හෙට දිනේ හිරු........

හෙට දිනේ හිරු........

දීපාල් කොග්ගලහේවා

හෙට දිනේ හිරු
ඒවි වෙනදා මෙන්
කාට කාටත්
එලිය අරගෙන
මිදෙන්නට අඳුරින්
කලු වෙලා ලෝකේ මගේ
හිරු පවා නොපෙනේ
සහන් එලියක් නෑ
සියල්ලම නැති වී
රොන් උරා හිස් කරපු ජීවිතයේ
අපවාද ලෝකේ
අසා ඉන්නට බැරි තරම්
ගොරෝසුයි ගැරහුම්
ළඳක් වීමද වරද මා අත
රූ සපුව ඉහලින්
පිපෙන මල සුවඳට වශී වී
හඹා ආ බමරුන්
හලාහල විස
පුරෝගෙන මුව
පොවමි මධු විත
විඳින්නට දඬුවම්

මං දී

කවිය බලන්න