සමරමු පොසොන් පොහොදා අනුබුදු මිහිදු හිමි.......

සමරමු පොසොන් පොහොදා අනුබුදු මිහිදු හිමි.......

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

ඉරට හඳට ගඟුලට මහ සයුරට

ඇලට දොලට දකිනා මහකන්දට

දෙවියන් ලෙසින් වැඳ සිටිනවිට

සරණක් උනේ අනුබුදු හිමි දැයට

සම්බුදු සමිඳු තෙවරක් වැඩි සිරිලකට

අනුබුදු මිහිඳු සමිඳුන් වැඩ මිස්සකට

නරනිඳු දෙවන පෑතිස් සහ ලක්දනට

දෙසු දහම් සමරමු පොසොන් පෝයට

වඳිමින් පුදමින් ගස් ගල් වලට එදා

සිටියදි ලක්වැසියන් හසරක් නැතිව සදා

දුරුකර අවිදු අඳුරට දම් කිරණ බෙදා

යහමඟ සැදූ මිහිඳු හිමි සමරමු සැමදා

කවිය බලන්න