(අ)මිහිරි වැස්ස

(අ)මිහිරි වැස්ස

සුධීර දිල්ශාන් වික්‍රමසිංහ මාරවිල

හිමකැට ගිනි ගත්ත මහ රස්නය මැද්දේ පැතුවෙත් වැස්ස දෙවියන් යැද කුටි අස්සේ වැස්සක ලකුණු මතුවිය අහසේ දිස්සේ මොර සූරන වැහි එළිවෙන තුරු වැස්සේ වැස්සක සුවය වින්දෙමි කාමර අස්සේ උණුසුම් කබා සැප ඇතිරිලි ඇඳ මත්තේ කිවිවර ලියූ වැස්සක අසිරිය අස්සේ සිහිවිය ගෙයක් මා ගිය 'තොටලඟ' පැත්තේ ටකරන් ටයර් ඉටිකොළ වහලෙට සෙවිලී දිරපු ලෑලි මැද රෙදි එල්ලූ බිත්තී ඇතුළ එළිය බිම කිසි වෙනසක් නොවුණී නිවසක් නොවන නිවසක දුටුවෙමි විත්තී වැස්සොත් රැයක් වහළෙන් දියවැල් ඇදුණ බේසම් බකට් අඩියෙන් අඩියට රැඳුණ පායන තුරුම කවුරුත් අවදිව සිටින නෙතු නිදි නැතත් නිදි ඒ හිත්වල සිහින වැස්සට ආල බැඳ නිතරම කවි ලිව්ව තරමට සොඳුරු නෑ එය කවියන් කිව්ව දුටුවත් වලාවක් වැහි අහසට රැව්ව නොපතයි ඔවුන් වැසි, තිබුණත් ගිනි අව්ව Photo Credit: C. G. on social
කවිය බලන්න