ මේඝයකි හදවතක මැසිවිලි
දෙබෑ කර ගලා යයි නැතිව කිසි ඇවිටිලි
ඇගේ ගීයෙන් කීවෙ නන්දගෙම සිතුවිලි
හැඟූමකට පණ පොවන මිහිරිතම තාලය
කළු තිතක් නොතිය ඇඳි විචිත්‍රම රාගය
ඔබේ හඬ මුසු වෙමින් සිතක විඳි ආලය
ඒ තමයි නුඹ අපට වෙන් කරපු කාලය
කවිය බලන්න
සුපිපුණු සියපත සිරිලක ගී සාහිත විලේ
ගලන ගඟක් බව කියලා ජීවිතේ එදවස ගයා
රන්මුතුදූව සිතුවම ඔප කරමින් හැඩකර හදා
හොඳම ගීය ලෙස හයකට එපිටදි අවුරුදු දශක
ඇය දිනුවාය කිරුළ සරසවි ගායනයට හොඳම
නැති වුණු බව කියා දොලේ දිය ගයා ගීයක් මනහරව
දිනුවේ සම්මානය ගායනයට මාලනියයි අද යළි හොඳම
සිතුවම් පට අතර විසිඑක්වන සියවස තිරගතවූ ලක්දිව
වසරෙදි දෙදහස් විස්සේ සිංහල සිනමාවේ තිබූ තිරගතව
සිරිසරසවි වරම් ලබා ලබමින් ගී ලොව රන්කිරුළ
ලක්මාතා දූ රැජිනි මව් වී සිරිලක්දන සැමගේ
පුබුදුවා රට දැය ,දෙස බස රැස නිති සුරැකී
මනුලොව හැර යන්න ගියා ගී රැජිනිය තුන්හෙලේ
කවිය බලන්න
ගී ලොවේ තරු දෙකක් වැසුනි මරු වලාවෙන්
ලොවම සුවපත් කෙරූ සුභාවිත කලාවෙන්
ගී ලොවේ තරු දෙකක් වැසුනි මරු වලාවෙන්
දකුණු ලක වෙසඟ පුණු පොහොදාක බිහිවුණා
එතුන කහවතෙන්, හිමි වත කමල බැබළුනා
ගෙතුන ගී පදවලින් කලා කෙත සරුවුනා
ලකුණ යතිවර, ගීත ලෝකයෙන් වියැකුණා
ජනත වී දකුණු ලක රඹුකනය ගම්පෙතේ
බුදුන් දෙසු මඟ වැඩිය දැවටිලා කහ වතේ
අකුරු කර බුදු දහම ගරු සමිඳු ගී පොතේ
හැත්ත හය වසරකින් නිමකලා ජීවිතේ
පද වැලක රැඳුනෙ ලියූ බුදු බණෙහි ආරයයි
හදවතට ලංවුනේ තිබු චමත්කාරයයි
රසවින්දෙ සමිඳුන්ගෙ ගී ගොන්නෙ සාරයයි
මේ අපේ කවින් වෙනුවෙන් නමස්කාරයයි
-----------------------------------------
වල් වැදුනු නීතියයි, පැවති අවිචාරයයි
උරාබොන අතර සමහරු රටේ සාරයයි
ඇගෙ ගීත විරුවන්ට විය දෙතන ක්ශීරයයි
ජාතියට පණ පෙව්ව දැයේ ගී රාවයයි
චාම්බව රැඳුනු වත, දැවටි සුදු සාරියයි
ජාතියක් පණ පෙව්ව දැයේ කවි කාරියයි
හීං සීරුවෙ කලේ ඔබට හිමි කාරියයි
ලකඟනගෙ හිස රැඳුන බර මිදෙව් නාරියයි
උරාගෙන බොද්දි සමහරු රටේ සාරයයි
පෙරට ආවේ ඇගේ යසෝ ගී රාවයයි
ඊට ලැබුණේ ලොවෙහි ඉහළ ප්‍රතිචාරයයි
මේ අපේ කවියන්ගෙ උත්තමාචාරයයි
කවිය බලන්න
පිළිම නෙළා නැති විරු මව මාලනියයි නන්දා
බුදු සාදු ට සමන් වැලක් වී පීදුණ නන්දා
පිපුණු මලේ රුව නොතැකූ එමල නුඹයි නන්දා
උඩඟු ළියන් ගොතා බඳින වරල නොරැඳි නන්දා
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවේ නෑ නන්දා
ගලන ගඟක ජීවිතයේ මිහිර පැතූ නන්දා
යොවුන් වසන්තයේ දුහුල් වලාකුලයි නන්දා
වසන්තේ නිදාවුන් යෞවන සුපෙම් ගීය නන්දා
සුළං කපොල්ලේ තනි වූ කෙවිලිය නුඹ නන්දා
මගෙ සිහිනය මට දකින්න ඉඩ පෑදූ නන්දා
දරුවන්ගේ දුක් කඳුළැලි දකින මවයි නන්දා
බතක් නොඉදි පැලට මිහිරි රස මසවුළ නන්දා
ඔබහට පෙම් කළ යුගයට නිමක් නැතේ නන්දා
අහස සේම පොළොව සේ ම අනන්ත ඔබ නන්දා
මතක පොතේ කඳුළින් කටු ගෑ කවි හිමි නන්දා
අපෙන් මිදී වෙන රටකට යන්නද ඔබ නන්දා
ඉතිං බිඳ බිඳ මං ඇඬුවා ඔබ නැති දා නන්දා
තරුද නිදන මහ රෑ නිදි නැති මහදේ නන්දා
හිරුසඳු එකවර දෙපසම නැඟුණත් අද නන්දා
බිමට බරව කැකුළු අතු ද මැලවී ඇත නන්දා
දහස් ගණන් සෙනඟ අතර මහ තනියකි නන්දා
හෙළ දෙරණේ කඳුළ සුසුම ඔබේය කී නන්දා
අද පමණක් නොවේ අපට හෙටක් මැවූ නන්දා
අලුත් ලොවක් ගැන සිතීම වරදක් නෑ නන්දා
පිළිම නෙළා නැති විරු මව මාලනියයි නන්දා
කවිය බලන්න
ගී කෝකිලාවිය නන්දා
දුක් තැවුල් පිසදමා
ප්‍රේමයෙන් සනසවා
ගී ගැයූ කෝකිලාවිය
නික්මුනා නිහඬවම
සිත් පුරා අන්ධකාරය
නෙත් පුරා කඳුලැල්
සහස් සිත් හඬමින්
සමුදුන්න බැතිබරව
නිකමුනත් කෝකිලාවිය
සදානද වෙයි මධුර රාවේ
සැමදාම අපේ සිත්
සනසාවී අමා ගී හඬ
කවිය බලන්න
මෙදා ගරු දේශයක් වෙනුවෙන්
මෙදා ගරු දේශයක් වෙනුවෙන් එදා සිට
ඔබ කැපඋනා.....
ගී නදින් මාලිනියෙ නන්දා හෙල කලා කෙත සරු උනා....
තුන්කල්ම බැඳි සුභ අරුත්පිරි ගැයුම් වරපට ගිලිහුනා....
සදා සෙනෙහස් මිනිස්
ගුණයුත් සප්ත ස්වරය
නැවතුනා....
වරද නිරතුරු මඬිනු
රිසි තැන අවිය වූ ඔබෙ ගීතයේ....
අරුත් සම්මස් නහර
විනිව්ද සිතට සුවදුනි දේශයේ...
උතුම් සරසවි මෑණියන්ගේ
වරම් ලද දිරි දියණියේ....
දෙනෙත කඳුලේ ඇඳෙයි ඔබෙ රුව, තත් ගොලුය
සංගීතයේ....
නොපැතු මඩ තවරන්න තතනන දුර්ජනන්ටත්
පිදූ ප්‍රේමය...
සත්‍යයේ ගීතයම විය ඔබ, රටා ඇතිරූ යශෝරාවය...
ඔබයි සොමි සඳ කිරණ විහිදූ මැඩලමින් ඝණ
අන්ධකාරය....
ගැයෙන්නට හැකිදෝ
දොරින් දොර අසමි කවදා ඔබගෙ නාදය..
මේ දිගුවෙන් යූ ටියුබයෙන් මේ ගීය අහන්න පුළුවන්
https://www.youtube.com/watch?v=qSIUjGrVAGw
ගායනය - රෝහණ තිලකසිරි
ගේය පද - බන්දුල කුරුවිට ආරච්චි.
සංස්කරණය - මලින්ද දිසානායක.
සංගීතය - A. I තාක්ෂණයෙනි.
කවිය බලන්න
අක්කේ නිවන් පතනෙමු දිවි ප්‍රාර්තිය.
රහකට සවන පිනනා සුව දැනෙන මඟ
හිඩැසක් උනා නන්දා නැති කමට ලඟ
රටකට උපන් කෝකිලයන් බෝම හිඟ
ඇතිවෙන සියළු දේ නැතිවෙන එකය රඟ
රෑන ගිරව් ඉගිළවගෙන ගීත ලොවේ
ආලය සුමුදු බව ලොවටම කියපු රුවේ
දුන් ගඬ මිහිර ගොළුවිය අද සැවොම තැවේ
ආයෙම කිසිත් දිනකදි මෙහි නොමැත සුවේ
නිරහංකාර ගැහැණියකගෙ මූර්තිය
විදහා පාන ඇය නිදසුන කීර්තිය
දෛවය අපට කුරුරිද සිරි නූර්තිය
අක්කේ නිවන් පතනෙමු දිවි ප්‍රාර්තිය.
කවිය බලන්න
රම්‍ය සඳකිරණ
හේමන්තයේ ගී ගැයූ සුපෙම් කෝකිලාවිය
ගිම්හාන කාලයේ දිලි සෞම්‍ය තරු එළිය
තරු නිදන රාත්‍රියේ ඇසෙන ගී නාදිනිය
බුදු සමිඳු පාමුල පිපි සමන් කුසුමිය
සිය නදින් විශ්වයම විස්මිත කළ විස්මිතිය
ජීවිතේ කවියක් යැයි ගැයූ ගී මහෝඝය
ප්‍රේමය නම් කිමැයි කියා දුන් ප්‍රේමිනිය
සුපසන් නදින් සවන් සැනසූ සංගීත වේදිනිය
ගී අඹර එකලු කළ සෞම්‍ය සඳ එළිය
වියළි බිම් මත ගී අඹරින් වට අසෙනිය
දිවි සැරිය නිමා කළ ජාතියේ යශෝරාවය
සුබ ගමනක් වේවා ස්වේත නන්දනිය
කවිය බලන්න
දිවි මඩලේ සොඳුරු මවක්
සාරි පොඩිත්තක් ඇඳගෙන ගීත ගයපු නන්දා
බුදුසාදුට බොදු බැති ගී රසක් කියපු නන්දා
වන්දනාවේ ගිය පේවීලා කවිත් කියපු නන්දා
ඒ නන්දා මියගියෙ නැහැ අමරණීය නන්දා
ඔබ දක්ෂය හඬ මිහිරිය වටී අපට නන්දා
ඉතිහාසයේ පරිච්ඡේදයක් හිමි ඔබ නන්දා
මතු පරපුර වෙත බොහෝ දෑ උරුම කළා නන්දා
ඒත් ඉතින් අටලෝදහමට ඉඩ දෙමු නන්දා
සොබාපිතය පසක තබා රැඩිකල් වූ නන්දා
එහෙම උනේ ඇයිද කියා දන්නව ඔබ නන්දා
දිවි මඩලේ සොඳුරු මවක් උනානෙ ඔබ නන්දා
නිවන් ගියත් නැතත් අපට ඔබව වටී නන්දා
කවුරු මොනව කීවත් ඔබ යමක් කළා නන්දා
කළ පව් පින් අරන් යන්න වෙනව අපට නන්දා
රූව මැකුනට නාමය ඉතිරිව තියෙනව නන්දා
මතු භවයක රහට සින්දු ටිකක් කියමු නන්දා
කවිය බලන්න
මිහිමතින් නික්මගිය පහන් තරු යුග්මය
ආකාස වස්තුවී විශ්වයේ ඈත නුබ
දැල්වෙමින් නිවි නිවී කොනිත්තා ඇස්
ලොකු පොඩු සකල සත් මිහිමඩල වාසීන්ගේ
උජාරුව වැජඹෙනා නේක නම් ලද තරු අතර
නොවී තව දෙතරුවක් දන ට දුර නුබ ගැබ
මේ උතුම් පිං බිමෙහි මිනිස් සත් කැළ මැදම
ජනිත වී එළිය දුන් මෙත් හදැ'ති
පහන් තරු යුග්මයක්
නික්ම ගිය කඳුළුබර මතකයකි
ගෙවීගිය නිකිණි මහ ලක් මවට
ළා දළු බෝපත් සැලෙන රිදමය හැදින
බුදු බණ කිව්වා බුදුහාමුදුරුවො මෙන
මේ ඉර හඳ යට සෙනෙහස පුදාගෙන
ගමේ පන්සල මෙන්ම බණ කියන රටක් ගැන
කාසි මත ගනු නොහැකි මිනිස්කම නම් සුඟුණ
මෙන්ම තව සියදහස් ඔබෙන් පණ ලද ගී කුසුම්
කල්ප කාල ගතවන තුරු නොමියෙයි දිය
වන්දනීය සිද්ධාර්ථ අප හිමියනි ගරු රඹුකන
අම්මාවරුනේ සම්මා සම්බුදු
හඩින් බැබළවූ මව් ගුණ වරුණේ
අයන්න කියමින් අරළිය ළන්ඳෙන්
සදා ඇහෙනවා ඒ හඩ දෙරණේ
මගේ දේශයත් මගේ ජාතියත්
ගලන ගඟක් වූ මේ ජීවිතයත්
කඩම්ණ්ඩියෙ දොළ අයිනේ හිදගෙන
මන්ද නාව කාරණා විමසමින්
බලා මිහිමඩළ අඳුරු කුස දෙසට
මගෙ සිහිනය මය දකින්නේ ලක් දන
කොහෙද ගියේ නුඹ අතැර දමා අප
නන්දා මලනී පහත් තරුව දැය
ගී බණ පොවා ඇවිළුනු දන නිවූ පිනෙන්
රඹුකන සමිඳ සැනහෙනු නිති අම නිවනින්
සුබාවිත වූ ගීයෙන් දැය පුබුදු කළෙන්
සරස්වතිය අසලය මාලනිය රුවන්
කවිය බලන්න
සදාකාලික නොවූ ලෝකෙක සදාකාලික ගීතයක් …
ගීතයක් තුලින් මැවු
අනගි සුරගන ලෝක
හදවතේ ගැබුරු තැන
සිත්තමක් විය නේක
ලපටි සිතුවිලි රගන
තරු කැකුළු පිරි රෑක
සදාකල් පිසලුවේ
වැටෙන කදුලකි සෝක
සෝබාව බැබලුනේ
ගයන පදවැල් අතර
මිහිරාව දිලිසුනේ
වයලිනේ තත් අතර
සිරියාව වෑහුනේ
නිකැළැල් වු මුව අතර
සදාකල් වැජබුනේ
කවිය බලන්න
මාලිනියේ වෙන්න දෙවඟනක්....
අයුක්තියේ වෙඩි උන්ඩෙට පපුව තියා
දැය වෙනුවෙන් දිවිපිදු විරුවනට ගයා
එවන් පුතුන් ළඟ සිටීම පැතුම නියා
කිරි මව් ලෙස ඔවුන් සිටින ලොවට ගියා
මිදුනත් ලොවෙන් හදවත් තුළ නැති මියැදී
ඔබවෙත බැඳී සෙනෙහෙන් කවියන් කිවිඳී
කඳුළුවලට වැඩි රස අරුතක් ගෙනදී
ඔබගේ නමින් කවි ගංගාවක් උපදී
ධනය බලය නොතකා සිටි නොම ගැතිවී
බිඳගෙන තහංචිද තහනම් බිය නොමවී
ගැයු ඒ දිරිය කත එහි ආ බව සැලවී
දෙවිවරු වුණත් ඇත ඩිංගිත්තක් සෙලවී
මිහිරට ගයා ගීයක් දෙන පිරියාව
සරසවි දෙව්දුවට පෙන්වා හැකියාව
සිංහල සංගීතයට දෙන්නට සිරියාව
ඔබ ලැබ ගන්න එහි මුරදෙවි රැකියාව
කවිය බලන්න
හඬක් වූ නන්දා.
සත්සර අතරින් නැඟෙන
සොඳුරු හඬක මියුරු රාව,
හදවතේ ගැඹුරු තැන්වල
අවදි කරයි මතක ගාව.
ගීයක දුක, ගීයක සතුට,
ජීවිතයේ සත්‍ය කතා,
ඔබේ හඬින් හැඩ ගැන්වී
සිත් අහසේ පියාඹා යන
ඔබ නන්දා මවි දෙරණේ .
හැඟීම්වල හඬක් වි
තාරකාවක් ලොවට.
ප්‍රේමයේ මල් පිපෙන විට,
විරහවේ වැසි වැටෙන විට,
ඔබේ ගී හඬ නිහඬවම
සැඟවෙයි අප හදවත් තුළ.
කවිය බලන්න
රඹුකන සිද්ධාර්ථ හිමි.
සුන්දර ගීයකට
පන්හිඳෙන් නඟන පද,
මුවගින් සවන සනහන
දම් පදයක් වූ
දුකින් පෙළෙන ඒ
සියළු දනන් හට
පහන් එළියක් වී වැඩමවා,
අඳුරු සිත් සනසන්නට
දහම් සුවඳ බෙදා හැරි හිමි.
කරුණාවේ සිසිලසින්
ගිනිගත් හදවත් නිවා,
මෛත්‍රියේ සුපුෂ්පයන්
මිනිස් සිත් තුළ පිබිද වූ
රඹුකන පින්බිමේ
දහම් හඬක් වී නැඟුණු,
සිද්ධාර්ථ හිමි ඔබ
සත්මඟ පෙන්වන
පෙරඹර තරුවකි.
වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්
යහපත ලොවට කියා දී,
දුකට පත් දනන්ගේ
සිත් නිවාලන
සිසිල් ගඟුලක් වැනිය ඔබ.
සසර මඟ දිගු වුවද,
සදහම් එළිය නොනිවෙන සේ,
ඔබ වහන්සේගේ කරුණා ගුණ
හදවත්වල සදා රැඳේවා.
බුදුන් වදාළ උතුම් මඟේ
පියවර තබා යන හිමියනි,
සසර ගමන නිමා කොට
දිනෙක උතුම් නිවනින්
සැනසෙත්වා!
කවිය බලන්න
නික්මීම.
ආචාර්ය නන්දා මාලනී( 1943 -2026)
############################
දුර ඈත අහසේ
නුඹ නමින් තරුවක්
නම් කරන්නට වරම්.
මට නොමැති හින්දා.
බඹරු කෝලම් පාන..
සැඳෑ කළුවර ගලන..
විටෙදි රුක් අත්තනෙන්
සුවඳ පැන් සින්දා.
සුරඟනන් හට කියමි
චන්ද්‍ර මණ්ඩලේ යට..
රැක ගන්න යැයි කියා..
අදින් පසු රන්දා.
අපි ණයයි සදා කල්.
නුඹ ගැයූ ගී පොතට
ඒ තරම් මිහිරි නද
මුලු රටම වින්දා.
**************************
බුද්ධානු භාවයෙන්.
මෙත් සිත් පහන් කරපු.
ඇවැසි තැන හඬ බිඳපු..
මහ වැස්ස හින්දා.
කවර උන් නන් ලෙසට..
මැරවරියකැයි කියා
කැට කැබලි අතු මුගුරු
විසි කලත් නින්දා.
න-යනු අල් නයනු දා
අකුරු තුන තිබෙන කම්
කාසෙට්ටි වත්තෙ හඬ..
තිබෙයි මන බන්දා.
මේ දවස ඉක්මනට..
බිනර මහෙ ඒවියැයි..
හිතුවෙ නෑ...මරු ඇවිත්
රැගෙන යයි කැන්දා.
####################
වෛද්‍ය නිලධාරී
ප්‍රාතමික වෛද්‍ය සත්කාර ඒකකය
තල්දෙන .. බදුල්ල
2026.08.21.
කවිය බලන්න
ගී ලොවේ රන් සලකුණ වූ මාලනිය
කලා පියසේ කොවුල් රාවය මියුරු කිංකිනි බන්ඳා
සීතාරය සර්පිනා තබ්ලා පවා ඒ හඬ වින්ඳා
දිවි ගමන අද නිමා කෙරුවත් අපිට කඳුලැලි කැන්ඳා
ගීත ලෝකේ රනින් ලියැවෙයි නුඹේ නාමය නන්දා
ස්වේත ඔසරිය කොණ්ඩ කරලට ඇත්තමයි හරි හැඩට පෙණුනා
සප්ත සවරයට පූජ කළ හඬ හදේ ගැඹුරුම තැනට දැනුනා
ගැයූ පදවැල් වලින් සහසක් සතන් කරුණා දියෙන් තෙමුනා
ඒ පිනත් ගෙන ඉතින් කෙවිලිය නිවන් පුරයට කරණු කරුණා
කවිය බලන්න
නන්දා ජීවතුන් අතර
පේළි ගෙයක උපත ලබා
රජ ගෙට ගිය නන්දා
කට හඬ ළඟ දණ නැමුවා
දෙනෝ දහක් ජනයා
පවනක් වී ගලා ඇවිත්
ජනතා සිත් සනහා
නිය දහමට අවනත වී
යන්න ගියේ මන්දා
හිත නිවුනා
ගී ගැයුවා
අපි හන්දා
ඇය නන්දා
සිත් අහසේ
සදා හිදින
පහන් තරුව
නන්දා..
කවිය බලන්න
සරල මිහිදිනියේ උතුම් නිර්වාණයෙන් සැනසේවා ,,
නෙතකි බිඳු වැටී දුකකින් ගලාවෙකි
සිතකි බිඳි හැටී හසකැන් හලාවෙකි
හදකි කොන් නැසී විලතර දැවූවෙකි
හඬකි අද නැතී කෙවිළිය ගියාවෙකි
අඩසඳ අතර තනි තරුවක් දිලිසේද
මිහිමැද ගීය ඇය පුරසඳ ඇසුනේද
වඳනද දැයට උරුමය මයි රැකුනේද
පවනද ගෙන ගියේ දුරකට දැනුණේද
සරලයි සුමට බස අමතන කලාවයි
විරලයි පද වැලට අරුතකි නිමාවයි
තරලයි ගැබට සේලය රිවි උනාමයි
හරයයි හෙළට උතුමිය ගුණ ගෙනාවයි
උවනත සිනා කැන් බේරී වැටෙන කත
පවනත හාදු මල් ගවසා සිඹින වත
ගුවනත දියමලින් නහවා පෙනන ලත
ලවනත පද වැලකි නුඹ හැම
පිනන සත
සසරම මඟ අතැර කෙවිළිය ගියාම
දහරම අමා දිය නැහැවී ගියාම
උවනම මුනිඳු පේවීලා ගියාම
සවනම රැඳී දම්සක් මඟ ගියාම
දෑල එළිසමය කොට ගෙතූවෙම්,,,
කවිය බලන්න
මාලිනිය නන්දා
දුක් ගැහැට මැදි කරන්
නොසැලී මුහුණ දී
අල්ප දිවියක් ගෙවූ
චරිතයක් වූ උතුම්
වේය මාලිනිය නන්දා
අයුක්තිය අසාධාරණය
අදමිටු පාලනය
විසල් වූ හඬක් විය
විරුද්ධව නැගී සිටි
දිරිය කත
වේය නන්දා මාලිනිය
හදවත පහන් කළ
කැළඹුණු සිත් සතන්
සමත් වූ සනසන්න
සහිත වූ පද වැල්
විසල් වූ හඬක් විය
නන්දා මාලිනිය සතු
නික්ම ගිය ඒ කත
සේවය නිමාකර
නාමය ඉතිරිකර
සුබ ගමන් සුබ ගමන්
මාලිනිය නන්දා !!!
කවිය බලන්න
නන්දා මාලනී නම් කළාකාරිිණියගේ යුග මෙහෙවර.
ඊයේ අද සහ හෙට.
බහු ජනතාව සමඟ ආචාර්ය නන්දා මාලනී නම් කළාකාරිිණියගේ
කඩ මණ්ඩියේ තාමත් කවි පද කියවේ
සරසවි පොළවේ මල් පිපෙනවා නැහැ නිමවී
අම්මා වරුන් ගැන ගැයු ගී වල ගැඹුර
සමන් වැලක ගී මල් පිපෙනවා තවම
යුක්තිය නිදහසද පොළවේ පැළ කරපු
පුංචිම කාළේ සිට අප ළඟ හිත් වඩපු
කවි වැල් ගීත පද මහජන හිත දැකපු
සමකල හැකිද මේ කට හඬ තව එකකු.
සමහරු උදුරා ගන්නට යන අපේකම
නිවට කමට බැට දුන්නා තදේටම
පොදු මිනිසාට පෙම් බැන්දා ගී හඬම
කොච්චර ගීත අපි ඇහව්වත් නිමක් නැත.
ගැයු ගී පදවලින් ඇසුනේම නව අරුතක්
ජිවිතේ කවි යක් කළා ආදරෙන් වදනක්
පොදුකම ද අපේකම රකිනා ගීත මිසක්
බාධක දැක දැකත් ගැයුවේ ඔබම මිසක්.
දිනකදී කැළණියේ සරසවි ලෙනින් හලේ
තැනකදී ඔබට අමතක පද පේළි දිගේ
සරසවි සිසුන් පද සකසා කියපු වෙලේ
එදා ඔබේ මුව හසරැලි අදද මැවේ.
හා හා හරි හාවා පොඩි වුන් නළවාපු
රට ගැන ඔබ කියූ කව්ජන හද දිනපු
දහසක් මල් පිපි නිදහස මතු කරපු
යුක්තිය වෙනුවෙන්ම කවිපද ගී ගයපු
සමහරු පාට පක්ෂද දැක මුලාවෙලා
කුස ගින්නේම දණ නම නවා වහල් වෙලා
ජීවන කදුළු ගොවි පරපුරේ කදුළුවෙලා
නුඹ ගැයු ගී පවන ඇහෙනවා අලුත් වෙලා.
ආදරණීය නන්දා අක්කේඔබට ගෞවරණීය ආදරය.
අනුරාධපුරයෙන්
ආචාර්ය කරුණාරත්න පල්ලේගෙදර
කවිය බලන්න
රඹුකන සිද්ධාර්ථ යතිවරයාණෝ
යථා ගති ගොතා ගී සත්සරට මුසු කළේ
ඇසූ කළ ඔබේ ගී සංසාරෙ දුක නිවේ
සදාකල් දෙයක් නෑ අනිත්‍යය බුදු බණේ
මේ භවේ අප සැමට ඔබයි සිදුහත් වුණේ
කවිය බලන්න
නන්දා මාලිනියට
ගීයකින් අපේ හදවත් සැනසූ,
හඬකින් මුලු ලොවක් මවිත කළ,
විවිධ පැති වලින් රස ගී ගැයූ
ජාතියේ යශෝරාවය....
නන්දා මාලිනියනි—
අසූතුන් වසක් පුරා
ගී ලොවට දුන්
ඒ නිර්මල හඬ,
නිහඬ වුවත් අද මෙලෙස,
ඔබ සදා රැඳේ අප හදවත් තුළ
නොනිමෙන පහනක් ලෙස
ඔබට නිවන් සුවයම අත්වේවා!!!!
කවිය බලන්න
අමරණීය ගී කෝකිලාවියට...🌹
ජාතිය වෙතම ආදරයෙන් හද රන්ඳා...!
පෑබර හැඟුම් වෑහෙන ගී පද බැන්ඳා...!
පාරන රිදුම් දෙන සෝ දුක් වත කැන්ඳා...!
පායන සඳක් බැස ගියෙ කෙලෙසද මන්දා..?
සප්ත ස්වර ගොළුවී කඳුලක බන්ඳා...!
වස්දඬු රාවයෙන් මතකය ඉකි බින්ඳා...!
නීරස රිදුම් වුව ආදරයෙන් රන්ඳා...!
ආදර ලොවින් බැස ගිය "සඳවත" නන්දා...!
පීඩිත දන හදට සැනසුම් සුව කැන්ඳා...!
'පවනින් 'හෙළ දෙරණ එක ධජයක බැන්ඳා...!
වාවමි කෙලෙස ගී ලොව ඔබ නැති හන්ඳා...!
නොමියෙන ගමන් ගිය "සුරවමියකි" නන්දා...!
හෙළ ගී අඹර පෑයූ රන් තරු කැන්ඳා...
පායන සඳට ඔබ රහසින් පෙම් බැන්ඳා..
මී අම රසින් නාමය සිත් තුල රන්ඳා...
පෑබර හැඟුම් වෑහෙන "කෙවිළිය" නන්දා...!
විඳිමින් සුර බඹුන් මනුලොව සුව කැන්ඳා..
උපදින් යලිත් මව්බිම අභිසෙස් බන්ඳා...
සවනින් මධුර හඬ, පීඩිත හද රන්ඳා..
"නිවනින් සැනසෙන්න ගී රැජිණිය" නන්දා...!
2026.08.25
කවිය බලන්න
ගීත කෝකිලාවියනි
ගීතයේ මල් සුවඳින් හදවත් පුරවාලූ ඇයයි,
වදනට අරුතක් දී නිහඬ සිත් අවදි කළ ඇයයි,
කඳුළු බිඳුවක සැඟවුණු කතාවක් හඬින් කියූ ඇයයි,
ජීවිතයේ අඳුරු මංපෙත් පහනක් කළ ඇයයි.
ඇගේ හඬ ඇසෙන විට නිහඬකමත් කවියක් වේ,
ඇගේ ස්වර වැටෙන විට වේදනාවත් සැනසුමක් වේ,
ගීයක් පමණක් නොව—ඇය ගයන්නේ මිනිස් හදවතයි,
කාලය ගෙවුණත් නොමැකෙන මතකයකි ඒ හඬ.
සොඳුරු ප්‍රේමයේ සුවඳත් ඇගේ ගීයෙන් හමයි,
මව් සෙනෙහසෙ උණුසුමත් ඒ ස්වර අතරින් දැනෙයි,
රටක වේදනාවට ඇගේ හඬ හඬක් වුණා,
මිනිස්කමේ අගය ලොවට කියන පණිවිඩයක් වුණා.
කීර්තිය පසුපස නොගියද කීර්තිය ඇය පසුපස ආවා,
ස්වරයට ජීවයක් දුන් නිසා ගීතය ඇය තුළ ජීවත් වුණා,
ඇගේ ගායනයේ ඇත්තේ සරල හඬක් නොව—
පරම්පරා ගණනක් හදවත්වල රැඳෙන ආත්මීය සුවඳක්ය.
නන්දා මාලිනියනි, ඔබ ගීත කෝකිලාවියක් පමණක් නොවේ,
සිංහල සංගීතයේ අහසට දිදුලන නිවෙන නොමැති තාරකාවකි,
ඔබේ හඬ නිහඬ වූ දිනක පවා ගීතය නිහඬ නොවන්නේ—
ඔබ තැබූ ස්වර සදාකාලය පුරා අප හදවත්වල ගැයෙන බැවිනි. 🌹🙏
කවිය බලන්න
ඔබේ ගී හඬ කලා සුවපත්.................
අරන් ගී අසිපතක් රිංගා දුකට පත් හදවතට නිරතුරු
සොයන්නිය පෙන්වමින් නොපනත් කමේ ඇති බව කමක් බියකරු
සරන්නිය දෙවොලක දේවඟනක් විලස කරමින් ලොවම පියකරු
උපන් රණ හඬ ඔබයි කෙවිලියේ නන්දා වු ජන හදට සුමිතුරු
සහනයක් ඉල්ලූ තරුන කැල හැඬූ සුවපත් රටක් ඉල්ලා
කුරිරු පාලකයන් දැමුවේ උන්ව මහ ගිනි ගොඩක් දල්ලා
දෙමව්පියො සොහොයුරො හඬද්දී තම දූ දරුන් දිවිය ඉල්ලා
ඔබේ ගී හඬ කලා සුවපත් සාමයක් පිරි ලොවක් ඉල්ලා
කවිය බලන්න
මාලිනියනි නන්දා, රඹුකන ඒ නිරිඳා
මාලිනියනි නන්දා
ගියා යන්නට හැරදා
මිහිරිම ගී ඒ පෙරදා
හඬ කෝ රස විඳින්ටා
රඹුකන ඒ නිරිඳා,
ගී පොතට තිත දමලා,
කදුලු දොර ඇරලා
ගියේ අප ගිල දමලා
රැහැයි හඬන හඬ ඇසුනා,
නිඳි නැති රෑ ගත කෙරුණා
නන්දගෙ හඬ එයි සිතුනා
පෙර ගැයු ගී රස දැනුනා
හාමුදුරුවෝ ගී ලියලා
මතක පොතේ ගී මැකිලා
අප සැම අසරණ කරලා,
සුසුමන් හිර කර තබලා
සසර හැටි නම් එහෙමයි,
දුක දැනෙනවා බොහොමයි
හාමුදුරුවනි නියමයි,
වියලුන තෙලු තුඩ පමණයි
මාලිනියනි ඔබ දෙදෙනා,
ගමනෙ මහන්සිය නිවනා
ගන්නට ඕනෑ උනදා
ඇවිත් ගයනු අප සනසා!
කවිය බලන්න
ගලන ගඟක ජීවිතය ඔබ පා කළා
සුමියුරු ගීත දහසක් අප වෙත රන්දා
වෙන්වී ඈත දුරකට ඔබ ගිය හින්දා
කාටත් හොරෙන් හිමිහිට හද ඉකි බින්දා
ගිය තැන ඉඳන් තව ගී ගයමුද නන්දා
බුදු හිමියන් පාමුල සමන් මල වෙලා
ගලන ගඟක ජීවිතය ඔබ පා කළා
කඩ මණ්ඩියේ වෙල අයිනේ දි හමුවෙලා
නැවතී බලනවද මොහොතකට තනිවෙලා
සෞම්‍ය සඳ කිරණ ඝන අඳුර පලවාවී
සුමුදු තරු ගිම්හානයේ එළිය දේවී
ඔබ ඔබේ පැලේ ඉඳ මිහිරි ගී ගයාවී
මම මගෙ පැලේ තනිව ඒ ගී ආසාවී
හද විල කලඹමින් රේඛා ඇඳේවී
කඳුලැල් වලින් අද ඒ විල පිරේවී
කුරුටු ගෑ ගී පොතේ පිටු ඉන් පෙඟේවී
ඔබේ රුව සිහිනයක ඇඳිලා පෙනේවී
අහස සේම ඔබ අනන්ත වන හින්දා
සයුර සේම ඔබ රැළි නඟනා හින්දා
නොනැවතීම ඔබ ගී ගයනා හින්දා
සදාකල්ම ඔබ අප ළඟමයි නන්දා
2026 අගෝස්තු 27 දින
කැලිෆෝනියාහී දීය.
කවිය බලන්න
අමතක නැති ඔබේ හඬ
අමතක නැති ඔබේ හඬ
පවතිනු ඇත අප සවනතර
තවත් බෝ කලක් එපිටට
අප සැම දිවි පසුකර
රුව අනියත බැව් පසක් කොට
සමුගෙන ගිය ඔබට
බොදු සිරිත සිත රඳාගෙන
පතනෙමි මම නිවන් සුව
කවිය බලන්න
සංසාරේ ගැන ලියූ සින්දු
සංසාරේ ගැන ලියූ සින්දු
ජනී ජන හදවත් හි රැන්දු
දෙව්රමට බෝ මැඩට
වැන්දූ
යති ගීය සිහසුනට
කැන්දූ
බුදු සුවඳ ගල්වනා
ගීයකි
මව් ගුණෙන් පිරි සෙනේ
යායකි
දිවි සැරිය අපිස් මිග
දායකි
හැම දිනම හිමිට පුර
පෝයකි
විසල් මහ තුරකි
අතු විහිදා
සෙවණ දුන් සිසිල
දැය පුබුදා
සත්සරය බණ මඩුවෙ
ඇසුදා
උවසු සිත් පහන් කළ
සමිදා
පහනකින් පහන් සිය
දහසක්
රඹුකනින් ගී ලොවට
පියසක්
පන්සිළුට කියන්නැති
රහසක්
වඩින වග තුසිතයට
දවසක්
බේරෙ වැව සමීපයෙ
වැඩ හිඳ
සුභාවිත ගී වැලක්
වැව්වද
දුහුණන්ට කොතෙක් අත දුන්නද
පින් බෙලෙන් මොක් පුරේ වෑඩියද
කවිය බලන්න
"මම ආදරෙයි නන්දා"
සිටින තැන මම
අහස පීරා
සොයා ගන්නෙමි.
එතෙක් මෙතුවක්
නොකී ප්‍රේමය
කිසිවෙකුට නොදැනෙන්න පවසමි,
හුස්ම නැවතුන
ඔය නළල සිඹ
කියමි;
"මම ආදරෙයි නන්දා"
කවිය බලන්න
වන්දනීය නන්දාවිය
පසුකර නේක කඩඉම් දිවි තලාවේ
මදහස පෑව මුවගින් අම නුරාවේ
හදබැඳි ගීත බෙදමින් රස කලාවේ
භවදුක සෝක නිවමින් සැනසුනාවේ
ගාමක බලය හා නොබියව පෙළ සෑදී
යන්නට පෙරට ආවේ බැසගෙන වීදී
පීඩිත මඩින් මතුවී ඇගෙ හඩ පෑදී
සක්හඩ සරින් ගුම් දුනි මිහිමත පීදී
මහතුන් ගෙනෙන පුද පඬුරට පිටුපාලා
මතැතුන් ලෙසින් ආවත් නොසැලුණ ලීලා
මනුසත් ගුණෙන් පිරි හදවත දිරිදීලා
මේ මහ පොළොව මත දෙපයින් සිටි මාලා
තුඩ තුඩ මිමිණෙනා ගීයක රසවතියේ
දුක දිග්විජය කර දිනු රස ලාලනියේ
පැටවුන් ලයේ රැකි මවුවත් ඇතින්නියේ
දිස්නය දුන්න මිණ ඔබ නන්දා මාලිනියේ
සුරලොව සිටන් පිස අත පා කඳුළැල්ල
පවනක් ලෙසින් හමනුය දුක කර මෙල්ල
කප් සුවහස් කලක් පවතිනතුරු රැල්ල
ඔබෙ හඬ සවන් පිනනා මුදු නැළැවිල්ල
කවිය බලන්න
සුදු වත හැඳි කත
සප්ත වර්ණ දේදුන්නක
පෙරී හැලෙන වර්ණ අතර
දිස්වන සුදු ශ්වේත වර්ණ
ඔබේ වතින් දුටුවා අප
අපමන කරදර දුක්පීඩා මැද
ගිනි දැල් හද පතුලේ සඟවා ගෙන
සීත ගඟුල සේ ගීත ගයා ගෙන
සිනා සිසී සිටියා ඔබ සැමවිට
මරණෙට, මඟුලට, පිරිතට, සාදෙට
කෝවිල, කඩපිල, පංසල, පාසල
දුම්රිය, බස්රිය, ගමන් කරත ඔබ
ගුවනින් වැඩියත් වෙනසක් නොමැතිව
බුදුපුත් ගත දැරු කහ සිවුරක් ලෙස
දිස්විය ඔබ ගත සැරසූ සුදු වත.
කවිය බලන්න
සත්‍යයේ ගීතය
ඔබ ගැන කීමට "දාහක් දේ තිබේ වදනින් කීමට බැරිව වැසී"
ගන අන්ධකාරේ ගිලුන ලොවට "ඔබයි රම්‍ය සඳ කිරණ "
"ගලන ගඟකි ජීවිතේ "කියාදුන් ගී මතුරකි සිරිලකට අගනා
"උඩඟු ලියන් හිස සරසන මලක් වුනේ නැත" ඔබ කිසිදා
අමයුරු මිහිරි හෙළ ගී කෙත අස්වැද සරසන්න
කෙතරම් කෙවුල් කෙවිලියන් හිටියත් ඉහලේ
ඔබ පමණකිය අපේ ජීවිත සවරය අදුනාගත්තේ
අපි කෙසේ අමතක කරමුද ඹබ නන්දා අක්කා
පදවැලක අරුත ලොවට පෙන්වූ දියණි
පොළොවේ පය ගසා දිවිගෙවූ දිරිය දියණි
හද සනහා රසනහර පිනවූ කෝකිල දියණි
පවන සත්‍යයේ ගීතෙන් රට එකමිටට ගත් දියණි
නවරැස් එකලුකල අළුයම හිරු ලෙසට
පරහිතකාමිකම විහිදවුවා ඔබ මනු ලොවට
දුන් ආලෝකය නොසිතු ලෙසින් වැසීගිය කලට
විහිදු කිරණ හැමතැන එලිය දෙයි තාමත් අපට
නවසීලන්තය 8/25/2026
කවිය බලන්න
සඳ අහසින් නික්ම ගිය රැය
එල් නිනෝ බිය දනවන රාත්‍රියේ
සිත සසලන චිත්ත සංකාවන්
අකුරු කරන්නට තනමි හදිසියේ ..
නොඉඳුල් තොල් පෙති අතරින්
උදුරාගත් සිනාව සුදු සාරියෙන් වසා
කෙස් තනි කරලින් ගොතා
සිත දැඩි කරගත් මොහොතේ
යශෝරාවයක උපත සිදුවේ
කුරුළු කැදැල්ල සුනු විසුනු කර
සඳ අහසින් අයින් වුන වේදනා දරා
දරු දෙදෙන මැද දොර නැති නිවසේ
මන්නයක් සුරතින් ගෙන
නිදා නොනිදා රැය පහන් කරයි තනිවම
නාඳුනන අයගේ සළුපිළි නිමවමින්
රළු දිවි කතර ඇවිද ගිය දිළිඳු පියෙක් වූ
සන්නාලියනේ සන්නාලියනේ...
දෙව්ලොව සිට දුටුවද ඔබ
ලක් පොළව මත
නන්දා මාලනී දිරිය දියණියගේ හඬ
ආශ්චර්යයක් ලෙසින්
සරස්වතී දෙව් වරම් ලබමින්
ඉන්ද්‍ර ඛීලයක් ලෙසින්
දිනෙන් දින ගොඩ නැගෙන දිවි අන්දරය
26.08.2026
කවිය බලන්න
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා....
කහ සිවුරෙන්
බුදු බණ ගෙන
ගී වැලකට
පද අමුණා
ගීත ගඟුලේ
අප නැහැවූ
හිමියණි
රඹුකන සිදුහත්
අප හැරදා වැඩියේ ඇයි
බුදුන් වැඩිය මග දිගේ
අපි අසරණ වෙලා වගෙයි
හිතට දැනෙනවා
කවිය බලන්න
කෝකිල හඬ හමාරයි
අහස මෙන් අනන්ත වූ
මේ විශ්වයේ
රම්‍ය වූ රාගයෙන් තොර
මධුර වූ ප්‍රේමයක් සොයා
යැවෙන මේ වන්දනා ගමනේ
සහභාගී වෙන නඩය
ගීතයෙන් පන පෙවූ
ඒ කෝකිල හඬ
හමාර විය
කවිය බලන්න
මාලිනියනි , ඔබ අප හැර ගියත්
දුක දිළිඳු කම වෙලුනු
ජන දුකට සිහිල දී
පවන් හැමු ගීතයන්
රසික සවනත වැදී
මොළොක් කර ගලක් වන්
හදවත්ද සිත් රිදී
දෝංකාරය නගයි
සමු ගතිද දුක දිදී
එක් වරක් හමුවු බව
මතකයක රඳන්නෙමි
ඇසුරු නොකළද ලඟින්
සිත යටින් හැඳින්නෙමි
ඔබේ ගැයුමන් සිතින්
ගයා රස විඳින්නෙමි
සවන් කර ඇති පිනින්
මතුද හඬ අසන්නෙමි
කවිය බලන්න
හැම මලක්මත් සුවද දීලා....
හැම මලක්මත් සුවද දීලා
ඉතින් පරවී මිලින වෙනවා
පිපෙන් පරවෙන එක නියත බව
පසක් කර ගත යුතුම වෙනවා...
ඒත් මුකුලිත වෙන දවස ගැන
නියත මොහොතක් ගැන නොදන්වා
සොබා දහමට වෙලා අවනත
හැමදෙනාටම යන්න වෙනවා..
සුවද දැනෙනා මිහිරි ලෝකෙක
ඔබත් ඉපදී ඇතැයි සිතුනා
නිවන තෙක් දුර නොවන ගමනක
සැනසුමක් , සවියක් ලැබේවා!
කවිය බලන්න
නිහඩ වූ කෙවිලියට...
ගී ලොවේ බැඳුනි ජය දද
දේවි සරසවි වරම් ලද
සුසුම් පොද වාතලය මැද
මුමුනනා හඬ ඇසේ ගී නද......
නළමුදු සුවඳ ගී මැද
සිනාසුණු මල් තුරුණු සිත
මතකයන් අවදි වූ සඳ
කොහේ සැඟවුනිද අද
කෙවිලියගේ මියුරු ඒ හඬ
අවැසි කල සටන් ගී පද
සමග ඇ සෙබලියක ලෙස
හඩ නගා ලක් මවුන් ළඟ
පිබිදුනා නිදාවුන් සැම......
විරහවේ කදුළු බිඳු මැද
පෙතිවිදා ගත් කුසුම් පොද
නොමැකෙනා සිතුවමක් ලෙස
දෙතොලතර ශේෂයකි ඇගේ ගී පද...
කවිය බලන්න
කැන්දා තුසිතයට නන්දා මාලිනිය
නෙතක කදුළු තනි පංගලමේ දැරුව
හිතක සතුට සැමසේ සැමටම බෙදුව
විකට නාඩගම් කාටත් පෙර දුටුව
අපට හෙට දැනේ නන්දා නැති අඩුව
ගලන ගඟ නතර කරනට බැමි බැන්ද
පරණ හණමිටිය එක් රැයකින් බින්ද
මරණ බිය නොදුටු නොම සිදගත් කොන්ද
බුරණ කැනහිලුන් පසුබෑවද පැරද
කැන්දා තුසිතයට නන්දා මාලිනිය
බින්දා අපේ සිත් පන්සිළු ආතුරය
රන්දා නොගෙන සරිගම පිරි ආකරය
නන්දා එවන් යලි මෙලකට බෑ නොකිය.
25 / 08 / 2026
කවිය බලන්න
නන්දා මාලිනිය...
තුන්හෙළ කැලෑ තුල සකුරා මල පිබිදූ
යව්වන වසන්තයෙ හදවත් විල කැළඹූ
අම්මාවරුන් හද කිරිමදු වැල පැළඳූ
නන්දා මාලිනිය හෙළ ගී විත පිරවූ
ළමා මණ්ඩපයෙ නැගු බුදු සාදු නද
ගුවන් විදුලියෙන් විසිරී යැවුනු සඳ
පවන් පොදක දැවටී පත් සවන් වැද
එදා මෙන්ම අදටත් සනසවයි හද
හෙළ සිනමා සයුරු පතුලෙන් මතු කෙරුව
රන් මුතුදූව ඔපකර සුදිලුනු මුතුව
සිංහල සුභාවිත ගීතය ඇය පිදුව
ගලනා ගඟුල ජීවිත සරතැස නිමුව
ගයනා විටෙදි නලවා ඇය සියුම් තත
වැඩෙනා හැඟුම් පිරිමදිනා හඳුන් පත
සිඳුවා පිපාසය පුබුදා පියුම් සත
පිනවා සුවඳවත් වෙනවා සතර අත
සිරිලක් මවුන් කුස පිළිසිඳ ජනිත වුන
සරසවි ඇයයි මිහිමඬලට වැඩම වුන
සුදු මුදු සිතින් දැක මනුලොව පහන් වුන
සුරලොව බබුලුවන්නට යලි නික්ම වුන
කවිය බලන්න
මාලනියේ නන්දා....
ගීතයෙ හරය හැම සිත් තුල කම බන්දා
අමතක නොවන මතකය හද තුළ රන්දා
ජාතිය අවදි කළ ගී කවු පද රස වින්දා
ඇයි ඔබ අප අතැර ගියෙ මාලනියේ නන්දා
කවිය බලන්න
පරව ගිය දුහුල් මල
දෙනෝ දාහක් නුවන් අතරේ නිසොල්මනේ සැතපී
ආලය වන් මනරම් කවිකම් ගඟ දියේ සිසිල දී
රාගයෙන් තොර ප්‍රේමයේ පරිශුද්ධ බව කියා දී
යන්න ගිහින් ගැයූ ගීත ළඟින් තියා සිරිමත්
හතර වටින් කළු කෙරුවත් වැහි එන්නෙ නෑලු
හන්තාන අඩවියේ මැදුරු කුලුනු සඳලු තලා
පිස හමනා ප්‍රේමයේ සුවඳත් කනාටු සුළඟේ පා කරලා
සිතුම් වසඟ කළ දුහුල් මලක් සේ පරව ගියේ නන්දා
කවිය බලන්න
.. වියැකුණු යශෝරාවය ..
සිහළ ගීතයට ආ කාන්තා සළකුණයි
පවන මාලාවකින් ජනහදම කැළඹුණයි
යදමකින් බැඳ දමා කොටුකළැකි නොම වුණයි
දිවි ගමන නිමකළද මතකයේ තව නුඹයි..
සුළං කපොල්ලෙන් නිම් වළල්ලම දුටු අරලිය ලන්ද
යොවුන් වසන්තේ අම්මාවරුනේ රන් කෙන්දෙන් බැඳ
කඩමණ්ඩියේ වුව සිහිගන්වන්නේ ඇයට පිදු හද
කලා ලෝකයට නන්දා මාලනියම වේ පුන් සඳ...
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
කවිය බලන්න
බැස නොයන සඳවතී
මලක මෙලෙක දුටු මුදු සිත නිසසලය
සියළු දේ ලොවේ මරණෙට අවනතය
කුරවි ස්වරය නොනිමෙන වාතලයෙහිය
යුග යුග එනද කිකිණිය රැව්දෙන සුලුය
ගී අඹර තුළ සදා බැස නොයන සඳවතී
පරසතු මලකට දෙමි නුඹේතොල්පෙතී
බතක් නොඉදෙන පැලට බතක් වූ පින්වතී
සුගායනියේ නුඹට ලොව උපමා නැතී
නද හඳුනමි ගුවනේ රැන්දු කිකිණිය
හද නොහඳුනමි සුපිපුණු කුසුම් අසනිය
හෙළ ගී රැජින අප පිනට මෙහි පැමිණිය
නිවනින් නිවේවා නන්දා මාලිනිය
කවිය බලන්න
හද නිවූ හඬ
සිත අඳුරු වූ විටද
පැහැබරව, පබසරව
විකසිතව ඇති විටද
උන්මාද ප්‍රේමයෙන්
මුසපත්ව සිටි විටද
ඉරි තැලුණු සෙනෙහසේ
වෙහෙස දැනෙනා විටද
බැති බරින්, සැදැහැයෙන්
නිවුනු සිත් ඇති විටද
මව් බිමේ නාමයෙන්
හඬා වැටෙනා විටද
දිවි බරින් නිදහස්ව
බවුන් වඩනා විටද
නිරතුරුව ඔබෙ ගීය
සැනසීය මගේ හද
කවිය බලන්න
නන්දා මාලනිය
තරු මඬලයි සඳ මඬලයි
මැදින් හිනැහුණේ ඔබයි
හද සනසා සිත නලවා
නින්නාද වූ ගී වැල ඔබයි
ශ්වේත වර්ණයෙන් සැරසී
සරිගමපබනී ස්වරයෙන්
දශක පහක් කළ මෙහෙවර
අගයමි දහසක් මල් මෙන්
පෙරළිකාර වදන් පෙළින්
ලොවක් දිනූ නන්දාවතී
රුවන් වලා දුහුල් කඩක
සැනසෙනු මැන ඔබ සුවසේ
කවිය බලන්න
මෙම පද වැල් උපහාරයක්ම වේවා!
ආචාර්ය නන්දා මාලිනී මහත්මියට මෙම පද වැල් උපහාරයක්ම වේවා!
කුරුටු ගෑ ගී පොතේ
නුඹේ ගී දස අතේ
නුඹේ හඬ අද නැතේ
සිහි වෙද්දි දුක සිතේ
උපතෙ සිට ජීවිතේ
නුඹ සිටියා ගී පොතේ
කඳුළු පුරවා නෙතේ
දරා ගමි නුඹ සිතේ
අරලියා ලන්දක
සුමුදු සුව දෙන යහනක
ජීවිතේ කවියක
නොසිටියේ නුඹ කොතැනක
සඳ කිරණ නුඹම විය ගණ අඳුර එකළු කළ ...
ඉරුණු හද රුවල් නැව සුරැකුවේ නුඹ එකල ..
නුඹම විය ලන්දෙ පිපි
සොඳුරු අරලියා මල...
පවන නුඹ ගී රසින් හද විලම සිසිල් කළ...
ජීවිතේ ගී පොතම නුඹම වූ හින්දා...
හදවතේ පතුලින්ම නුඹේ ගී වින්දා...
නුඹත් ඉවසුවා බෝ ගැරහුම ද නින්දා...
අමා මහ නිවනින්ම සැනසෙන්න නන්දා...
කවිය බලන්න
මං බලා සිටියා
තනිකර මහා වන මැද
ලෙනේ දොර හැරපියා
ජීවිතය ද රැගෙන
නුඹ ගිහින් තිබුණා
ම 'පුතු දියණිය රැගෙන ....
නුඹෙ කඳුළු දැක දැක
මධු විතට ලොබ බැඳ
සැඳෑ කළුවර එක්ක
ගෙට වදින නරුම පෙම
බිඳ දමා තිබුණා
ලෙන් දොරද කවුළු සැම ....
විටින් විට ගියත් පෙර
යලි ආවේ මා සොයා
ප්‍රේමයෙන් වෙලී ගිය
අපට අපි නැතිව බැරි
කාලයත් තිබුණා
සිනාවෙන් පිරීගිය .....
ඊට පසු බිවිවේ නැ
මැණිකෙ මම හැදුනා
ඒත් යලි ආවේ නැ
මගේ පැටවුන් රැගෙන
මං බලා හිටියා
අද උදේ සිතාසිය ලැබුනා ......
කවිය බලන්න
ඉරහඳ තරු යට දිලිසෙන මිණිකැට
ඉරහඳ තරු යට දිලිසෙන මිණිකැට
සඳරැස් වතුරේ දිලිසෙන පිනිකැට
වැටි වැටි නැගිටින තරු කැට මුතු ඇට
වාගෙයි දරු කැල ගත් විට එක මිට
හිරු හිනැහෙන විට පිපෙනා මල් මිට
සිහිකර දෙනවා සිනහව මුව විට
පොඩි පැල ලොකුවී මහ ගස් වනවිට
දෝරේ ගලයි සිත මව් පිය යුවලට
කැටයම් වැඩ නැති සුනිමල හඬකට
සවන් තෙමෙනවා සුමියුරු වදනට
පා යුග සොලවා රැගුම් රඟන විට
වාන් දමනවා ගුරු සිත සතුටට
කවිය බලන්න
ෆ්ලෙක්සිබල් නන්දිනී
වචනෙකට බැල්මකට පුලුවන් අපොයි මිනිහෙක් මරන්ඩ
රසට රස ගීතයක් වයනා හදවතේ තත් සිඳින්ඩ
නීතියට ආගමට ඉහළින් හද සාක්ෂිය තියන්ඩ
කොහොම කිව්වත් මිනිස්කම ළග නන්දිනී නම් සරෙන්ඩ
අන්දකාරේ පහන වාගේ නන්දිනී නිති දැල්වුණා
කන්ද පාමුල ඇගේ පැල්පත ඇග හිනාවෙන් එළිවුණා
"රණ්ඩු මොකටද හෙට මැරෙන මට" කියන ඇය පස්සට යනා
ෆ්ලෙක්සිබල් නන්දිනී සමහර ඇසට, කටු අකුළක් වුණා
'එම්පතී" නම දන්නෙ නැහැ ඈ අලුත් තාලෙට කියවෙනා
ඒත් කාගෙත් දුක අහද්දී බඩේ ගින්දර ඇවිළුණා
"මම කරන දේ මට තියෙයි නිති" ඇගෙ තීම් එක එය වුණා
කාගෙ කාගෙත් පිරිපතේදී නන්දිනී මතකෙට එනා
සල්ලි මැසිමක් උනොත් ජීවිත, අනේ ඩිංගක් හිතන්ඩ
හන්දියේ මැද බැංකුවක් වී ඔබට පුළුවනි හිඳින්ඩ
ඉං එහා ගොස් සතුට සැනසුම ආදරේ රස විඳින්ඩ
නන්දිනී ඔබෙ හදවතේ මැද ඉන්නවා දැයි බලන්ඩ
කවිය බලන්න
අහිමි පපුවක උණුසුමක්..
දරාගනු බැරි ලසෝ ලැව් ගිනි දිවිය වෙත යලි එබෙන්න
දොරටු දොරගුළු තදින් වැසුවෙමි ප්‍රේමයට යලි නොඑන්න.//
බරට සුසුමන් හෙමින් පාකර
ගැඹුරු මුත් මුදු සුවඳ තවරා..
කවුරු හෝ සැරි සරා රහසෙම සෙනෙහේ පිනිබිඳු අතුරලා..//
අහිමි පපුවක උනුසුමක්.. මහට හිමි නැති හදවතක්
අකීකරු ලෙංගතු කමක් ...
හාදු වැස්සක් තබා තිබුනා ලොවේ කොයි කාටත් හොරා.
හාදු වැස්සක් තබා තිබුනා සියලු දොරගුළු බිඳ දමා
කවිය බලන්න
අප්පච්චිට ලියමි..
අකලට අහිමිවුණු සෙනෙහස ලැබ දෙන්න
ඔබ ඇය ගෙනාවේ පාළුව සිඳලන්න
අප හැම දෙනට සව් සිරි සැප ගෙන එන්න
දුරු රට ගිය අප්පච්චි මේ ගතු අහගන්න...
පාසල් වැඩට වැඩියෙන් උස රෙදි කන්ද
වළං පිඟන් ගොඩ ගැහෙනව ඉඳුල් ගඳ
කිස තුන්වේල නිම කළ යුතු මා නිබඳ
නැත්නම් ගුටිය ඉවසියයුතු පිට කොන්ද
දැන් දැන් අමතකයි පාසල් ගිය දවස
ගුරුගෙදරට යයි නංගි ගෙන සැරස
ඇවිටිලි කර ඉඳහිට යමි විදු පියස
කෙසේ හෝ නිවා ගන්නට සිප් පවස
නිතරම නතුයි මගෙ කොණ්ඩය ඒ අතට
බැරි තැන මම ම කැපුවා අඟලට කොටට
නංගිට රිදෙනවලු ඇද්දම ඒ ලෙසට
මට රිදෙනා බව නොදැනුනෙ මගෙ පවට
අප්පච්චිලගෙ සුරතල් පොඩි දෝණියට
හොඳ රස කෑම බෙදෙනව නිති බත් පතට
මම නිතර ම කන්නෙ ඇය කෑ ඉඳුල් කොට
මසවුළු නොපතමි'ය ගුටියට ඇති බයට
අත් පා ඇඟිළි හඳුනයි ගිණි පෙළෙලි සැර
මුහුණෙන් මතුවෙලා පැල්ලම් තිබූ වෙර
ඔබ එවු මුදල් දී අරගත් ඇඳුම් හර
නංගිගෙ මල්ලටයි සැම දින ගොඩක් බර
මගෙ පොඩි හිතට උහුළණු බෑ මේ ගැහැට
කඳුළු ම තමයි තනියට හිටියෙ ම රෑට
ඔබෙ පැතුමට කළයුතු යුතුකම් එමට
නැත්නම් දුවමි දෙව් ලොව අම්මා ලඟට
කවිය බලන්න
කවිඳුට කවක්
දම් දත් බොහෝ සොඳිනා
සාහිත වදන් වදනා
අටෙකි මස් තානා
වහන්සේ කී මහා නා
එ උතුම් දහමිනා
දන ට ඔවදන් දෙමිනා
දිනමින දන මනා
නෙක කව්ගී ද බඳනා
ඔවදන් දුන ද මුවිනා
කව් ගී ද තෙළි තුඩිනා
දහම ඒ අගනා
රකිනු බැරිවුණි එදිනා
මුත් එදම අගනා
දෙසුමුත් දන ට සොඳිනා
දුටු ළපටි කුසුමිනා
දුබල ගත සිත යති පිනා
කහ වත උනමිනා
තබමින උසෙක සොඳිනා
සුයාමය සොයමිනා
සැනින් ගතවුණි සයනා
විඳි සුවය සැනිනා
දම යදමෙකිය සිතනා
කුසුම් පෙති සිඳුනා
අපාගත සඟ ගතකි නොමනා
කවිය බලන්න
ගමට ගියෙමි
ගුරුපාරෙ බොරලු මත
අතුරලා කාපට් තීරු
පුංචි තේ කඩයත්
හෝටලයක්ව සරු
ඉපැරණි මහ ගෙයත්
අලුත් සළු පොරවන්
හුරුපුරුදු ගැමි සුවඳ
නොදැනෙයි සිතට දැන්
වියනක් සේ දැකුම්
වැව් තාවුල අයිනේ
බකිනි මල් ගහ නම්
එදා වාගෙයි අදත්
විඩා සිත සැනසෙන්න
ගැමි සුවඳ විඳගන්න
ගම්පියස වෙත ගියත්
ගමත් නගරය වෙලා
කවිය බලන්න
සඳගිරි සෑ බිම හන්තානේ.......
සිසිල් පවන් රැළි ගිරිහිස දසතේ හැමුවා
සුසුදු වළාපෙළ තුරුහිස් මුදුනත වැසුවා
විහඟුන් සිව්දෙස රස රස ගීතද ගැයුවා
සෑ මළුවම කිරිසුදු සුදු වතින් බැබලුවා
හිරුකුමරුන් අවදිවෙද්දි ඇසළ පෝය දා
සුදෝ සුදට සුදු ඇඳගෙන පව්මල සෝදා
සුවඳ කුසුම් වට්ටි පුරා මුව සිනහව රන්දා
උවැසි උවැසියන් පිරුණා වැසිපොද පරදා
සිත සැනසුම ලබාගන්න දහම් අමාවෙන්
සඳගිරියට දනන් ආවේ සතර දිසාවෙන්
හන්තානම සුවඳ වුණා සිල් මල් සුවඳින්
සදහම් අමදහර ගැලුවේ සඳගිරි මළුවෙන්
හිමි මුවගින් මුනිගුණ කඳ දුන්නේ සවනට
තෙරුවන් ගුණ දහම් අමා පහදා හරියට
මෙත්සිත් පා හිරු කුමරුත් කිරණඅඩුකොට
ගතේ වෙහෙස නිවාදැමුවෙ බොදුබැති දනහට
සිවිදෙසින් අවුත් හන්තානට තුන් මසක් පුරාවට
දුටුවා කළ වැඩ අපමණ සඳගිරි සෑ බිමේ නිමාවට
ලොව වසනා ලක්වැසියන් දුන් උපකාරද පිහිටකොට
සැදුවේ පඩිපෙල, මල් උයන සේම පොකුණද හැඩට
අළුයම ඇවිත් හිරු පුබුදයි මල් කැකුළු
උවැසි උවැසියෝ සිටියේ පෙරවා උතුරුසළු
හැඩවැඩ කරන්නට දැරූ වෙහෙසට සියළු
පින්පෙත් දුන්නේ සැමට වැඩකර සියළු
සඳකුමරියත් සුපුරුදු ලෙස හන්තානේ ගිරිහිසින්
සැන්දෑ සමේ බලනවිට දෝවන්නට සොමි කිරණින්
අසිරිය දැක සඳගිරි සෑ බිම රමණිය බවින්
මන්මත්වී එලුවාසඳ සිය සළුවත් කඳුයායම වසමින්
කවිය බලන්න
ඉබේ ඇවිදින්....
ගෙදර වැඩ ටික පසෙක ලා.. මා
හොර රහසෙ තනියම ඇවිත්
ඉවුර පසුකර වැවට බැහැලා
කඩාගෙන මල් මිටියකුත්
බලා ඉන්නට සිතුනෙ ඇයි? දෝ
දන්නෙ නෑ මා හේතුවක්
කියාගන්නට වචන නැතුවට
හිතේ ඇත නලියන දෙයක්
පංතියේ යාලුවගෙ අයියා
පංසලේදී හමු වෙලා
බෝධි මළුවේ කොනට වීලා
කතා කෙරුවා බොහො වෙලා
එනව කිව්වා වැවට හවසට
කුඹුරෙ වැඩ ටික නිම වෙලා
නොකිව්වත් මට එන්ට කියලා
මමත් ඇවිදින් ඉමි.. බලා
(පිංතූරය අන්තර්ජාලයෙන් ...)
කවිය බලන්න
යෞවනයට පිවිසි දියණියට
තෙළෙස් වස අවසන්
සිසු සැරිය නිමවිය අදින්
විසල් පිවිසුම පාමුල
නැවතිලා....
නුඹේ රුව දකිනු රිසියෙන්
බලා හිඳි කල ඉක්මිලා
රැඳෙනු නැත අම්මා යළිත්
නෙතු අයා පිවිසුමේ
දහවලේ හිනැහෙමින්
නුඹ එතැයි සිතා
සුළැඟිල්ල පටලා
ඇවිද ගිය කල ගෙවීලා
ස්වේත රැළි ගවුම
ගෙළ පැලඳි ටයි පටිය
මතක මන්දිර තනා
සැඟව යාවි හද පත්ලේම
දියණි නුඹ යෞවනියකි දැන්...
පය තැබිය යුතුවේ
මුවැත්තිය සේ
රුදුරු මාවත් දිග
සිහියෙන් සහ නුවණින්ම
කවිය බලන්න
Race
We were born to race
We did not know that
Race began with the neighbour
As toddlers we were groomed
to do better than
the nextdoor toddler
we didn't know
it was a race
In school we were taught to
out perform the classmates
In the university
it was for higher .grades
with that training
we were set against each
and every one
on different platforms later
Still we did't know
It was a race
We fought hard
naturally some came
on the top
some became top academics
some became bureaucrats
They started maneuvering
in a high caliber
strategic competition
some captured the positions
to give orders to the others
Some got into business
amassed huge heaps of money
simply bought the earth
built high rises
Now they look down through
the windows of the 50th floor
all dirty worms are at the bottom
Who is ready to serve me ?
Those who achieved the power
to give the orders
come in helicopters
and
land on the rooftop
helipads .
Now you see my friends
the race is not horizontal any more
It is vertical
Horizontal race is at the
ground level
That is running, jumping etc
and beating others
If you fall
you break a bone
Broken bones heal
You can compete again
that race is little primitive
but you have to bear it up
In vertical race
any fall is also vertical
then you will be
with the worms at the bottom
with fatal injuries
any sickness in the head instantaneously cured.
depending on the condition
you will be carried
to the hospital by the worms
or to the
place where the equality rules
by the vertical lot
Follow the hints carefully
select your race early
You simply can't remain
a spectator
you are born to race.
30-10-25
කවිය බලන්න
අපි අපිම ගැන.......
සසඳන්නෙමී මම
අපි අපිම ගැන
නොගැලපෙන තැන්
අපේ ජීවිතයේ
අතීතය පාඩම් කියා දෙනවා
නොදුටු නොඇසුන
හිතට නොදැනුන
කාරණා සැඟවී තිබූ
අන්ධ කර දෙනුවන්
මවන මායාවේ
විඳවීම ඉවසා හිඳීමක්
වින්දනය සේ ජීවිතේ
අතහැරුන තැන
අගය ඉස්මතු වී
සොයනවා රස
සොය සොයා හුන් තැන්
ලද පමණ මුලු
ලොවම සේ සලකා
ගුලි වෙනව එහි
සවන නෙත පියවා
මිඳුනු දා සිත
පවුරු සීමාවන්
ඇරෙනවා නෙත
ලෝකයට නිදහස්
යටත් වීමක්
තටු සිඳීමක් නෑ
හදවතයි පනවන්නෙ
සීමාවන්
එයයි නීතිය ආදරේ
විනිශ්චය හිත
සාක්ෂිය හර්දේ
මං දී
කවිය බලන්න
ඇයි මේ...!
බොහෝ මිනිස්සුනට නොමැති වරප්‍රසාද හෙම ලබන්න...
අහෝ සුනඛයෙකු වීලත් සුව පහසුව නිදියගන්න...
සහෝදරයො වගේ ගෙදර දරුවන් සමගින් සිටින්න...
මහෝඝයක් තරමට ඇති නෙව මුන්දෑ පින් කරන්න...
එහෙත් ඉතිං සුනඛ බවේ මෙලෙසින් උපතක් ලබන්න...
ඉහෙත් තියෙන්නැති මානය අන් අය පහතට හෙලන්න...
මහත් උජාරුවෙන් උඩඟුවී
ඉන්නැති, හරි තුටින්න...
බෙහෙත් නොමැති ලෙඩකි ඒක ප්‍රතිපල පසුවට විඳින්න...
ලොක්කෙකුවී ඇත්නම් ඔබ කුමන ලෙසින්වත්, හිතන්න...
සොක්කන් වූ අනෙක් අයට හෙලා තලා දුක් නොදෙන්න...
බක්කන්-ඔලු, වගේ හැසිරුනොත් වෙන්නේ, එය ගෙවන්න...
දක්කන් යන වඳුරු කුලේ හෝ බලු උපතක් ලබන්න...
ඇත්තේ එය බුදු දහමේ , සොයා කරුණු කියවගන්න...
සත්තේ පහදා තිබුණේ
'තෝදෙයිය'ගෙ වග කියන්න...
"ඇත්තේ මේ සුනඛ වෙසින්, පියා ඔබේ! " විය දෙසන්න...
මොත්තේ දැම්මා නොව බුදු හිමි හැදුවේ පහදදෙන්න...
ඉතින් මෙවන් දේ සුළු කොට නොසිත ඔබත් සිතට ගන්න...
බැතින් එදිනෙදා කටයුතු කරන් නිහතමානි වන්න...
වතින් පිදෙන සිනාව ඇති යමෙකුගෙ හදවත පිනන්න...
අතින් දමල නොවෙයි ලියුවෙ සථ්‍ය කරුණු බව කියන්න...
කවිය බලන්න
කෝළ නෙත් ඇති සෙනෙහෙවන්තී.
අවසන් වතාවට
එකම එක හාදුවක් දෙන්න
සැඳෑ සීතලේ
සුසුමක් වී විසිර යන්නට පෙර,
කෝළ නෙත් ඇති
මගේ සෙනෙහෙවන්තී...
වැටෙන පත් අතරින්
හෙමන්ත සුළඟක් එන විට,
මල් සුවඳක් සේ
ඔබේ මතකය
හෙමින් හෙමින්
මා වෙත පැමිණෙයි.
හදවතේ
කිසිවෙකුට නොපෙනෙන
ගැඹුරුම නිහඬ තැනක
ඔබ තවමත්
නොනිමෙන පහනක් සේ
දැල්වෙයි.
පාලු වීදි දිගේ
තනිව සරන විට,
ඔබ නැති ලෝකයේ
අඳුරට පවා
ඔබේ මතකය
එළියක් ව දැල්වේ..
තරු පිරුණු
දිගු රැයක
අහස දෙස බලා සිටිමි
එක් තරුවකවත්
ඔබේ සිනහව
සොයාගත හැකිදැයි
මගේ
කෝළ නෙත් ඇති සෙනෙහෙවන්තී ..
සීතලට ගුලි වූ
මේ තනි හදවතට
ලෝකයක් නොවේ...
ඔබේ එකම
උණුසුම් හාදුවක
මතකය පමණි.
අඳුරු මාවතක
මගහැරුණු සඳක් සේ
ඔබ දුරස් වූ පසු
මට
මාව අමතක ව ඇත.
කාලය ගෙවුණත්,
සෘතු මාරු වුණත්,
අප සරන ලෝකය
නවමු වුණත්,
මගේ හදවතේ
ඔබ වෙනුවෙන් වෙන් කළ
ඒ කුඩා නිහඬ බිංඳුව
කිසිදා වියැළී නොයාවී..
ජීවිතය
එක් දිනක දී
නතර වුවත්,
අපේ ආදරය
හමා යාවී
සුළඟක් වී
තුරු අතරින් ගලා යමින්,
මල් සුවඳක් වී
දුර අහසක විසිරෙමින්,
නොදැනීමම
ඔබ වෙත ..
අවසන් වතාවට
එකම එක හාදුවක් දෙන්න,
කෝළ නෙත් ඇති මගේ සෙනෙහෙවන්තී...
කවිය බලන්න
ගිටාරය තනිවෙලා
ගිටාරයේ තත් අතර
ඇඟිලි තුඩු නටවන්න
දිනක් එනතුරු ළඟක
බලන් ඉන්නව තවම
රැකියාව හරි බිසී
ඒත් ඉඩකඩ ඇතී
කාලයක් තිබු අපී
දැන් බලයි නැති ගති
යාලුවෝ විසිරිලා
ලෙඩ රෝග වැලඳිලා
තවත් අය තනිවෙලා
සමහරෙක් නැතිවෙලා
ඒත් ඉඩකඩ අරන්
එනඋන්ව පිලිඅරන්
සනසන්න මගබලන්
ගිටාරය ඉවසපන්
කවිය බලන්න
ගියෝතින් නුඹට පෙර
ගියෝතින් නුඹට පෙර
එපා මල් ගෙන එන්න
එපා මුව මඬල මත
මුදු හාදු තවරන්න
සිතින් සිත අල්ලාන
ගෙවුණු පෙර දින සේම
කොඳුරමින් පවසන්න
මා නුඹේ දිගුව බව
නෙතින් නෙත බලා ගෙන
අතින් අත පටළා ගෙන
පපුව මැද විදිලි කෙටි
ප්‍රේමයක පාට හැඩ තල
අපි දන්නේ කෙලෙසකද?
මගේ සිතැඟි වල දිගුව
නුඹ
නුඹේ සිතැඟි වල දිගුව
මම
ඉ
24/08/26
Photo Credit: Mayron Oliveira
කවිය බලන්න
තනි නොතනියට
තනි නොතනියට
නෙත ලඟ රැඳි නුඹ
හින්දා
හද මැද දිරිය
පිරිලා හරියට
කන්ඳා
සිඳ නොම වේය
කිසිදින බැමි ඇත
බන්දා
ඉමි සසරේම
ගුණ කඳ වෙයි මගෙ
රන්ඳා
වැදි වැදි අකුල් ඒ මේ අත
වැදෙන සද
රිදි රිදි ගියද අවනත නොව
මහද මැද
ලැදි ලැදි මුවඟ මයෙ දෙනෙතේ පිපෙන සඳ
සිදි සිදි ගියා අවරට දොර පලුව බිඳ
මඳනල රහට නුඹෙ සුවඳම බෙදන නියා
අවපස සඳද මුහුණට වන් සිසිල තියා
ලවනත සුහුරු පද ඉහිරිය පෙමට වියා
මඳහස තුරුණු විය අමතයි නෙතුද පියා
පෙම් වැල් නැවුම් වී ගයනා හෝරාවයි
දම් වැල් බැඳී අමුණන මේ
ආදරයයි
ගුම් නඳ නැඟී බිඟුවන් පෑ තාලයමයි
නිම් හිම් නොවේ දෙහදක් පිපි
කාලයකයි
නෙත ලඟ රැඳි නුඹ
හින්දා
හද මැද දිරිය
පිරිලා හරියට
කන්ඳා
සිඳ නොම වේය
කිසිදින බැමි ඇත
බන්දා
ඉමි සසරේම
ගුණ කඳ වෙයි මගෙ
රන්ඳා
වැදි වැදි අකුල් ඒ මේ අත
වැදෙන සද
රිදි රිදි ගියද අවනත නොව
මහද මැද
ලැදි ලැදි මුවඟ මයෙ දෙනෙතේ පිපෙන සඳ
සිදි සිදි ගියා අවරට දොර පලුව බිඳ
මඳනල රහට නුඹෙ සුවඳම බෙදන නියා
අවපස සඳද මුහුණට වන් සිසිල තියා
ලවනත සුහුරු පද ඉහිරිය පෙමට වියා
මඳහස තුරුණු විය අමතයි නෙතුද පියා
පෙම් වැල් නැවුම් වී ගයනා හෝරාවයි
දම් වැල් බැඳී අමුණන මේ
ආදරයයි
ගුම් නඳ නැඟී බිඟුවන් පෑ තාලයමයි
නිම් හිම් නොවේ දෙහදක් පිපි
කාලයකයි
කවිය බලන්න
යදින කිරි
තෝනිගල කඳු ඉමේ
පිපි කරබ
මල් කැකුළ
හිරුට අවනතව පෙති
විහිදුවන
හැටි ඔන්න
වියළුව ද කඳුළු ඔබේ
කිරි යදින
තනපුඩුව
නගින පියගැට පෙළේ
අරලියා
මල් පොකුර
කිනිත්තට බර නොවී
පාව යන
හැටි ඔන්න
වියළුවද කඳුළු ඔබේ
වීදි පිස
හමන නළ
කටාරම් කෙටු ලෙනේ
බුදුපුදට ආ
කුමුද
සඳුට අවනතව පෙති
විහිදුවන
හැටි ඔන්න
වියළුවද කඳුළු ඔබේ
හිස්ව ගිය
මහ ගෙදර
සැනසෙන්න ටික දුරයි
නාටකයේ
තව ඉතිරි
Photo Credit; Simon
කවිය බලන්න
හඳුනා ගතිමි මම
පෙරුම් පුරමින් කාලයක්
සිටිය මම විමසමින්
අරුත කීම අරුත කීම
ගැබ්ව ඇති දහම තුළ
ලබා ඇත ඇරඹුමක්
කරා යන ගමන් මග
සහිත වැටහීමක්
ඇත කයක් මම නමින්
ජීවයක් ලබා දෙන
සිතක් ඇත කය සමග
කරන්නට කටයුතු
දොඩනා වදන් වල
සිතුවිළි වේ පෙරමග
ඇති වෙමින් නැති වෙමින්
කිමිදෙමින් ඉපිලෙමින්
විවිධ වූ සිතුවිළි
ගලා යයි නිරතුරු
තමා සතු නැත කිසිත්
පාලනය කළ නොහැකි
නොනවතින පැතුමන්
ඇතිව නැතිවන බවක්
දැනේ මට හැඟේ මට
වෙනස්වන කයක් ඇති
වෙනස්වන සිත් ගොන්න
තුළ කෙනෙකු නොමැති බව
දැනේ මට හැඟේ මට
හඳුනා ගතිමි මම
නොමැති බව අවසන
සත්වයකු මම නමින් !
පුගුලෙකු මම නමින් !
Photo Credit: Abhijeet Gourav
කවිය බලන්න
සමනල සඳෙස -39
සමනලයා දුටු රජසිහ දස්කම්
සිරි සුමන සමන් දෙවොල -39
587. දැය - හිතකාමෙන් දියුණුවෙ
- හැම දෙයට ම අත ගැසූ
රජසිහ - රජු ඉදි - කළ බව තතු
- ඇත රුපු බල නැසූ
සපරගමුවෙ සුමන සමන්
දෙවොල ඉදි කෙළෙන් පසූ
මෙ - පුර සිරි වැනූ බව
හ`ගවති කිවිවරු පෙර විසූ
588. සිරිපද වැඳුමට-පිදුමට-වැණුමට රජ මඟ දිගේ
දෙවොලට විත් බාර හාර වී යන සිරිතක් වගේ
මිණි කැට සඟවා කොමලියො පහළට ඇදෙනා රඟේ
සමන් දෙවොලටත් පුද දී සෙවණැලි සැඟවෙයි ගඟේ
589. පතිකාලුනගෙ කොටුවක බල
විඳ -සිඳ -බිඳ දමමිනේ
දෙවොල සැදූ දා සිට රුපුනෙඩි
ඔද ගෙල සිඳිමිනේ
සමන් දෙවිඳු නමට බැතින්
සුරැකෙන රට-දැය අනේ
සමන් දෙවොල පවතින තුරු
ලක්මෑණිගෙ පින දැනේ
590. මැදුරට පිවිසෙන දොරටුවෙ
නෙක දෙව් රූ ඇත අඹා
ගජ දළ දෙක දිලෙයි නිබඳ
පහන් එළිය ලැබ දඹා
හේවිසි හොරණෑ නද දෙයි
උදයට - සවසට හඹා
“රණවිරුවකු” ලෙස පෙරහරෙ
ගමන් ගනී මහ - බඹා
591. වෙහෙරෙහි වැඩ සිටිති බුදුන්
අගසව් දෙනමත් ළඟින්
පත්තිනි දෙවොලෙහි සළඹට
වැඳ යති දන බැති සිතින්
හුදු දන බැති පුද දී දෙව්
මැදුරට වැද සිත් උසින්
පැතුමන් බොඳ කරගන්නෙ ද
සලා කඳුළු නෙතු අගින්
592. බෝ රජවරු දෙ පසින් වැඩ
සිටිනුයෙ සෙබලුන් මෙනී
ගල් උළුවහු පෙර සිටි
යෝධයන්ගෙ උස ගෙන මනී
දොර පලු රහසිං නිරිඳුගෙ
කැටයම් - ලියකම් දනී
පිය ගැට පෙළ දන සිය-
-දහසකගෙ දෙපා සිප ගනී
593. රජ දවසෙහි කළ ලී
කැටයම් අදටත් නැත කැඩී
ගල් ටැම් සඳගල නිසලය
ළිඳ අඩි හැටකට වැඩී
සේසත් - මුතුකුඩ - අබරණ
හී - දුනු - කරඬුව - කොඩී
පෙරහර දින බොදුනගෙ
කර පිට නැඟ එළියට වඩී
594. හෙළ රජුනගෙ රජ අණගෙන
යන රජ හඬ බෙර පදේ
සිහි වනු ලෙස දැය අනුරාගය
මන තුළ බැඳ හදේ
දින-දින රැය-අලුයම හා
දහවල නිවැරැදි ව දේ
තේවාවේ බෙර-තම්මැටි
සක්හඬ සවනත වැදේ
596. හරසර පෙන්වන හැම
වසරක මස බිනරෙට එබී
පුර හඳ නැබ දිසි වන සඳ
දෙවොල් මිහිර රස බිබී
සර වර බැඳ “ගජ-මනු” එක
පෙළ වැල ලෙස ඇදි-ඇදී
පෙරහර යති යනැත්තො
නොදකිති පෙරහරෙ ලතාදී
597. සුමන සමන් දෙවි පිහිටයි
“කරුණාවයි” සැම කලේ
තැන-නොතැන ද අනුහස
එක තැනකට නැහැ ගොනු කළේ
සපරගමුවෙ සහ ඇති සැම
කොණකට බල වැඩි කළේ
ලකට - වැසියනට නොඅඩු ව
ලැබ දේ දෙවිඳුගෙ බලේ
(මතු සම්බන්ධයි.)
2026.09.01
කවිය බලන්න
ඔබයි අම්මා..............
මිහිමඬල අහස්ගැබ
බබළවා එලිය කළ
නොහිම් පින් කෙත
ඔබයි අම්මා
සතර බඹ විහරණය
දෙගොඩ තලමින් ගැලූ
මහා ගංගාව
ඔබ අම්මා
කරදියෙන් ගොඩ යන්න
දිවිපුදා උර දුන්න
උතුම් පුතු වැන්ඳ
ඔබ අම්මා
අපේ ජිවන මඟේ
මහා පන්දම් වැටේ
උඩින් පෑයූ සඳයි
අම්මා
කුලුණුබර හදේ රැස්
මාලාව ගිලිහුණා
පෑ සෙනේ ඒත්
නැත නිම්මා
ආදරෙන් එදා දුන්
සොඳුරු උවදන් අදත්
රාව ප්‍රතිරාව දේ
පෙම්මා
මෑණියනි අගෙයි ඔබ
එදාටත් වැඩිය අද
කෙසේනම් කෙසේ
වෑවෙම්මා
දෙව්තලය ඔබතුලය
ඔබට හිමි සුව යහන
ලෙස පතා අදට
සැනසෙම්මා
සසර ගෙවනා තුරා
සතර මඟ සතර පල
දකිනතුරු ඔබයි
මගේ අම්මා
කවිය බලන්න
මියැසි නිවන
මොසාර්ට් බේතෝවන්
බ්‍රෑම් චයිකොවුස්කි සමගින්
පාව යමි
සත්සර සයුරු තෙර
අපරදිග රළ නැගෙයි
පෙරදිග වෙරළෙහි
වයලීනය ගිටාරය
පියානෝව හා
මුසුවන අපූරුව
මා හද සිතාරය
තරණය කරමි
දේශ සීමා
වදන් රහිත මියැසිය
මා ගෙන යයි
හිස් අවකාශයක් වෙත
නිකෙළෙස්
කවිය බලන්න
පරමාධිපත්‍යය බලය
පරමාධිපත්‍යය බලය කියන්නේ
පෙනෙන රාජකීය සිහසුනක් නොව
අපරිච්ඡේදිත සිතින් උපදින ආලෝකයකි.
එය කඩු මුවින් නොව
නිහඬ විමසුමකින්
සත්‍යය සොයා යන මාර්ගයකි.
අඳුරු කාලවල
අදෘශ්‍ය හඬක් ලෙස
ජන හදවත තුළ හඬන සත්‍යයකි.
නීතියේ සීමාවන් අතර
අර්ථයෙන් නිදහස්ව
යුක්තියට ජීවය දෙන ශක්තියකි.
අධිකාරියෙන් උස් නොවී
වගකීමෙන් ගැඹුරු වූ
අභ්‍යන්තර ධර්මයකි.
නිදහස කියන සිහිනය
වෙනුවෙන් දිවිදුන් කාලයන්ගේ
නිහඬ උරුමයක් ලෙස එය පවතී.
කවිය බලන්න
කැට උයන්වල පටු හැඟුම්
කොතනක ද ? අහස් කුස
පර්චසය එක දෙකයි
එතැන බිම කොන්ක්‍රීට්
සිටියෙ පුටු සැටි උඩයි
ටකරමට හිස ළඟයි
කැටවලට පය තියයි
ආදරේ උණුසුමට
පැණි බීම තොල ගායි
තුරුත් නැති මලුත් නැති
ප්ලාස්ටික් මල් පිපෙයි
හැඩ අරං වට කැදලි
ඒ ඇතුළෙ පෙම් බඳියි
දිය ඇල්ල සිමෙන්ති ය
දිගේ පහළට වැටෙයි
දැනෙන ඇගෙ පහස සුව
දාඩියට තෙත බරයි
තණ බිමට විලුඹ දී
හිටිය කාලය නිමයි
කණුවලට පිට තියා
ප්‍රේමයට අත වනයි
කවිය බලන්න
දන්නවද අමර
ඒ සල් ගස
අද එතැන නැහැ
අමර...
ඉඳිවී දෙමහල්
සාප්පු සංකීරණය
එයා අයිතිකරු
මමත් එතැන වැඩ
සුනිර්මිත සුවඳ
සීත වායු ධාරා
අහුමුළු සිසාරා
ඒත් දන්නවද...
ඒ සල් ගස යට දැනුණු
සුවඳ සිසිල
මම අදත් මෙතැන
සොයනවා අමර...
කවිය බලන්න
එකමත් එක දවසක
නුවර ලස්සනද?
අහන්නෙපා ඇගෙන් කිසිදාක ඒ ගැන,
නුවර ලස්සන නෑ එක් ගැහැණු හිතකට...............
යමෙක් හමුවී වැව රවුම ළඟ
පැයක් කීවා දැනෙන හැටි ගැන
කොතෙක් සුන්දර නුවර අහස් ඉම
හැඟේ දුක්බර පද පෙළක් ලෙස
සිටිත් උත්තම දළඳාව වැඩ
ඇසෙත් තේවාව දසත තුන් පැය
පාන් එළියට මූසල පාළු ගතියට
වැව් දිය රැළි නගයි ශෝක හඬ
මමත් යන්නට හැරී අහනවා,
කිමෙක් හේතුව එහෙම වන්නට.................
ගැහැණියක් හඬනවා තාමත් -
හදේ ඇවිලෙන මහා ගින්නක
ඇගේ දරු දුක ඇසේ අදටත් -
විඩාබර ඒ නුවර සිව් දෙස
නිල්වන් කෙස් කළඹෙ දවටා
මාලි ගෙන ආ දළදාව ළඟ ගැහැණු දහසක් හුස්ම ඉල්ලා-
දණින් වැටුණා නොමිනිසුන් ළඟ
වසර ගණනක් ගෙවී ගොස් ඇත
ඈ තවමත් සෝ ගී ගයා වැළපෙන
ලොවක් වැන්දට දළඳාව ළඟ
ඈට සැනසුම නැතිවුණා නුවර දිය යට
අදත් මිනිසුන් කියයි හර බර
හිතින් මළ ගැහැණියක් ගැන......
කවිය බලන්න
සිඳී ගිය මතක දිය සුළි අතරේ......
සිඳී ගිය මතක දිය සුළි අතරේ
මූලයන් සොයා පහළට ඇදෙමි...
කළු පැහැති මහ පොළොවෙ ගැබ ඇතුළේ
නැවුම් ජීවයේ හුස්මක් තබමි...
දැවී ගිය අතු අගින් ඉගිල යන
අළු ධූලි සුළඟටම භාර දී,
පෑරෙන්නෙ නැති හදක පැතුම් බිජු
නිහඬවම පැළවෙන්න ඉඩ හරිමි...
හැඬූ තරමට වැටුණු කඳුළු බිඳු
පොළොව යට දිය උල්පත් කරමි...
අඳුරේම මගෙ මුල් ඇදී යන විට
එළිය ගැන රහසින්ම පවසමි...
ඉරිතැලුණු මහ පොළොව පළාගෙන
යළි දිනෙක හිස ඔසවමි...
කුණාටුව පැමිණි අතුපතර බලා
අලුත් මලක්ව හිනැහෙමි...
කවිය බලන්න
බස් නැවතුම්පොල
පසුගිය දිනක පෙරවරු දහයට විතර
යන්නට හිතා මම යෙහෙළියගෙ ගෙදර
එනතුරු බසය බස් නැවතුමෙ සිටි අතර
කෙනෙකුගෙ රුවක් ළඟ දෑසම විය නතර
බැලුවම ටිකක් පෙනුමට ආඩම්බරනේ
එනමුදු දැනුනෙ ඒ රුව ගැන කෑදරනේ
යන එන ගමන හැසිරීමත් සුන්දරනේ
දැන ගත යුත්තේ දැන් ඔහු ගැන විස්තරනේ
බස් නැවතුමේ සිටි කාලය පැයට ළඟයි
දැන් හිත මගේ නිතරම ඔහු ළඟට දුවයි
ඇල්මෙන් හිනා පෑවත් නෑ අහක බලයි
අන්සතු කෙනෙක්දෝ පැනයක් මගෙන් අසයි
ක්වේට්
කවිය බලන්න
කඳුළක දුක සැඟවී....ම
කඳුළක දුක සැඟවී....ම
සතුට මුව'ග තැවරී.....ම
කවුරුද කළෙ නොදැනීම
පු දු ම ය කී...
සිතුවිලි ගඟක ගැලී....ම
කවියක වදන් තැබී.....ම
එළිසම විරිත රැකී...ම
අ රු ම ය කී....
ස රි ග ම පද ගැලපී...ම
වෙණ තත් සුසර කිරී...ම
සුමදුර හඬක ගැයී...ම
සි හි න ය කී....
ලන්ඩන් කවි සඳහා.....ම
මෙලෙසින් පද පබැඳී.....ම
සිතට තුටකි, නොකියා....ම
බැ රි ය ස කී...
(ගජමන් නෝනා කිවිඳියගේ දෙනිපිටියේ
නුගරුක කවියෙහි විරිතෙන්)
කවිය බලන්න
මායම් කවි
අතුරු මිතුරු දඹදිවතුරු කියන්නට
මිතුරු කිසිත් නැත දැන් දුක කියන්නට
අතුරු නැතුව සිතුවිලි සිත පිරෙන්නට
අකුරු එකතුවෙන්නෙම කවි ලියන්නට
හිතේ නිතර සිතුවිලි නැග වද දෙනවා
පොතේ ලියන්නට මැලිවී ලත වෙනවා
ගතේ රිදුම් වයසට යනකොට එනවා
අතේ සතේ නැතිවිට කළහැකි මොනවා
අඳුරු ලලා මහ වැසි බිම වැටෙන කොට
පඳුරු ලලා හිත යට දුක නැඟෙන කොට
සොඳුරු වදන් කවියක් වී මැවෙන කොට
ඉඟුරු සුවඳ තේ බිඳකින් දැනෙන කොට
තේරුම් කර අරන් අකුරින් අකුර දැමේ
බේරුම් කරන්නට ආයෙත් කපා දැමේ
ඊයම් වගේ සමහර පද කිඳෙයි ළැමේ
මායම් කවියකිය මේ මා ගැනම නෙමේ
මාවත දිගයි කතරක අපි ඇවිදිනවා
ආනත වෙලා ඒ මග තව වද දෙනවා
සාගත මල්ල කරපිට බර උසුලනවා
ජීවිත ගමන කෙදිනක හෝ නවතිනවා
2026 අගෝස්තු 8 දින
කැලිෆෝනියාහී දීය.
කවිය බලන්න
ඇසල සඳකැන් දිගේ
බැලූයෙමි අහස් කුස
දිටිමි ඒ ඇසල සඳ.
මෙල්බන් අහස් කුස තුල
නොදිටිමි කිසිදු වෙනසක්.
චන්ද්‍ර වංශ සංස්කෘතියක්
අපවටා ඇති හෙයින්
නෙත් යොමන විට සඳ වෙත
පෙනෙන්නේ බොදු ඉතිහාසයයි.
බලත පස් මහ බැලුම්
දිටී ගුණ පිරි මායා මවුන්
වඩිති පොලවට අප මහ බෝසතුන්
ඇසල සඳ කැන් දිගේ.
සොඳුරු බිම්බාවන් අතැර
සිඟිති රාහුලයන් අතැර
වඩිති වනයට අප මහ බෝසතුන්.
ඇසල සඳකැන් දිගේ.
බරනැස ඉසිපතන මිගදා වන අසල
නහවමින් ලොව කුළුණු ගුණ පතල
දුරලමින් සසර දන සිත් කසල
හඬවමින් අමා දම් බෙර නද
කුළුදුල් දම් දෙසති නව බුදුන්
ඇසල සඳකැන් දිගේ.
Photo Credit; Yuki Ho
කවිය බලන්න
නුඹ නිදන තැන..
සිඳී ගිය වැව් තෙරේ මැරුණු මල් වල සුවඳ
බිඳී සිත බැඳි දැහැන දිගට යන්නට නොඉඳ
කෘශව ගිය ඉපල් ගස් රත් පැහැය හැඳ පැලඳ
එබී හිස නගයි උන් අසන්නට සඳ පබඳ
දුක හිතී ඇහැල මල් බිම බලාගෙන සිටින
උහුල ගන්නට බැරිව නැමී පොලොවම සිඹින
වසර ගණනක් පැරණි මිහිදන්ව ගිය සිහින
සිනිඳු මුදු පෙති සමග නැගිට රහසින් දොඩන
කිරල හැඬුමකි දුරින් පපු කුහර හිරිවැටෙන
කන කොකුන් පේලියකි පාලුවම ලුහුබඳින
කවිය බලන්න
දේව අසපුවේ වියසනය
අහසින් වැටි හිම කන්ද ගලාලා
අනෝතත්ත විල ඉවුරු තලාලා
වියරු වෙසින් ගිරි හෙල් ද පලාලා
දිවෙති අසුර සෙන් නියම්ගම් බලාලා
සුර අසුර සටනින්
ජයගත් අසුර සෙන්
දිව යති වියරුවෙන්
වනසා සුර විමන්
කෛලාශ කූටය
ශිව දේව විහාරය
බලව මේ විනාසය
කිමද ඔබගේ නිහැඬියාවය?
පෙර කල සිදුහත්
වැඩ විසූ කිඹුල්වත්
බොහො දනෝ සිටි සිල්වත්
එවක මේ රට වීය බලවත්
දුකට පත් සැම දනන් වෙනුවෙන්
මෙත්, කරුණා, මුදිතා, උපෙක්කාවෙන්
නිහැඬිවූ දෙවිවරුන් නොතකන්
අපි අත දෙමු සැදැහැ සිතින්
කවිය බලන්න
ආයාචනා............
තුරු ලතාවනි සුනිල වූ
පුබුදුවාලනු මැනවි කුසුමන්
ළඳළු මත තුරු හිස් මුදුන්වල
සොඳුරු සුවඳක් විහිඳුවා.
තාරකාවනි නිමල වූ
දිදුලමින් යළි සිනාසෙනු මැන
සීත රැයෙ තනිකම මකන්නට
අතීතයෙ සිතුවම් අඳින්නට.
නදී කොමළියෙ සොඳුරු වූ
ගලායනු මැන නොනැවතී ඔබ
රුදුරු බාධක සිකර අතරින්
සිඳු මවුන් වෙත සෙනෙහසින්.
සඳ කුමරියනි රුසිරු වූ
එබී එනු මැන වළා අතරිින්
රුදුරු ඝනඳුරු අහස් තලයක
පාළු තනිකම මුදා ලන්නට.
සරණ සියොතුනි නුබ ගැබේ
මියුරු පදවැල් ගයනු නිරතුරු
වැටුන පිණිබිඳු මැකී යන තුරු
හදවතේ යළි මල් පිපෙන්නට.
වැහි වළාවනි අඳුුරු වූ
පතිත වන්නට ඉඩ හරිනු මැන
එකට ගොනු වුනු ඔබේ කඳුලැළි
දැවෙන මා හද ගිනි නිවෙන්නට.
දරණ හැම දුක් මිහිලියේ
වැළඳ ගනු මැන දෑත් විහිදා
සෙනෙහසින් මා ඔබේ තුරුළට
සියලු දුක් ගිනි නිවාලන්නට.
කවිය බලන්න
තනිකම
එකින් එක පෙති දිග හැරී ගෙන සුවඳ
කඩුපුල් පිපෙන්න
අහුල ගන්නට සීත පිනිකැට පොකුරු
මල් මත වැටෙන්න
අමතකව ගිය සිනා මුවගට යළිත්
හෙමිහිට නැගෙන්න
රිදී තරුකැට පිරුණු අහසට නැගී
සඳවත දිලෙන්න
සිහින් හිරි පොද වැටී පොළවට
සීතලට ගත තෙමන්න
දෑත් එකිනෙක පටලවාගෙන
සීරුවට පිය නගන්න
සඳේ සාවිට රහස් කොඳුරන පාට
තරු කැට බලන්න
දෑස් පියවෙන සොඳුරු රැයකදි
හීනයක ළඟ හිඳින්න
දුරක ඇසෙනා රෑහි හඬකින් නැගෙන
සිතුවිලි මකන්න
සීත සුළඟක පාව රහසින් සුවඳ
හදවත නිවන්න
නෙතේ සිරවුණ රිදුම් සඟවන්
සිනාවක සුව විඳින්න
රැයේ තනියට ඉගිළ ඇවිදින් කදෝ
පැණියනි වයන්න
කවිය බලන්න
අසෙනි වැසි වැටෙන රාත්‍රිය
මා දෑස් බැඳ දමා මෙහි රැගෙන ආ ඔවුන්
මොළය හැසිරෙන අයුරු කොපි කරන
යන්ත්‍රයක මා ගැට ගසා
සන්සුන්ව නොසෙල්වී සිටිය යුතුයැයි කියති
දියෙන් ගොඩගත් තිත්තයෙක් සේ මසිත සසැලෙන
අසෙනි වැසි වැටෙන කුරිරු හුදකලා රාත්‍රියේ
නුහරු අසරණ බැවින් චිත්ත සන්තානය දැවේ
...................................
මා හා දොඩන මානව රූපි රොබෝ වරයෙක්
මසිත හැසිරෙන අයුරු සහ
අමතක නොවෙන සිද්දීන් කිහිපයක්
නිවැරදිව පවසා මඳ සිනහවක් පායි
අනුමැතියක් නැතිව දඩබ්බරයින් විලස
දත්ත ගබඩාවට සීමා නොකර
විඥාන කදම්බයද සොරාගන ඇතිදැයි
මහත් සැක බිය සිත ජනිත වේ
මවෙත යොමුව ඇති ගුප්ත නෙත් දුටු විගස
"නැවත හමු වුනොත් කතා නොකර පල"
කෑගසා කීවෙමි
17.08.2026
කවිය බලන්න
ස්වණමාලී විමානෙන් බැස ගියාය
නියං වැහි බිඳු එක දෙක
රූටවිත් තුරුපත පිස
වැටුණු බිම නෑඹුල් සුවඳට
නාස් පුඩු කිති කව කව
දූවිල්ල පිරි කොරිඩෝව කෙළවර
මළානික වූ මලක් ඉකිලන....,
සුදු වතට නිවුනු මුදුවත
කෙළෙස් සතුරන් අඩපණ
කොහේදෝ දුර ඈත සිට
ඇසෙයි, ගොරහැඬි හඬක් එකවර
වග උත්තරකාරිය
ඔබට කිවයුතු දෙයට අවසර..,
විත්ති කූඩුවම භ්‍රමණය....,
ගඩොලින් ගඩොල තබමින
තැනූ සෙනෙහස් පුදසුන
ගසා කුළුගෙඩි පහර වෙරගෙන
ඉරි තැලුවෙ බොහෝ පෙරදින
දුක් තැවුල් සෝ සංකා පඳුරුලන වනමැද
අපෙ ස්වර්ණ විමනට
ගත්ත හවුසින් ලෝන් එකෙ
තව වාරික කිසිවක්ම හිඟ නැත
ගැමුණූ......,
දොර අගුළු තදකොට
ගොලුකළේ මන්ද මේ ලෙස මා මුව
නිදහසට හේතූ.......,
නිහඬ බව යළි යළිත් බිඳ දෙදරන
නැත ස්වාමීණි.....,
හේතු කිසිවක් නැත
කොන්දේසි අවැසි නොවේමය
සුනුවිසුනු වූ හදකට මිලක් වෙද මිහිපිට
නඩු ගොනුව වැසුනී
කඳුළු අත්සන් බොඳව තිබුනී
ස්වණමාලිය විමානෙන් බැස සිහින් පියවර
මිහිමඩළටත් බරක් නොදැනී...
කවිය බලන්න
සොයමි මම පා සටහන්
සුදු වැලි මලුවට පිය මැදින් යද්දී,
හිතත් හෙමින් හෙමින් සිහිනෙන් පිරෙද්දී,
රැල්ලක් ඇවිත් මගේ පාද හොයද්දී,
ඔයාගේ මතකත් රහසේ හමනවා ගිගුම් දී
සඳ පායන විට රෑටත් නිහඬව අහසත්
තරු වලින් සිනාවෙමින් මෘදු ලෙස
මුහුද කියන කතාවක්
අහන්න හිතුනොත් එකේ හැම වචනයක්ම
ඔයා වගේම ලස්සනයි වැලි මත
ලියපු අපේ නමක් තිබුණා
රැල්ලකින් ඒක හෙමින් මැකුණා
ඒත් හිත තුළ ලියපු ඒ සෙනෙහස
කවදාවත් මැකෙන්නේ නෑ කියලා දැන
කවිය බලන්න
පරමාධිපත්‍ය බලය - රුවිඳු හිමායා
පරමාධිපත්‍යය බලය කියන්නේ
පෙනෙන රාජකීය සිහසුනක් නොව
අපරිච්ඡේදිත සිතින් උපදින ආලෝකයකි.
එය කඩු මුවින් නොව
නිහඬ විමසුමකින්
සත්‍යය සොයා යන මාර්ගයකි.
අඳුරු කාලවල
අදෘශ්‍ය හඬක් ලෙස
ජන හදවත තුළ හඬන සත්‍යයකි.
නීතියේ සීමාවන් අතර
අර්ථයෙන් නිදහස්ව
යුක්තියට ජීවය දෙන ශක්තියකි.
අධිකාරියෙන් උස් නොවී
වගකීමෙන් ගැඹුරු වූ
අභ්‍යන්තර ධර්මයකි.
නිදහස කියන සිහිනය
වෙනුවෙන් දිවිදුන් කාලයන්ගේ
නිහඬ උරුමයක් ලෙස එය පවතී.
කවිය බලන්න
මතකෙ සවිදෙයි අත්වැලක්වී ,,
නිවී සැනහුන හිතක නිදහස්
හැඟුම් පිබිදුන සීරුවෙන්
ගෙතී පදවැල් මුහුව රසකර
පිරුන හිතයට වාරුවෙන්
ඈත දුරවුව පෙනුන මානෙක
පියතබන් හරි සීරුවෙන්
හිතේ ඇඳුනේ මතක සටහන්
නිදන්වුන හිත ප්‍රේමයෙන්
සීත හුළඟක මුහුව පාවෙන
හිතක් නිවෙනා සීතලෙන්
ඈතමානෙක සුවඳ දැනුනා
සවියදී හරි වාරුවෙන්
ගේන හිතයට හීන පොදිබැඳ
අත්වැලක තිබු වාරුවෙන්
මතක අහුරක සවිය තිබුනා
ඇවිද යන්නෙමි සීරුවෙන්
ලිහුන අත්වැල අදත් හෙව්වා
හිතක පුරවපු මතකයෙන්
තනිය හිතලඟ මගම බැලුවා
සිහිවු හෝරා ඉකිලමින්
පෙනුන මග දුර ඇවිදයනවිට
නිදන්කළ ඒ ආදරෙන්
සොඳුරු සිහිනෙට ඇවිත් උන්නා
හිතට සවිදී සීරුවෙන්
ස්විස්ටර්ලන්තයේ සිට
Photo Credit: Eldar Nazarov
කවිය බලන්න
සිත් පවුරේ කවියක්
නෙත් මානෙන් ඇය ඈතට යාවි ඇදී
සිත් කවුළුව නොවසා ඔහු බලා හිඳී
වත්සුනු සුවඳ පැමිණී මදනලෙන් මිදී
මත් කරවයි හදවත සෙනෙහෙසින් බැඳී
සියුමැලි හදක ඉතිරෙන පෙම් තරඟ වැදී
හසරැලි වතක නැගෙනා තුටු බුබුලු බිඳී
කලඑළි කරන හැඟුමන් සිත තුලින් සැදී
සිතුවිලි නැගෙයි කවියක පද සමග රැඳී
මල්පෙති වලාකුලු මදනල සමග නිදී
කඩදහි නොමැත පන්හිඳ ඈතකින් හිඳී
මතකය මැකී යන්නට පෙර රිදුම් දිදී
නොලියූ කවිය සිත් පවුරේ කොටන ලදී
කවිය බලන්න
හිස්
පැන් තොටක් වී හිඳී මුවට බිඳුවක් නොදී
මල් මිටක් වී හිඳී සුවඳ කඳූලක්. නොදී
නුග රුකක් වී හිඳී ගතට සිසිලක්. නොදී
කප් තුරක් වී හිඳී පැතූ කිසිවක්. නොදී
කුමර කුමරියන් අත් ගෙන සරන මාවතේ
ඈත කොණකින් මතුව එයි සොයන ජීවිතේ
සකල විද්‍යා කලා දැනුම දන් දී සිතේ
මේ මොහොත විඳගන්ට පුලුවනිද ආ එකේ
නැතේ පා සටහන් සියොතුනගෙ අහසේ
දියේ ඇඳි ඉර මැකී යයි විගස රහසේ
නිවී ගිය පහන් එළි ලකුණු ඇස නොගැනේ
ඒ වගෙයි ප්‍රේමයත් වැඩූ පෙර දවසේ
Photo Credit: Mehdi Sepehri
කවිය බලන්න
Dear Diary
When will I see equality in society when all i see is hate around me, My plea falls on deaf ears.
Society rewards their own whilst I sit here alone to atone for others mistakes, Its irritating frustrating hating the system.
But I am just another brother off the street another criminal on the beat of a police officer, Made bail an if it fails i have no fight left to prove my innocents.
It doesn’t make sense the suspense is keeping me up all night, wondering if I was white would I have to fight for my innocence so hard.
I am not trying to play the race card but this is only a snippet of what is going on , contemplating what went wrong.
But here I am contemplating my equality in this society
කවිය බලන්න
අනේ අපොයි ගඟකුත් කර ගත් හරිය
ගඟක් වී උපදිද්දි,
ළඟම උන් ඟං දෑල
මුහුද වෙත ලංවෙද්දි,
දුරස් කරගත් තරම?
නිවා ගම් දනව් පවස,
ගලා ගොස් අප අතැර
දියඹ හා සිප වැළඳ,
දෑල ඔච්චමට ගත් පුදුම..
තෙමා වියළි බිම් නිසරු,
සරසවා ඵල අතු පතර
සැඟව මුහුදු රළ අතර
අපව අමතක කළ තරම..
පවස නිවන දිය උගුරක් වෙනු බැරිව
රසේ පවා සඟවා කරදිය ගැඹර
අපේ ගමේ කිරි ඉතිරෙන්නට හිටිය
අනේ අපොයි! ගඟකුත් කරගත් හරිය..
කවිය බලන්න
DNA test
කොවුළා කියා කීවත් පෙලපත බරට
වවුලා පවා වැදගත් වැඩියෙන් නුඹට
හැඩලා මියුරු පෙම් ගී කීවත් කුමට
මඟලා ගිහින් දරුවෙකු දී ඇගෙ කුසට
කුසේ බරයි තටු ගෑමට බැරි තරම
දිසේ කපුටු පැල්පත හොට ලග ලගම
පැසේ පපුතුරේ ගින්දර පෙර කරුම
ඇසේ දුක දකී කපුටිය නෑ අරුම
ඇහැටු ගහේ අටවා ගත් පැල් කොටය
පහටු සිතින් කපුටම්මා මා රැකිය
කැහැටු ගතය,පියඹයි පුරවයි කුසය
පවිටු දනෝ නොදනිති පියෙකුගෙ සවිය
කපුටු සරින් හඬනා අයියලා දෙන්නා
අරටු කාක පෙලපත මතු දා රක්නා
අවට සරණ නෑයෝ ජම්මය දන්නා
කවට වදන් කීවත් උන් නොසැලෙන්නා
" දුවට තියෙන්නේ කපුටෝ නුඹෙ ලෙයද
දවට පල්ලියේ දිවුරන්නට යමුද "
රුවට හැද පැලදි නෑයෝ විමසුවද
හඬට බිය නොවි නුඹ කිව්වේ බණද
" ගැබ්බර කෙවිළියක් තටුගා විත් පැලට
විස්තර කියා හැඩුවා වරුවක් දිගට
අච්චර කතා ,හැදුවත් කපුටිගෙ නමට
ඉස්සර උනෙත් ඈ ගැබිනිය ගෙන ලගට "
සබා මැදක DNA අවමාන
නොබා සිතින් මපියාණෝ ඉවසාන
කබා නැතත් නෙක පෑයෙන් ඔපලාන
සුබාවිතය ඇසුවෙමි මම කරබාන
නිගා නොදෙමි මා රක්නා පිය නමට
රඟා මොටද පරපුටු පිය හොරු ලොවට
ළඟා වෙන්න බැරිමුත් නුඹෙ හැඩ රුවට
සිගා රකිමි නුඹ එක්තැන් වෙන දිනට.
24 / 08 / 2026
කවිය බලන්න
දළඳා පෙරහැර සිරි
බෙර හඬට පාද තබමින්
හැඩට නටන පිරිස අතරේ
උතුම් දළඳා වහන්සේ වැඩම වීමට
ආත්ම ගාණක් පෙරුමන් පිරූ
පින් බල අසිරිය
දෙව් අබරණ ගතලා ගැනීමට
වරම් ලැබුවෙන් නැට්ටුවන්
ආඩම්බරයෙන් බෙර හඬේ රිද්මයට පා තබමින්
මහත් හරසරින්
දන්ත දා වඩම්මයි
බෙර හඬ සිලම්බු කස
නද මැදින්....
සෙංකඩගල පුරය මෙතරම්
පෙරුමන් පුරමින් බලා සිටින්නේ...
ඇසළ මහේ වීදි පුරා
හස්ති රජු මතින් වඩිනා
දළඳා වහන්සේගේ ආශිර්වාදය
සැම සත්වයා හටම
උදා වනතුරුය....
12 කලා අංශය
යහපත් එඬේරාගේ කන්‍යාරාමය
මහනුවර
කවිය බලන්න
ජීවිතේ වන්දනාවකි
සදාකාලික නොවේ මේ දිවි
වන්දනාවකි ජීවිතේ
හිතේ හැටියට දිවි ගෙවන්නට
නොහැකි රිසි ලෙස මේ භවේ
ඉන්න කාලේ දී පිනක් දහමක්
කරන්නට නැත්නම් සිතක්
අරන් යන්නේ කොහෙද වස්තුව
හුස්ම ගිය විට අන්තිමේ
ගිලන් වී නුඹ සැතපෙනා විට
නුඹේ දරුවන් සනුහරේ
බෙදා ගන්නට නුඹේ වස්තුව
ඇණ කොටාගයි මේ භවේ
Photo Credit; engin akyurt
කවිය බලන්න
දියදම අතරේ
සඳ කුමරිය පිය ගැට පෙළ බසින වෙලාවේ
නෙතු පිය සළමින් පොඩි තරු පොකුරු හිනා වේ
කුමුදු විලම සැනසෙන විට සීත ගුලාවේ
හමන සුළඟ රැයකට ලස්සනකි ගෙනාවේ
නිවා දමා හිතු මතයෙම තරු දස දහසේ
පලා ගිහින් මෙනි හිමිදිරියෙම සඳ රහසේ
වලා තුළින් ඉහිරෙන විට අරුණලු අහසේ
විහඟ තුඩග මුමුණනවා ගීතය දවසේ
නෙලුම් විලෙන් මතු වී රන් පිරුවට ලිහලා
දවස නිමාවේ මළ හිරු බැස යනු දැකලා
කුමුදු කැකුලු මුව පොඩි වල මඳ හස පිපිලා
හරි පුදුමයි නැතුවද මඳකට දුක සිතිලා
"රවුළු" නම් ඡන්දසට අයත් "වියන්" විරිත.
Photo Credit; Irina Iriser
කවිය බලන්න
වස
බෙදා තිබුණා යැයි
සාරණ බත් මුලට
ආපසු ගෙනත් සවස
අතවත් නොතියාම
කතාවක් නැහැ
මූණත් බුකවගෙන
බිව්වේ නෑ තේකත්
උණුවෙන්ම හදලා දුන්න
මිදුලට වෙලා
කනු කුනු ගෑවාට
ඇහුණා මට
කියූ දේවල් හොඳට
" රසයි අද බත් එක
හෙටත් ගේනවද
කරවිල උයාගෙන "
කවිය බලන්න
මව් රැජිනී
සෙනෙහෙ ගඟුලකි පෙමාතුර වන
දයාබර ලෙස සැනසුවේ
සිහිනෙ කිරි නුඹ වෙළී දැවටුණ
සුවාදෙන නෙතුයුග ලොවේ
රුහිරෙ ගත පිරි, පෙළී රිදුණද
දරා පුතු වෙත නොම තැවේ
නිවන ලබනට කවර කල වුව
වෙලා මතු බුදු , පින මැවේ..
තරුණ රුව නිති දියවුණද
කරමිනා ඇතිදැඩි දයාවෙන්
වරුණකර ගත ඔපය ලද හැම
පෙන්නුවා දරු මුවාවෙන්
අරුණ ගෙනදෙන පියස වූවද
අවුලනා ඒ පමාවෙන්
අරණ හද තුළ රැජින කවුරුද
කිරුළ ඈ හිස නිසාවෙන්..!
කවිය බලන්න
මම යශෝධරා නොවෙමි.
යශෝධරා සිටියා නම්
මට කියනු ඇත
මා නම් නුඹ මෙන් නොවේ සොයුරිය
අතාරින සැටි දැක දැකම
දරා උන්නෙමි නිසසලව
දමා ගිය පුතු තුරුළු කර ළයට
පැතුවෙමි ඔහුට සුව සුබම වන්නට.
එවිට,
මම කියමි ඇයට.
සොයුරිය මා නුඹ මෙන් නොවෙමි
අතැර දමා යන මග නොයිවසමි
දරුවකු කුසට දෙන්නට පෙර
ඒ ගමන නොගියේ මන්දැයි විමසමි
පතිවතේ බර සම වුව
නොකළ වරදට
බොහෝ නින්දා විඳ ඇත්තෙමි
රම්‍ය සුරම්‍ය සුබ මාලිගා
නොතිබුණ ද
නාටිකාංගනාවන්
සමග කෙලිදෙලෙන් සිට
මගැර ගිය මුත් මා
අළුත් කඩේ උසාවියේ විත්ති කූඩුව
ඔහුගේ රුවින් සරසමි
එමතු නොව
දයාද ඉල්ලා පුතු ඔහු වෙත
නොයවමි
වින්දිත මා හට වන්දි අනවශ්‍ය
බව පවසමි
එනමුදු ගැහැණියක ලෙස
මගේ අයිතිය මම සුරකිමි
සොයුරිය මා නුඹ මෙන් නොවෙමි
මම යශෝධරාවක් නොවෙමි.
2026.08.08.
කවිය බලන්න
විඩාබර මහ පොළොව....
විඩාබර මහ පොළොව දරාගත නොහැකි තැන
පලාගෙන ඉරි තැලුනි පිපාසය උහුලගෙන
විලාපය කන වැකුණ මඩ කඩිති සැඟව යන
විලාසය බලනු මැන ඉඩෝරයෙ තරම දැන...
නිල් අහසෙ සඟවගෙන වැහි වළා බිම තෙමන
විස්මයකි මද නලද දව දවා ගත සිඹින
රත් වෙලා ගහ කොළද පත් හැලී ඇද වැටුණ
සිත්තමකි මිහිකතම ඉරි තලා ඉකි බිඳින...
වනසමින් සොබා දම අපිම කළ පව් කඳට
රිදවමින් සොයා එන දඬුවමකි අව් සැරට
උහුලමින් පිපාසය යදින මුත් දෙව් රජුට
කඩිනමින් වැටේවිද වැහි කඳුළු මල් බිමට
කවිය බලන්න
සයිබරේ බිතු අතර
සයිබරේ බිතු අතර
පික්සල් රුවෙන් රුවට
වහා සිත කිමිදේවි - නෙත දැවේ
සුවඳවත් මඳ සිහිය - හඳ එළිය උතුරාන
සිප ගනියි කණිනිකා නෙතු සිලේ
නොමියෙන්න පතා හද
කෝලම් රටා ඇන්ද
සුරතින්ය දුක් කවිය ලියවුණේ
ගිරිහිසෙන් මුදාගෙන පවන් මැද වඩා හිඳ
සිනාසෙන මිතු සඳයි සැනසුවේ
කල් මරන කවියෙකුව
තාරකා සිහිනයක
සිල් බිඳින අසිරිමත් පාපයේ
අනාථව පෙම් හිතම
බිඳුණු දෙව් රූ අසල
නුඹට ලියු කවිය ඉතිරිව තිබේ
#එහෙමතමා
2026.08.13
කවිය බලන්න
🗙

































































































