බුදු හිමියනි වඩිනු මැනවි !!!

බුදු හිමියනි වඩිනු මැනවි !!!

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

බුදු හිමියනි වඩිනු මැනවි නිමල දහම බෙදාදෙන්න බුදුහිමියනි වඩිනු මැනවි දෙසූ දහම ගිහි පැවිද්දෝ වමාරමින් යලි කති බොති මාපියන්ට ගරු නොකරති මග අතහැර හැංගී යති මහළු මඩම්වල ලා ගත කර මුහුණු පොතේ කාලෙ ගෙවති උඩ මලුවත් කිලිටි වෙලා මරසෙන් කදවුරු බැදලා රාග ද්වේශ මෝහ අදුරේ පවිටු දනන් පැටව් ගහලා මත් කුඩු මුළු රට පුරාම දවස ගානෙ මිනී මරති නොපනත් කම් නසාලන්න බුදු හිමියනි වඩිනු මැනවි!
කවිය බලන්න