මාහද සියුම් තැන් අදටත් රිදුම් දෙන......

මාහද සියුම් තැන් අදටත් රිදුම් දෙන......

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

මාහද සියුම් තැන් අදටත් රිදුම් දෙන..
ගැඹුරුම පිලිස්සුම් සඟවමි දිවිය යට ..
ආවත් කඳුළු නොම විමසා නුඹගෙ ගැන..
සැනසෙමි තුටින් බර කඳුලැලි උහුලගෙන..

සේපාලිකා මල් ඇතිරුව මිදුලෙ සිට
පෙරමඟ බලමි ඔය රුව යලි දකින්නට..
සිහිකර අතීතයෙ තොරතුරු විටෙන් විට..
තාමත් සුසුම්ලමි හිමිනැති පපුවකට..

ගෙවුනත් වසන්තය අපහට අප නැතිව..
මේ හිත ගැන දැනන් උන්නා නුඹ නිබඳ..
අද කොහි ඉස්සවක සිටියත් ප්‍රිය සබඳ..
හිනැහෙනු මැනවි පෙර මා හිනැසූ ලෙසම...

කවිය බලන්න