වෛශාඛ්‍ය මංගල්‍යය
මලින් විකසිත වෙලා පෙදෙසම සොබා දහම්න් සැරසුනී
වෙසක් පුන් සඳ රැයේ පින්බර කැලුම් දහරින් බබැළුනී
මහා විශ්මිත දෙයක් සිදුවන ලකුණු හැම විට ගෙන දුනී
ලුම්බිණියෙ සල් ගසක් අසබඩ කුමරු සිදුහත් බිහි වුනී
ගිහි දිවිය ගත කලත් සිව් පෙර නිමිති දැක සිත කලකිරී
නික්මුනේ හොර රහසෙ භව දුක නසන මංපෙත වෙත හැරී
අනියතය මේ සියළු දේ ලෝ සතුන් උපදියි මැරි මැරී
එබැව් වටහා දෙන්න කුමරුන් පිරුවෙ පෙරුමන් හිත දැරී
කුමරු බෝසත් විරිය වඩමින් කල් ගෙවා තිර අධිඨනේ
සපථ වන්නෙත් එදා වාගෙම වෙසක් පින්බර පෝ දිනේ
සියළු සතුනට මහා කරණා ගුණැති බලයෙනි බුදු වුනේ
ලොවේ ගණඳුර නිවාලන්නට දහම් වැසි ලොව විහිඳුනේ
උතුම් අරිඅට අනුව යන්නට මඟ විවර කල බුදු පියා
පිලිපදින ලෙස මැදුම් පිලිවෙත ජීවිතේ ඵල නැත කියා
පසුතැවිලි වන නිසා වහ වහ කුසල් රැස්කර ගෙන කියා
සියල්ලට දම් දෙසා සමිඳුන් මෙලොව හැර නිවනට ගියා
සුපුන් සඳ රැස් දිළෙන වෙසඟේ තමයි තෙමගුළ සිදු වුනේ
පහන් සිත් උපදවා ගනිමින් සිහිකරයි
පින්බර දිනේ
දහම් සිසිලෙන් ගිලී නැහැවෙමු සිතට සැනසුම් සුව ගෙනේ
අමා මහ නිවනින්ම සැනසෙන මඟ සොයා නවතිමු කොනේ
