සබැඳියේ ඔබ
අහිමි වූයේ නැතත් ඔබ මට
අයිති වූයේ නැතිය සබැඳිය
ඔබට නොදැනී අගුළු ගැන්වුන
හදේ ලියවුනු සැමරුමක් ඔබ
වදන් සිහිනද පසුතැවිලි මත
මගේ ලෝකය නිහඬ දුර විය
පහන් තරුවක් වී එදා සිට
හීන් එළියක් වීය නුඹ මට
ගලා යන සැඩ නදිය වූ මට
නිසල සයුරය දරාගත් නුඹ
අඳුර දවමින් මඟ සපථ කළ
තිරසාර නුඹ පහන් වැට විය
නිවී සැනසුණ පවිත්‍රත්වය
නිරාමිස වූ ඔබේ නාදය
සුසුදු කරමින් මගෙ ආත්මය
පිරිත් පැන් බිඳුවක් වුනා ඔබ
