මා අත ගනු මැන

මා අත ගනු මැන

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

ඔබ සිගිති නෙත් දසතම විදා මා ඇගිලි තුඩු දෑතින් බදා කිරි කැටි මුවින් මදහස පෑ හැටි මතකයි මට එ දවස අද මෙන් ඔබ සැකයෙන් පය තබ තබා ළදරු අත මා අත තුල හොබා නුහුරු මුල් පියවර තැබූ හැටි මතකයි මට එ දවස අද මෙන් ඔබ සුබ මගුල් නැකන් පෝරුව වෙත පිය මනිමින් මා අත තදින් අල්ලා ගිය හැටි මතකයි මට එ දවස අද මෙන් ඉකුත් රැයෙහි මා පය පැටලී හැරමිටියේ වාරුවෙන් එල්ලී සිටි විට ඔබ මට දෑත දුන් හැටි— දියණිය, මා අත ගනු මැන යලි යලි
කවිය බලන්න