සමනල සඳෙස -36
දත යුතු කරුණු ගොමුව - 28
කවි යුග පෙරලිය-36
556. මල්වල ගමෙහි තොරතුරු පිළිවෙතක තියා
සමනල ගැයූ කවි හදවත් තුළට ගියා
කවිමල ගොතන්නට වෙසෙසි ව කෙනෙකු නියා
සමනල යමු කළල් ඇල්ලට “ කවිය” සොයා
557. පේමානන්ද හිමි ලෙස කසවතෙහි සිට
ඉගෙනුම කළැයි පැවසෙත සඟ පියස සිට
කරමින් සසුන දියුණට - වැඩ දැයට - රට
ගෙවුණා කලක් කවිකම හුරු - පුහුණු - වට
558. පත - පොත පැරණි ඇත තවමත් රුවන් පුරේ
වත - ගොත මොහුගෙ මහ ඉහළින් වැණුම් කෙරේ
ගත - සිත නොබිය දැන “කවි බස් සටන්” හුරේ
දත - කට පියැවුණයි දෙසවන් වැදුණු සැරේ
559. මතකය අලුත් කරවයි තව කෙනෙකු ගැන
කවියට උපන් හපනෙකි “සඟ පුතකු” වුණ
“කුට්ටාපිටියෙ හිමි නම” පිළිබඳ ව ගුණ
වරදක් නොවේ “පේමානනදට” ද තැන
560. “කවි යුග පෙරළියක්” කළ මහ සද්ධන්ත
කවි “ ඇත් රජකු” සේ පිළිගත් බව ඇත්ත
කවි සුරනක ලෙසින් “කේයස්” නම ගත්ත
“කවි කිරුළ ම පැළැඳි” ඔහු රට පිළිගත්ත
561. මොහු වැනි කඩු හරඹ කළවුන් කවි සටනේ
සෙව්මුත් හමු වුණේ නැත පත-පොත අරණේ
කියුමට පැසැසුමට කවරකුගේ සරණේ
ගැයුමෙන් සැනසෙමු ද හිතවත අප දෙරණේ
562. පෙරදිග - අපරදිග රටවල කවිය නඟා
සුරග`. දිගට කවි පද වැල් කෙමිය රඟා
වෙරගෙන රැගෙන ගිය යුගයක පෙරළි දඟා
ඉතිරුණු “ කවි කොළය” බි`දුණි ද නොවී ළඟා
563. කවි ගස අරටුවක් ලෙස හද තැබූ තම
සවි බල ගැසී පුරුකෙන් - පුරුකයට දම
අවි ලෙස පද පෙරළි අමුණා රසින් අම
රවි රැස පරිද්දෙන් පැතිරුණි ඔහුගෙ නම
564. එපමණකින් නොනැවති පරපුරක් හැදූ
දැනුමෙන් උගත්කම දිදුලන පහන් බඳූ
කවියන් එ ම`. ගිය පද මල්වලින් වැදූ
එඩියෙන් තරමට ම අබිමන ලෙසින් කඳූ
565. කොළඹට නුදුරු ගමකට සිර වෙලා කලක්
තිබුණට නුහුරු-නුපුරුදු තැන දිවියෙ පැලක්
සබයට පිවිසි පසු දන දැන නැමුණු සිතක්
වරදට මිස නැතේ නොනැමුණු නැමැඳ හිසක්
***
2026.05.01
කවිය බලන්න
