මිහින්තලාව

මිහින්තලාව

ගමගේ ලයනල්

මිහිඳු හිමි වඩින අද වලාකුළු වියන් බැඳ මල් එලාදෙපස මග සුවඳ මුසු පොසොන් හද තුරු ලතා උයන් මැද අඹ සෙවණ අතින් අත ඵල විඳී සුවඳ රස සියොත් කැළ බිඟුන් මැද රජවරුන් දහම් මග සොයා ගොස් නිවුණු වග මිහින්තල පැරණි වත සාමයට කියයි මග කුසල් පිරි සිල්වතුන් වැඩ වසන පිං බිමයි අහිංසක බෝසතුන් සැරිසරන වන බිමයි සංසාරෙ කෙටි කරන කෙළෙස් නැති පිං බිමයි යුද්ධයට තිත තියන සාමයට හොඳ බිමයි
කවිය බලන්න