සාගර පලන්සූරිය (කේයස්)

සාගර පලන්සූරිය (කේයස්)

ගීත කුමාර පලන්සූරිය

සාගර පලන්සූරිය (කේයස්)ආදරණීය පියාණන් ගේ හැට පස්වැනි ගුන සැමරුම වෙනුවෙනි. (1961.06.22-2026.06.22)

තවමත් ඔබෙ කවිය දසතින් ඇසෙන විට
හැටපස් වසක මතකය සිහිවෙයි මෙ මට
ගම්බද පරිසරය ගැන ගුණ වැයෙන විට
කටුරොද ගම සොදුරු සිතුවම මැවෙයි මට

ආගම් ජාති බේදය වපුරා රටට
මිනිසුන් බෙදා වෙන්කළ පිරිවර සැමට
ඔබ කිවු කතා ලියු පැදිවැල් අද රටට
කොතරම් ගැළපේද තේරෙයි නොවැ සැමට

කවියෙන් ලොවක් සනසා දිවිමග හැරදා
ඔබ වෙන්වී ගියත් පිය සෙනෙහස පරදා
පන්හිද කළ සටන නැත තවමත් හැරදා
එඩිතර ලක්පුතුන් සටනක හැම පරදා

දස අත ගුණ වැයුම් සවනත ඇත නංවා
හැටපස් වසක මතකය සිහියට ගන්වා
අපි පන්සල් ගොසින් දන්පෙත් පිළිගන්වා
පැන් වැඩවුවෙමු නිවනට ඔබෙ මග පෙන්වා

පින්මද පුතුන් නෙත් අග කඳුලැලි රන්දා
මවු ගුණ සිහිකළෙත් ඇය අද නැති හින්දා
වෙවුලන දෑත් එක්කොට සඟ රුව වැන්දා
පැතුවෙමු අකල් මරණය නොම දෙනු. කැන්දා

2026.06.22

කවිය බලන්න