ඊයේ අද සහ හෙට.
නව සිතුවිලි
අහසට නොදැන ඉර හඳ පායන්න බැරි
වඳ මල වුනත් සමනළ තටු ළඟට වෙති
දේදුණු වුනත් අහසේ ඉඳ හිට දකිති
බලයට කියන බොරු තාමත් ඉවර නැති.
කන්දෙන් කන්ද පසුකර යන හිරු දෙයියෝ
ගමි බිම් නියං ගම් පසු කර සඳ දෙයියෝ
වක්කඩ බල බලා බැසයන තරු දෙයියෝ
චන්දය බලය ගැනුමට කිවි දේ අයියෝ.
සැතපුම කට අඟල බෑවුම යෝධ ඇල
සීගිරී ගලේ බිතු සිතුවම් තාම ඇත
ඉතිහාසයේ ගම්බිමි ජන කදුළු දැක
මිනිසුන් තවත් රැවටී දණ ගසන හැටි
බදුබර පැතිරි දොරකඩවල් වැලපෙනදා
විදුලිය ජලය බිල්පත් වී වධදෙනදා
රට වට තවත් හොර ගිවිසුම් ලියවෙනදා
රජ සිහසුනේ වේයන් තුඹසුත් බැන්දා
කවිය බලන්න
