මිතුරු හමුවක්

මිතුරු හමුවක්

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

නිදහසේ ඉගිලෙද්දි සයිකලෙන් ඇද වැටී තම හක්ක කැඩුන කතාව රසකර කියමින් විදෙස් රටකින් පැමිණි පාසැල් මිතුරෙක් තව සතියකින් පමණ හමු වෙමුදැයි අසයි අදහස් උදහස් විමසා සති අන්න දිනයක සාදයකට සරිලන අවන්හලක් බලන්නට ඉක්මන් ගමනක මා යෙදෙන අතරතුර අහම්බෙන් කදිම ගෙවත්තක් නෙත ගැටේ දිගු කලකින් මාහට හමු නොවූ මිතුරෙක් අතු විහිදි සෙවණ දෙන කරඳ ගසක් යට කුඩා දරුවන් දෙදෙනෙකු සමග සිටිනු දැක මඳක් කතාකර මිතුරු හමුව ගැනද පවසමි "මේ හදිසියට මට එන්න බැරි වෙනව ඉක්මනින් අපි ආයෙමත් එකතු වෙමු" සයිකලෙන් වැටුණ සිද්දිය මතක් කරමින් ඔහු කොක් හඬලා සිනාසෙන්නට ගනී 17.05.2026
කවිය බලන්න