*හිරු වඩින්න ළඟයි කඳු මුදුනට*
පාට තවරන්න
ටිකක් ලා පැහැයට
තද පාට හරි නැහැ
හද පළුව ළඟ අහසට
ඈ තාම හැදෙන වැඩෙන පොඩි
කෙල්ලක්
මල්වරවෙන්න ළඟයි පුර පෝයට
අහසට ඕනෙ තරු පොකුරක්
ඒ නිසාමයි ඇගේ තනියට
සමන්පිච්ච එපා ඔයතරම්
හඬ නඟා හිනැහෙන්නෙ
කුරුල්ලන් ඇහැරෙයි
වෙහෙසයි ගොඩක් උන්ට
රෑ බදුල්ලෙක්
බඳුළු කෝච්චිය වගේමයි
තණ පඳුරු අස්සෙන් වංගු දමමින්
ඇදෙන ඉදිරියට
බකමූණන්ට "හ්ම්ම්" කියන්නත්
අද තහනම්
වවුල් මඟුලක් මී ගහේ
ගජරාමෙට
ඉතින්, නිදන්න ! කුමුදු,සේපාලිකා
හිරු වඩින්න ළඟයි
කඳු මුදුනට........
කවිය බලන්න
