අංශබාග තුලාව

අංශබාග තුලාව

යමුනා ප්‍රියංගනී පතිරණ

එම්බල සත්‍යය
තා කොහි සැගවුණිද?
වහා එළියට එව
වහා එළියට එව
හොර රහසේ නොසැගව..
රජ පෙළ පතෙහි යැයි කියන්නහුද
සඝ වෙද ගුරු
රගනා කෙළි
ඉවසුම් නැත
ඉදහිට ගොවි කම්කරුද
එළෙසය..
දෑස් බැදි දෙවගන
හොරැහින් බලන්නී
තොප ඒ දැයි කියා
අංශබාග තුලාව අත දරා..
එළිසම විරිත් තට නොවැටහෙන බැවින්
නුහුරු බසකින් ලියන වගනම්,
වහා එව සත්‍යය
වහා එව
මීට
සත්‍යය ලෝලී

කොවෙන්ට්‍ර්‍
එංගලන්තය.

කවිය බලන්න