ඉගිල ගිය දිනකට....
අඳුරු අහසට එළියදෙන
හිරුම..!
සඳට පෙම්බැඳ නිවාලන
තරම..!
සොඳුරු වෙස්ගෙන සිතිජයේ
රැඟුම...!
රුසිරු ඉවසා සිටිනුයේ
කොහොම..!
ගොතන ගී මල් සිත් විලේ
පිපෙනා..!
හමන නලමුදු සුවඳ කිති
කැවුනා..!
සිසි කිරණ යට තනිව ඉකි
බිඳිනා..!
පහන් තරුවයි අහස හැඩ
කරනා..!
එදා අතැඟිලි හුයෙන් බැඳි
තාලේ...!
සදා සැමරුම් තිබේ බැඳි
මාලේ..!
බෙදා වෙන්කල නොහැකි සේ
දෑලේ.. !
සදා නොවෙනස් පැතුම් මල්
ආලේ..!
ඈත දුරු රට පායනා
සඳුනේ..!
මෑත අහසේ සුදිලෙනා
හිරුනේ..!
වීතරාගිව හදවතේ
එතුනේ..!
පතිනි දෙවිඳුනි නොයන් හැර මෙදිනේ..!
කවිය බලන්න
