ජීවිතේ මල් පොතේ සුන්දරම පෙරවදන....

ජීවිතේ මල් පොතේ සුන්දරම පෙරවදන....

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

නිදිකිරන සදකිරණ , තරු අතර ඉගිමරන මතකයේ තවම ඔබ ඉන්නවා අඩසදට පෙම්කරන , පිනි මතින් ඇවිදයන මතකයේ තවම ඔබ ඉන්නවා තෙරපෙනා දුම්රියේ කවුළුවෙන් කවුළුවට මගේ ඇස් තවම ඔබ හොයනවා පෙම්මුල්ලේ තුරුළුවී හීන් වදනක් දොඩන ඔබේ රුව තවම මම හොයනවා ජීවිතේ මල් පොතේ , සුන්දරම පෙරවදන හදවතේ තවම තව තියෙනවා පිටු අතර පෙරලිලා , ජීවිතය ගිලිහිලා පසුවදන දැන් මමම ලියනවා
කවිය බලන්න