යලි වඩිනු මැන බුදු හිමියනේ.....

යලි වඩිනු මැන බුදු හිමියනේ.....

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

බුදුන් වැඩි මග යන්න හිතල බණ ටිකක් අහගන්න ආවා ඒත් ස්වාමිනී බණ නොවේ ඒ කීවෙ මොනවද මමත් හිතුවා..... පුංචි හින්දා කියන දේවල් මටත් තෙරෙන් නැතිම හින්දා පස්සෙ අම්මගෙන්වත් අහල තෝර ගන්නට මාත් හිතුවා කිසිවෙකුට පීඩා නොකල දහමකි එමග යන බව පෙන්වු මේහිමි කරපු හිංසා අනේ බුදු හිමි අම්මෙකුටවත් කියනු කෙලෙසිනි කෝට් නම් ඒහිමි වටේ පිරවුනි නීතියක රඟ මටත් තේරුනි ඇස් වැහුනු ඒ ගැහැනු රුවකින් කුමක් කරනුද තරාදියකින් මෙහෙම ගියොතින් අනේ බුදු හිමි සාධාරණයක් ඉටුනොවන නීතී ලොවක් ඉදිරියේ ඕ උතුම් වෙයි මගේ ලොවතුල මා උමතු වෙයි.....
කවිය බලන්න