ඈ මා ළඟ යැයි...

ඈ මා ළඟ යැයි...

රුවන් ඩී අළුබෝමුල්ලගේ

අහසම මහ පොළොවම විය මහ පොළොවම අහසම විය ගොඩබිම මහ මුහුදම විය මහ මුහුදම ගොඩබිම විය ආන් ඈත මූදු කොනේ ක්‍ෂිතිජයේ රේඛාව දිගේ ලී කොටයක් පාවෙනවා ලී කොටයක් නෙවේ පුතේ ඒක නැවක් චාන්දනී පහදනවා මූද දිගේ පෙරැළී ආ රළ ගෙඩියක් වෙරළෙ හැපී කුඩු වෙනවා එකපිට එක රළ ඇවිදින් වෙරළෙ හැපී කුඩු වෙනවා සිතුවිලි වාගෙයි උපදින මිය යන එක දිගටම ඉපැදෙන මියයන රළ රැලි ඉර හඳ එක විට පායා ඇත අහසේ දෙතැනක පෑයූවත් නැතා වගේ ඒ සඳ ඉර ළඟ..... මළ සඳ මළ හිරු බසිනා හැන්දෑ යාමේ බටහිර අහසේ ක්‍ෂිතිජ ඉමේ නෙත ළඟ ඇඳි මේ අනගි සිතුවමේ පාට මැකී යයි තව මොහොතින් අහසේ ඉගිලෙන වැහි ළිහිණී තව මොහොතින් යාවී නොපෙනී ඈත අතීතෙක හිත ඇඳුණී “ඈ මා ළඟ යැයි මට හැඟුණී ” යළිත් තිගැස්සී හිත ඇරුණී චාන්දනී ළඟ බව දැණුණී රළ ආපසු යනවා පෙණුණී චාන්දනී පමණක් රැඳුණී බෙළිකටු ඇහිඳියි පුංචි පුතා ඇගේ අතින් අත අත නොහැරා ඒ පසු පස මගෙ ඇදෙන දෙපා සසර පුරුද්දට වගෙ ඇදුණා රුවන් ඩී අළුබෝමුල්ලගේ
කවිය බලන්න