සුරඟනක ලෙස සැරසිලා
කුසට නුඹ එන තුරා
ඇඟිලි ගැන්නා නිදිවරා
ලොවම දින්නා වගේ දැනුණා
පිළිසිඳුන දා මගෙ දුවේ
සවනත තියලා කුස මත
අප්පච්චි හිනැහුණා එදා
දුවෙක් ඉපදුනොතින්
අම්මි වාගේ වෙයි කියා
බලා උන්නේ දස මසක්
බලාපොරොත්තුවෙ බර දරා
සුදු මැණික ඉපදෙන තුරා
නුඹව තුරුලට තද කරන්
හැඬුවෙ මැණිකේ සතුටු කඳුළැලි
දරා ගන්නට බැරි නිසා
ටිකෙන් ටික නුඹ හැඩ වෙලා
නවමු ලොවකට පා තබා
සුරඟනක ලෙස සැරසිලා
පෙම්වතෙකු සුරතේ එල්ලිලා
යන්න යනවා මගේ දෙනෙතේ
සතුටු කඳුළැලි පුරවලා
කවිය බලන්න
