දිවි රඟ මඬලෙන් සමුගන්නා දා

දිවි රඟ මඬලෙන් සමුගන්නා දා

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

ආවේ කොහිසිට යන්නේ කොයිබද
යායුතු දුර තව කොයි කොතරම්
දිවි මඟ හැඳිනු යළි නොම හමුවු
ඒ හදවත්වල ඇසුර තරම්

සෙනෙහස හංගා නැඟි දුක් සංකා
දිවි සමදුර රළ බිඳෙන තරම්
අනියත ලෝතුළ කුමටද ධනබල
මෙත්සිත් සකසා ගත හැකිනම්.

මිනිසත් බව ලද දුලබ නිමේෂක
පරක් තෙරක් නැති ආශා පොදි බැද
අරුම තරම නොම දැනයන ගමනක
නිමාව කොතනද කවුරුද දැන ඉන්නේ.

ධන බල වපුරා දිවි රඟ මඬලේ
කම්සුව වින්දත් නොදත් ඉසව්වක
නොපැතු අයුරින් සමුගන්නාදා
සසරේ ඉම මැනු දෙරියන
බිම්කඩ පමණයි අවසන හිමිවන්නේ

කවිය බලන්න