බුදු සමිදුනේ...

බුදු සමිදුනේ...

ඉෂංකා මිහිරි කුමාරතුංග

නිමාවක් නොමැති උවත් යනෙන සසර දනව්වේ හිනාවක් සොයා තැන තැන පීරයි දිවි තොටිල්ලේ... දයාවක් නොමැති සිත් මල දොවා කෙලෙස් රුදු ගින්නේ... සමාවක් අයදින දනන් වෙති වීදී පුරා බුදුන් වැදිල්ලේ ..... පාලොස්වක සඳ ඇවිදින් අමාවකට නෑ දොසක් කිව්වේ... ගලා යන දිය කද කෙලෙසින් ගල් පරොලු මැඩ ගලා යැවුනේ.... දිරා යන පත් හෙලා බිම බෝ මැඩටම සිහිල ගෙනා ඒ.... රම් සුරං සුබ මාලිග විතරද අනියත දැක නිහඩ වුයේ..... හීනයක් නොවී දොරින් දොර අමා දම් ගඟ යලා යා නම්.... කඩුපුලක් රෑ මැදියම පිබිදී බුදු පුදසුනෙ මිලින වේ නම්... දොසක් නොදකිනා දනන් මුව සිනහවක් මෝදු වී යානම්... බුදු සමිදුනේ... දයාවක් පිරේ...නොදුටු මොක් පුරේ දොරටුව වත් දුටුවානම්...
කවිය බලන්න