උප දිසාපති තුමාගේ කවිය

උප දිසාපති තුමාගේ කවිය

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

ඉදිරි පස රෝදය තැලී පොඩිපට්ටම් වුනු හම්බර් බයිසිකලය තාත්තත් එක්කම... ටික දොහක් ගෙවුනු පසු හැඩිලි වැලපිලි මැද ගලවලා ඇද ඇරලා ගත්ත හැටි මතකයි පිටිපස්සේ රෝදයේ රිම් එක අම්මා... තාත්තා හැපුනු තැන පල්ලමේ බෝක්කුවේ පල් කලා දම දමා එකතු කර පොල් ලෙලි අටවගෙන යන්තරේ රිම් එකෙන් කැරකිලි තල තලා ඇඹරුවා අම්මා මඩ පොල් ලෙලි ඉස්කෝලේ ලොකු සර් පාඩමෙදි පෙන්නුව ලෝක ගෝලෙට වඩා ලොකුයි ඒ රිම් එක කරකවා දිවා රෑ ඉන් මැවූ ලණු දිගයි දෙවුන්දර ඉදන් පේදුරුතුඩුව තරම් දුර මයේ හිතේ තැනූ කොසු පිහිදාන්නට ඇති මැඳුරු කුණු ගමේ මෙන් රට වටේ ඉඳහිටෙක කොවුල් නද කැරකුනත් වල වටේ නොගැලවුවා කිසි දිනෙක මුද්ද ඈ වම් අතේ උප දිසාපති වෙලා අද ද ඒ වංගියේ ඇවිදිද්දි ඉදහිටෙක පුරුදු අපෙ ගම් තොටේ මට්ට වල නැතත් එහි යට රේල් බෝක්කුවේ අම්මාගේ හඩ ඇසෙයි තවම රුප්පා දිගේ " පොතක් ගෙන බලාපන් එපා එන්න ට මෙහේ වැටෙයි උඹලාත් මං වගේ මේ මඩ වලේ "
කවිය බලන්න