ශේෂ කන්ද

ශේෂ කන්ද

නයනශාන්ති දිසානායක

තනිවු කන්ද මුඳුනට තනිවම ආමී මුදුන මත වැතිර මදකට ඉසිඹු ගමී සවන් තබා ඒ හදවත කිය වීම් කන්දේ දුක අසා මොහොතක් ගොළු වීමි තුංඟ නමුණුකුල සේ එක පෙලේ වැටී වංක ගිරිගෙවා දිවි මඟ එකට හිටී බින්ඳ සොයුරු බැමි බූදල් හුළඟ ගැටී නින්ද බිඳ රැයේ පාරන මතක කැටී සිරිපා වඳින්නට බැතියෙන් සිත පේවී අත් බැඳ සුහද සමනලියක් හා යාවී මහ ගිරිදඹ නගිනු නොරිසිව දුක් බෝවී ඹබරෙක් සමඟ පිටමං උන ප්‍රිය දේවී සේදී යන්න ඉඩ දී බොල් බුරුල් පස් නිම්න තැනිතලා අත හැර නොදී දෙස් දුක් සෝ සුසුම් කැටිකර කලතලා රැස් කවියක් වෙලා රැක ගමි හදවතක් හිස් දෙනිපත් අතුල සිසිලස පිරි වන ගුල්ම සඳ තරු වලාකුළු පිනි පිරි හද ඇල්ම ඇවිඳින් විඳගන්න මේ සුන්දර කැල්ම අනන්තය තෙක් දිගයි දැන් මාගෙ බැල්ම
කවිය බලන්න