තෙමඟුල පැතුම
සවනට ඇසෙන බැති ගී හඬ සුන්දරය
බෙග් හඬ සමඟ මාලිනියන් රැව් දේය
තිරයෙන් දකින සැරසිලි අද විසිතුරුය
සුලඟේ දැවටි එන සුවඳෙත් ඇත සුවය
තෙමඟුල නමින් ලක් වැසියන් දරන නෙක
වෙහසන් අගයමින් සිටිනෙමි දහම දැක
වසරක ඉපැයු රුපියල පොදි නොගහ රැක
දන්සැල් දෙමින් වෙහෙසෙන මේ දනන් ලක
සුදෝ සුදට ලෙලදෙන පන්සල වෙහෙර
රකිනට ගිහි පැවදි උතුමන් දරණ තැත
අගයමි අදත් හද පතුලින් සතුටු සිත
එලෙසම දහම රැක දේවා පැතුම අද!
කවිය බලන්න
