ආදර අනුමෝදනා ....
හිතක සැතපූ ආදරය රෝස පැලයක ඔතා
හිටෙව්වොත් හද පතුලෙ ගැඹුරකින් ඉතා
හිතුවාම නිසැකවම සත්තකින් පතා
පැලවෙන්න නම් ඕන හීනෙකින් හිතා
හිතක් වට බඹරිඳුන් හරසරින් ඉතා
හිතක ඇති හිත් තැවුල මදහසින් උනා
හිත කොහෙද බැලුවාම පපුවෙ මැද පලා
රතු පාට ආදරේ උතුරලා ගියා
සියුමැලිගෙ හිත් කුසුම පපුව මැද තියා
වස්සානෙ සිහිනෙ ඇය අතරමං කළා
සිහිනවැල් මතකපොදි පපුවමැද දඟරහැර ලිහා
සියුමැලිය බඹරිඳුට ආදරය අනුමෝදනා කළා
