විරාමයක් ඇත්ද?
දහවලක වුව නිසල් කඩිසරය නිශා මල් පරව කල් ගිය වෙතත් සලෙළු බඹරුන් ඇදෙත්
මිලට ගත හැකිවුවද
අයිතියක් නොමැති සඳ
කාලයට නතුව ගත
මාරුවෙයි අතින් අත
අසීමිත වැඩ මුරය
නිමක් නැති මෙහෙවරය
දිගු කෙරෙන යාමයක
කවුරු ඒවිද රැයෙක
විකිණෙනා කනිසමේ
සැතපෙනා විරාමේ
විවේකය ලැබේදෝ
ගැනුම්කරු රැඳේදෝ
කවිය බලන්න
