හංස ගීතය.........

හංස ගීතය.........

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

සිහිනයක රැඳි මිහිර වාගෙයි
නොපිපි කුසුමක සුවඳ වාගෙයි
ගලන ගඟුලක සිසිල වාගෙයි
අතීතයෙ සිත් අතර සිතිවිලි.

මවනු බැරි ඉරි පෙළකි රූපය
සිතෙන විට හද මැවෙයි ස්⁣නේහය
දුරින් දුරකට ගියත් කාලය
කෙසේ අමතක වේද සිහිනය.

වසන්තය ගිම්හානයක් වී
අනන්තෙක රැඳි මිහිර ගුලි වී
බොඳ වු සිතුවම හදට ලං වී
හංස ගීයක් ගයයි දුක් වී.

කවිය බලන්න