ආචාර්‍ය රත්න ශ්‍රී..විජේසිංහ කිවිඳුන්
කවි පොතකට අපූරු පෙර වදනක් දුන්නා.
ඒත් මම ඒක ප්‍රෙකාශ කළේ නෑ. මගේ කුරුටු කවිවලට ඒක හරි බර වැඩියි ඒකයි. ආයිමුල ඉදන් ඉගෙන ගන්නවා.
සුබ උපන් දිනයක් වේවා සර්.
සෙත් වේවා!!!!!!!!!!!!!!!!!!!!!
මහදෝවෙ ඉස්කෝලෙ ..
හාමිනේ හිටවාපු.
අකුරු ඇට පැළ වෙලා..
මහ ගහක් වී උසට.
පීදිලා මල් පිපී..
ලොව සුවඳවත් කරයි.
කවියකින් ගීතයෙන්..
සත්සරය වී අවට.
*************************
ලේන්බා වීදියේ ..
ගාලු කොටු පවුර තුළ.
මූදු නල ගෙනා ලෙස ..
අනුභූති ඔබ වෙතට.
සිරහලෙන් රෝහලෙන්...
හමුවුණා තව ගොඩක්..
රිදවලා පාරලා ..
මග අහපු කවියකට.
*******************************
පහන් කණුවට ණයයි...
සරමි තව සාගරේ.
මිරිකලා ඇස්වලින් ...
කඳුළු දැමුවත් බිමට.
ලිව්වෙ නෑ ඇදුරිඳුණි ..
මගේ පොත මම තවම.
බැරි නිසා බුදුවන්න..
දුනත් විවරණ මෙමට
වෛද්‍ය නිලධාරී .
ප්‍රාතමික සත්කාර වෛද්‍ය ඒකකය .
බදුල්ල .
2026.05.13
කවිය බලන්න
