අභිනිෂ්ක්‍රමණය:

අභිනිෂ්ක්‍රමණය:

සපුමල් බන්ඩාර ලන්ඩනය

නිවී පහන් වෙනු පිනිස
මහණදම් පෙරමගට
මකා ගිහි පහස නීරස
නික්ම ගිහිගෙය සිත දැඩිකොට

එතෙරක් නොපෙනෙන සසරෙක
අවබෝධය ලගාවිය මෙතරෙක
දුරැකොට මෝහ අන්ධකාරය
බුදුන්යැයි නම ලබා දිදුලත

එමග එකලු කරමින් යනුපිනිස
සාදා දෙනලදී දහම් පියගැටපෙළ
කසල පුරවා ඇතමුන් තැනින්තැන
නසනවග බුදුන් නොදැනුවා නොව

ආවේ මගට දැන හෝ නොදැනගෙන
හුරැනොකලේද ඇයි පිවිතුරු ඒ දහම
ආර්ය අටමගද කියා දෙන්නේ ඔබමය
නොවෙද බස් ඇසුනුසේ වැදි බනමය

නොදැන ගිහියන් කරන පවු සැම
දන්න උතුමෝද කරති සමහර
නිවන උදෙසා නොවෙද මේ සැම
කියා නොසිතේද දෙසනවිට බන

පැවිදි රැව දුටුවිට අප කලනොකිරෙන්නට
බැරිනම් යන්නට මුනිදු ඒ වැඩිමග
රකින උතුමන්හට මග රිසි ඉතිරිකොට
පැවිදිගෙය කලකිරී අත්හැර යනුමැන

කවිය බලන්න