තරුවක් වීම
හඳුනන
තරු රටා අතර
නාඳුනන තරු රටාවකි
ළදරු තරු
තුරුණු තරු
බොහෝ පෙම්වත් තරු
සසර කලකිරුණු තරු
එකට රැස්වී සභාවකි
තමන්ගේ වාරය එළඹුණු
මලානික තරුවක්
ශෝකාකූල කල්පනාවෙනි
කවදාවත්ම ඉටු නොවන
හුදී ජන පැතූම් තත්වෙනුවෙන්
සිය දිවි හානි කරගතයුතු නිසාවෙනි
අහසේ තරුවක් වීමත්
බරපතල කාරණාවකි
