උවැසිය

උවැසිය

අමිතා පද්මකුමාරි

තුරු අතර පෙත් මගේ පියවරෙන් පියවර සන්සුන්ව සංවරව පා නඟන උවැසියක් ශ්වේත පිළියෙන් හැඩව නෙලූ මල් පැස රැඟෙන ලඳු පඳුරු අතරින් ඇය යන්නේ අරම වෙත මඟ දෙපස කැලෑ මල් ගී ගයන කුරුල්ලන් දැක නොදුටුවා සේ නොඇලෙමින් පා තබයි මල් පෙති ද තුරු පත් ද විසිර පාවඩය සේ ඇගේ සියුමැලි දෙපා සිපගන්නේ බැතිබරව පෙඳ පාසි වසාගත් පියගැට පෙළේ සීරුවට පා තබා ඇය යන්නේ සොයාගෙන ද්වාරය නිවන් මඟ දකින්නට
කවිය බලන්න