පියඹන්න විතරමයි

පියඹන්න විතරමයි

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

මහා තුරු මුදුන් මත අතුරලා එකින් එක තනා සුව නිවහනක් වැඩෙන්නට ටිකෙන් ටික හඹා එන නේක විෂ රුදු නෙතින් නිතින් රැක බලා හිඳ පියඹද්දි අතහරිති නොගෙන දුක සියුමැලිව පිරිමදියි කරයි සවි සිඟිති තටු කිචි බිචිය කියාදෙයි මගතොටදි ඇනෙන කටු පෙරලන්න තනියෙන්ම දිවි මගෙහි ඉදිරි පිටු පියඹන්න විතරක්ම උගන්වා වේය තුටු පරඬැලක් වූ ගසක ලැග ඉඳන් බිය නැතිව මියැදෙන්න ළඟ පතක නට නටා ගී ගැයුව සියොතුන්ට මව් පියන් උරුම කළෙ අඩු නැතුව පියැඹීම පමණමයි සවිය ලෙස උන් පැතුව Photo Credit: Phil Robson
කවිය බලන්න