අවනඩුව
පින්නට හොරෙන් මුව සගවා ගෙන සිටින
සතපා ලගදි දිරියෙන් දෙනුවන් අරින
උල් කටු පසා හිතවත්කම් මතු කරන
සෙව්වන්දියකි මා තනි වී දුක් විදින
දෙසවන් වටා රගදෙන බබරිදු මැද්දේ
ඉදහිට ඇසෙන සමනල පැන්චිගෙ සද්දේ
පිපිලා වැනෙන කුසුමන් හිනැහෙන බැද්දේ
නොදැනෙන තනිකමක සලකුණු හද රැන්දේ
ගයා ගන්න බැරි ගීයක තනුවක්ය
ලියා ගන්න බැරි කවියක පදයක්ය
තියා ගන්න බැරි හද රැදි පැතුමක්ය
කියා ගන්න බැරි එය අවනඩුවක්ය
