වට්ටක

වට්ටක

අංගප්පුලිගේ කැලුම් විරාජ් චතුරංග රාගම

අවුවටම කලු වෙච්ච
රස්නෙටම පිච්චෙච්ච
පියාපත් පිරිමදින කුරුල්ලෝ

ගින්නටම බඩ ඇලුණු
අඩුවෙන්ම කුස පිරුණු
පියාපත් පිරිමදින කුරුල්ලෝ

උත්තුංග වෛවර්ණ
මහ උසස් තෙජස්වූ
උන්ගෙ පා අතර වැටි කුරුල්ලෝ

පිරිමදින් පිරිමදින්
උබෙ ඔය පියාපත්
පියබපන් කවද මුත්
උන්ගෙ උරයට උඩින්

දැල් එලයි වටකරයි
ගිනිතියයි බයකරයි
උස්සපන් එදැල පුත
සත්ක්‍රයා කර නිවන් උන්ගෙ ගිණි

පියබපන් කවද මුත්
උන්ගෙ උරයට උඩින්
කටු අකුලෙ දමාලා උන්ගෙ දැල
කල්පෙකට ගිණි නොගන භූමියක් තනාලා

පිරිමදින් පිරිමදින්
උබෙ ඔය පියාපත්

කවිය බලන්න