එහෙමයි මහරු පෙම!!

එහෙමයි මහරු පෙම!!

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

දන්නවාද? මගේ සිතේ නුඹ සිටින තැන. තුන්සිය හැටපස් දවසෙම නොවෙනස්ව එහෙමම....එතැන. ආදරය රැඳෙන්නේ ඉවසන තැන. ගරු කරන තැන කැපවන තැන. කාලය වෙන් කරන තැන. දුරින් හිටියත් දැනෙන තැන. ලඟක නැතිවත් ඇහෙන තැන. දෑස් වැසුණත් පෙනෙන තැන. ප්‍රේමයයි වෛරයයි අතර කෙස් ගහේ හිටගෙන කිසිදු වෛරයක් නොකර සෙනෙහස බෙදන තැන. ලද දෙයක් නැතිවත් ඇති දෙයක් දෙන තැන. කඳුල, සුසුම එකලෙස මදහසින් දරා ගන්නා තැන. ආත්මාර්ථය නොව අනෙකාගේ සතුටම පතන තැන. තැවුල්, රිදවුම් අවසන හිත නිවෙන තැන. වචන නොමැතිව දොඩමළු වන තැන. සොයා බලන, සුරකින තැන. සතුට, සිනහව බෙදන තැන. කිරුළු නැතිවත් කිරුළු දරන තැන. සෙනෙහසට ඇරඹුමක් මිස අවසානයක් කොහිද? ඉතින්... වෙනම දිනයක් කුමටද? සමරන්න ඒ මහරු පෙම!!!
කවිය බලන්න