සැප වැඩි වුනාම
කලකිරෙනවා
සිද්ධාර්ථ කුමාරයට
වුනේ ඒක
සැප නැති උනාම
එපාම වෙනවා
පෝලිං වල වල
ඉන්න මිනිස්සු
හිතන්නේ ඒක
මැද හිටියම
අතර මං වෙනවා
චන්දෙට කලිං
69 ක් හොඳටම
කලේ ඒක...
සැප වැඩි වුනාම
කලකිරෙනවා
සිද්ධාර්ථ කුමාරයට
වුනේ ඒක
සැප නැති උනාම
එපාම වෙනවා
පෝලිං වල වල
ඉන්න මිනිස්සු
හිතන්නේ ඒක
මැද හිටියම
අතර මං වෙනවා
චන්දෙට කලිං
69 ක් හොඳටම
කලේ ඒක...
කොයි දේසෙ කොයි දීපෙ
හිටියාද දන්නෙ නෑ
මගෙ කුසට එනතුරා
ඔබව හඳුනන්නෙ නෑ
සංසාරෙ පුරුද්දට ආවාද දන්නෙ නෑ
මවක් වෙනතුරා මට
මවු සෙනෙහෙ දැනුනෙ නෑ
මටම අදහනු නොහැකි
මගෙම ලේ කිරි කරණ
විශ්වයේ විශ්මිතම නිමැයුමක්
මගෙ සිරුර තුළ හිඳී
කන්න නෑ නුඹ කුසේ නවාතැන් සාදාගෙන
නින්ද නෑ නුඹ කුසේ සෙල්ලමක් හදාගෙන
දුවන් නෑ වස්තුවේ ඒ නුඹව රැක ගන්න
මගේ කුස නුඹේ ලොව
මගෙ සුසුම නුඹ දිවිය
මගෙ ලෙයින් මගෙ කුසින් මගේ සුසුමින් වෙන්ව
එන මොහොත බිලිඳු පණ දෙවින්දෝ රකිත්වා
යෝද බල යෝද සවි මගෙ පුතුට ලැබෙත්වා
තිලෝගුරු දහම් කඳ සෙවනක්ව සිටිත්වා !
ගායනය ; උරේෂා රවිහාරි
සංගීතය ; ආචාර්ය රෝහණ වීරසිංහ
දුක් දෙන්න ඔබ ඕනැ තරම් මට
කඳුළු ඇත නෙත ඇති තරම්
රිදුනු තැන් සුවපත් කරන් මට
අඩන්නට දෙනවද වරම්
ගං ඉවුරේ මුදු තුරුලට වී
සිනා කැන් විසිරුණු වතින්
මා දුටුවෙ ඈ ඔබ අඩ නෙතින්
ඒ දුකත් ඔබ හට නොම දැනෙන්
සිඹ නළල උණුසුම් වූ තොලින්
දැමු ගෙතුම දැන් පරවුණු මලින්
නිමක් නැති හද දුක් සුසුම්
කළු වලාකුළු වුයේ ඉතින්
ගායනය : මීනා ප්‍රසාදිනී
සංගීතය : නවරත්න ගමගේ
සුරලොව තුසිතයෙ සුරසැප හැරලන්න
මනුලොව ඉපිද තුන්ලොව සනසන්න
දෙව්ලොව දෙවියන් විය පවසන්න
බඹලොව බඹුන්ද විය අයදින්න
කාලය දීපය දේශය බැලුවා
මව්තුම සමඟින් කුලයත් බැලුවා
නිසි දහමක් ලොව නැතිබව දුටුවා
බෝසත් මනුලොව වඩින්න සිතුවා
මහභාරතයේ නුවර කිඹුල්වත්
කපිලවස්තුපුර මහරජ තෙදවත්
සුද්ධෝදන වූ ශාක්‍ය කුලවත්
බිසවට වූවා මහමායා පුත්
ඇසළ පෝයදාවක මහ මායා බිසවුන්
සැතපෙන කළ දුටු සිහිනය මෙලෙසින්
සුදු නෙළුමක් ගෙන සිය සොඩින්
කුසට ඇතුළු වූවා දකුණු ඇලෙන්
සරණපාව ගෙන කුමරිය යසෝදරා
විඳිනා කළ රජසැප සිදුහත් කුමරා
දැකලා සතර පෙර නිමිතිද සිත දරා
ඇසළ පෝයදාවක ගියෙ ගිහිගෙය හැරා
සොයාගන්න යහමග බවදුක නිවන
ගමනයන්න සැරසුනවිට බෝසත් එදින
යසෝදරා දේවිය ලැබුවා පුත්රුවන
තැබුවා නමක් පුතුහට රාහුල ලෙසින
සිදුහත් තවුසාණන් ලැබ සම්බුදු පදවි
සයවසරක් එක්ව සිටි මිතුරන් සිහිවි
ඉසිපතනේදි පස්වග තවුසන් හමුවී
ඇසළ පෝයදා දෙසුවා දම්සක් මුල්වී
දෙසූ දහම් ඇසුවා පස්වග මහණුන්
කොණ්ඩඤ්ඤය පලමුව වූවා සෝවාන්
ගෞතම මුනිඳුගෙ මංගල දෙසුමෙන්
ඇසළ පෝයදා සැනසුවේ සගයින්
සම්බුදු සසුනේ වස්කාලය එළඹෙන්නේ
දායකයින් වස් ඇරයුම් දෙන්නේ
මහසඟ පෙහෙවස් සිල් අරගන්නේ
ඇසළ පෝයදා පළමුව වෙන්නේ
ගෞතම බුදුන්ගේ වම් දළදාවත් රැගෙන
හේමමාලා සමඟින් කුමරා දන්තද දෙදෙන
කිත්සිරිමෙවන් රජසමයේ ලක්දෙරණ
ඇසළ පෝයදාවක ඇත මෙහි සපැමිණ
පාත්තරා ධාතුව සිරිලක වැඩමීම
මාහිමි උපාලි සියමෙන් වැඩමීම
දළදා පෙරහැර ලක්දිව ඇරඹීම
ඇසළ පෝයදා විය බොහොදේම
දියදලු ඇල්ලක ගීතයක් ගැයෙන්නේ...
ගලන ගඟේ රැළිවැල් නැගී රඟන්නේ...
ඇදෙන දොලේ පෙනමල් සිනා නගන්නේ...
සසර පුරා අපගෙම ආදරේ දෝ...
සිතිජ ඉමව් මැදිවී ඔබේ දයාවේ...
මිරිඟුවකින් රැවටී නුවන් හැඬූ දා...
කඳුල ඉතින් රහසක් හඬා දොඩා කී....
අමතක දෝ නොවෙනස්ලු ආදරේ ඒ...
සෙනෙහසකින් ඉපදී බැඳුම් නොවේ නම්...
වතට වතින් හමු වූ දිනේ මතක් වී...
හිතට හිතින් අමතා ඉතින් කියන්නේ...
සසර පුරා අපගේම ආදරේ දෝ...
බොහොම සුන්දර හැඟුම් ඇතිරුව
මගේ හදවත තැනිතලාවක්
ඔහොම ඈතින් ඉන්නෙ කොහොමද
හිතාගන්නට බැරි මුළාවක්
කොහොම හරි මග හොයා ගන්නට
එවනවද මට බට මාලිමාවක්
ලොවම පීරා සොයා එන්නම්
දකින්නට සුසුමක නිමාවක්
සිහින කැන්දන රැයක හිනැහී
ගසක එතෙනා සේ ලතාවක්
ඉහින හැමතැන ඉබේ පැලවන
මලින් උපදින මුදු හිනාවක්
වහින හිරිකඩ හීතලේ ඇති
මගේ ලෝකේ නුඹ ඉනාවක්
කිරන බෙදමින් දුරින් බැබලෙන
සුදෝ නුඹ මට රැයෙ දවාලක්
බිඳෙන රළ වෙරළේ හැපීගෙන
අදින විට කිරියෙන් රටාවක්
රිදෙන හදවත හිනා වෙන්නේ
සිහි කරන් නුඹ කී කතාවක්
ඉදෙන බත සරි කරනු වස් ගිය
එතෙර රැකියාවත් සුරාවක්
විඳින නොවිඳින ජීවිතය ජීවත්
කිරීමත් අද කලාවක්
AnA 2022
බුදු හාමුදුරුවොත් වැඩ පුදබිම කළ දේසේ
හිරු සඳු ඇවිත් සිරිපා නමදිණ දේසේ
ලෝකෙන් උතුම් රටවූ අපගේ දේසේ
හීණ දීන කළවුන් යති දැවෙමින් ගින්නේ
නිවාඩුවට යන්නට අපෙ මවු රටට
සුන්දර පැතුම් සපුරා ගෙණ සිටි අපට
දරු පැටවුන්ගෙ සිහිණය බොඳ කළ වුන්ට
වැහි නැති අකුණු එනු ඇත කැරකී භිසට
අප මව්බිමේ සුන්දරතාවය දන්නෝ
හැරදා නොයන්නෝ මාපිය නොහඳුණන්නෝ
මාපිය නාමයද කෙලෙසා වැනසූවෝ
දොරළග අපායේ බව දැණගත යුත්තෝ
තෙල් පැට්‍රෝල් පෝලිම්වල දුක් විඳිමින්
අසරණ ජනතාව හෙළණා දුක් සුසුමන්
උඩ ඉන්නා දෙවියොවත් නැද්දෝ දන්නේ
අපෙ දේශයට හිමිවූ මේ දුක්බර කරුමේ
අදහස් කුරිරුවී දෙපිරිස් ඇවිළෙන්නේ
පෝලිම්වලත් ගුටිබැට නිති ඇතිවන්නේ
මිනිසුන් නොමිනිසුන්වී මුලුරට වැණසෙන්නේ
දෙසිය විසිපහම සුවසේ වැජඹෙන්නේ
Marne la Valée ප්‍රංශයේ
කඳුළැලි වලට නෙතඟින් එන තබා තිත
සිනහව විඳගනිමි ලෙසටම අසීමිත
දැරුවත් ලෝ දනා නෙක නෙක බොහෝ මත
ඉදිවුනි මාලිගා ගියතැන මගේ හිත..
විදුලි වැට පෙරලලා
ගම් බිම් ද වනසලා
රස අහර සොයාලා
ඇත්තු ගම් වැදීලා
අස්වැන්න කා දමා
ගෙවල් එක දෙක කඩා
මිනිසුන්ට පහර දී
උන් යනවා සතුටු වී
වරද කොතැනද කියා
තවම සොයමින් යතා
උන්ගෙ බිම් ගත් නිසා
නොවෙද මේ හැම දුකා
සුසුම් සමග දැවටි දැවටි එබිම බලාගෙන ලතවී
සියුම් මතක කැලති කැලති කවියක එතිලා ගුලිවී
සිසිල පිරුණ මේ හද තුල රත්වන විට ගිණි ඇවිලී
පැකිල කුමට ලත වන්නේ තබමු පාද වැල නොකැඩී
දිනිඳු කිරණ සමව වැදුන යායෙ වී කරල් පැසුනා
සතර දෙසට ගලන නදී කුමරි ආලයෙන් වෙළුනා
හරිත බරිත වන තුරුලිය විහඟ නාදයෙන් පිරුනා
කිමද ගලනු මෙබිම පුරා අඳුර ගිණි විසිර තවනා
නිහඬ වෙලා එම ගිණි මැද අසමින් හඬනා දරු දුක
ගඟට දරුන් ගෙන පනිමින් දිවි හැරයන මව් දැක දැක
රජ මැති සැම නොදකින විට ජනයින් විඳිනා එම දුක
කුමට තවත් ලතවන්නේ බසිමු වීදි නගමින් ගොස
කුල මල ජාතිය අවුලා නොමග යවා ජන සමගිය
වෙස්ගෙන මේ ලෙස එන විට රජ මැති කළ ශාප සැරය
නෙත් හැර බලනා ජන හද එක් කොඩියක සෙවනට වැද
මහ මග බැස කෑ ගසමින් සනසමු හඬනා ලක්මව
සිහිල් දිය කඳ රැගෙන
කුමට ගලනවද මේ ගඟ
ගඟ නොබොනව නම්
එකම දිය බිඳුවක්
අතු පුරා පල මියුරු
කුමට දරනවද මේ ගස
ගස නුබුදියි නම්
එකම රස පලයක්
රෑ අඳුරු අහස් කුස
කුමට දිලෙනවද තරු රැස
හිරු නොබලයි නම්
එකම එක තරුවක්
කවිකම් ඉපිද සිත් කුස
කුමට මියැදෙයිද එසැණින
පන්හිඳ නොලියයි නම්
එකම රස කවියක්
පෙම් හැඟුම් නැඟී ළය තුල
කුමට පිරිමදිනු හද තත
ඔබ නොහෙලයි නම්
පෙමාදර බැල්මක්.
යුග යුග රැදි රහස් කියන මිණි ගංදෑලේ
සදුට මුවාවී ඉන්නා හෙවනැලි අතරේ
හීතල මීදුම් රැල්ලේ හමනා සුළගේ
ඇහුවද ඔබෙ කතන්දරේ කවුරුත් රාලේ
සෙහෙහෙ පිරුණු හිත් මල් වල සුවද හැංගුවේ
කවුරුද ඒ කදුළු ගගේ දුර දිග මැන්නේ
පාට පිරුණු ඉර මල ඇයි තාම පමාවේ
අළුත් ලොවක් එළිය කරන් ඇයිද නොආවේ
කාසි පනම්, මිණි කැට තුල රැදුණු සංතොසේ
කොච්චර කෙටි කාලයක්ද මිහිර ගෙනාවේ
සතුට දෝරේ ගලා හැළුණු පුංචි කුඩුවේ
හොදහිත ඇයි පෑල දොරින් පිටවෙලා ගියේ
බැන්ඩේජ් එකේ උඩ ලේ කැටිය
මගෙද? වෙන කාගෙවත්ද?
ඇතුළට ගන්න කලින්
PCR කරන්නලු
PCR කලත් තියෙන්න පුලුවන්ලු
ඔක්කොටම කලින් ඒක බලන්නලු
බූස්ටර් ගැහුවත් හැදෙන්න පුලුවන්ලු
කිරීටක ධමණියෙ තෙල් තට්ටුව
පිලාවූස්ද? ෆැමිලිද?
ෆාරාද? එක්ස්ප්‍රස් පර්ල්ද?
ඇතුළෙ කැටි ගැහිලා එළියට ආවද?
එළියට ඇවිත් කැටි ගැහුනද?
ප්‍රෙෂර් කීයෙද?
පනස් නමයෙද? අසූනමයෙද? දෙදාස් නමයෙද?
නමය නපුරුයිලු නේද?
ඇතුළෙ කැටි වෙලා එළියට ආවද?
කැටි වෙන්නම එළියට ආවද?
මගෙද? වෙන කාගෙවත්ද?
මලින් අතු ඉති බරවෙලා අද වසන්තය ඇත ඇවිල්ලා
සුවඳ විහිදෙයි සතර අතෙහිම
අනඟි රැඟුමන් අවුල්ලා
බඹර ඉඟි බිඟි කුරුළු කූජන
සවන් යුග යයි අතුල්ලා
එහෙත් මිනිසුන් දුකිනි තැන තැන
සතුට කොහෙදෝ ගිහිල්ලා
රටේ හැමතැන පෝළිම්ය අද මුහුණු වෙහෙසට මැළවිලා
බෙහෙත් නොමැතිව ලෙඩුන් මිය යති තුන්බියම ඇත පැතිරිලා
තරුණ පරපුර මහමඟෙහි වැද ක්‍රමයෙ වෙනසට සැරසිලා
එහෙත් බොහො අය දිය කෙළිති තව හැළියෙ දිය දැන් උණුවෙලා
හොරුන් මැරයන් යෙහෙන් වැජඹෙති නීතියක් නැත ඔවුන්ට
ඔවුන් පසුපස කඩේ යන අය වෙරදරති උන් රකින්ට
රටක් වෙනුවෙන් හඬ නැඟු පිරිසකට දඟගෙයි ලඟින්ට
සිදුවෙලා ඇත ලක් මවුනි අද තව කඳුළු නැත හැලෙන්ට
මෙතෙක් කාලෙට රට කෙරූ අය සුරපුරය වනසා දමා
උන්ගෙ බඩකට වඩා ගත්තේ ලක්මවුන් විපතට යොමා
රටේ ජන කැළ එකතු නොවුනොත් තව තවත් නොම වී පමා
අපට වසනට රටක් නැතිවෙයි සිතට ගතයුතු වෙයි සැමා
ලීලදාසත් එක්ක
මරියකඩෙ හන්දියෙන්
බස් එකෙන් බහිනකොට
ටිකක් රෑ බෝ වෙලා
ඉස්සරහ අන්දියෙන් බයිනවා
කොන්දොස්තර කියුව
පොඩි එකා කයිනවා
ඛේත් ගන්නත් ඕන
මිනිඅ එන්නෙත් අයට
මං යනව මා ඉස්පිරිතාලෙ
මට එහෙම කිියාගෙන
මාගරට් ගියා දුවගෙන
සිදාදියෙ සිංහලේ
'හ' යනු නැති බව දන්නෙ
මමත් ඉස්ටොක් වත්තෙ
පය තැබුවට පස්සෙ
ටික දවසක් යද්දි
අවබෝධ වුනා මට
"හ" යන්න නැති වුනත්
"හු" යන්නෙන් එන වචන
හොඳ හැටි ශබ්දකර
කියන බව අඩු නැතුව.
23 - 06 - 2022
මිතුර
මා ලද අමා සුවය
ඔබෙන් ලද ඇරයුම....
ගිම්හාන සෘතුවේ
එංගලන්තයේ
හමු වෙමු,......
කෙලි කවට සිනා මැදින්
Chelsea flower show පුරා
මිතුරන් සමඟින් දැතේ වෙලි
වින්දෙමු සුවඳ පාට පාට,....
මගෙ සුහදයානන්
Lords ක්‍රිඩා පිටිය සිසාරමින්
විඳි සුව,........
අතිතයේ සිහිවටන මැද
නතරකොට,.....
මගෙ පාසැලේ first century
ගැසු මගේ පින්තූර
පාසැල් බිත්තියේ,......තාමත්
විවෙකයෙන් පසු තව දිගු ගමනක් Gretna Green
හන්තානේ කන්ද තරණය නොකලාට
වලේ ඉඳන් ගී රස නොවින්දාට
පොද වැස්සෙ එක කුඩය යට තුරුල් නොවුනාට
Gretna Green යන මග දෙපස
නිල් තැනිතලා කඳු අතරින්
වංගු කැරකෙමින්
පුලුන් වළා යටින්
විටින් විට කඩා හැලුන
සේද සිහින් වැහි රේඛා
කෝපි කෝප්පයකින්
උණුසුම හා විවේකයක්
එක් කළා ගතට
විශ්මිත කම්මල්කරුවාණෙනි,......
මා පෙර පින් කර ඇත්තෙමි
ඔබ මැවු ඒ පෙම් කතරේ
බැස ඇවිදින්න,....මෙ සංසාරයේ
විස්මිත කම්මල්කරුවාණෙනි
ප්‍රේමයෙහි සිහින මාලිගා,...
සැබෑ කරමින්
නීතියේ දොරවල් විවරකර
ප්‍රේමයේ තොටිල්ල පැදවූ,.....
ඔබෙ දැතට
ප්‍රේමවන්තයන් සදා ණයගැති නොවෙදෝ!!!!!!!
19/6/2022
Law of the jungle
was streangth
Animals took what they wanted
forcibly
If the situation demanded
they fought
forced themselves
on the females
who meekly surrendered
No protest
No objection
got the protection in return
It was
Animal Nature
Humans were no different
When they came out of the jungle
the srongest became the leader
was called the king later
If the king fancied any woman
ordered her to the harem
No protest
No objections
No option either
Ample food
Ample cloths
Ample what not
and protection in return
The ministers could not have harems
but found secret ways
to follow the foot steps of the king.
They protected their secrets only
which they still do
Those who wield power
statutary or monetary
have harems
original styled
or different styled
to match the modernity
women surrender meekly too
ready to drop the cloths to the command
No protest
No objection
Not a whimper from
Women's Right Champions either
After all this is a free society
(if that is their wish
no champion can stop them
but the champions can make a living
by shouting
if that is their wish)
Showered with food, cloths
gold and diamond
whisked away in limousines
protected by personal body guards
What else do the women need ?
We educated people
so called civillised lot
Champions of the righteous society
Call names, condemn vehemently
shout - dirty !
harems!
a disgrace !
they are remnants of the past
The world has changed
we are a cultured and ethical lot
This is Human Nature
Do a little soul searching
My friends
Arn't we all jealous ?
16-03-2022
Nature demands all males to
go after the feamales all the time..
Some males are smarter, some
are stronger in their approach.
Weaker ones put forward theories
criticize the others and condemn.
Isn't this jealousy ?
සම්බුදුන් පා කමල නැමදලා
පේ වෙලා
රත්තරන් අබරණින් සැරසිලා
හැඩ වෙලා
සදාකල් නුබට හිමි
ඔටුන්නත් හිස දරා
වෙනද හුරු පුරුදු ලෙස
ගුවනැබේ රජ වෙලා
දගකාර සියක් පෙති
මුකුළු ලග නවතිමින්
අදුරු දිවි මන් පුරා
නව අරුණ ගල්වමින්
කදුළු සෝ දුක්නිවා
සිනහවක් පූදමින්
හිමි සඳේ නුඹ දියට
එක් කළා ජීවයක්
හැම ඇකය සනසමින්
සැරිසරා වෙහෙසෙමින්
ගිනියම් වු රැස් කැරලි
ලය තුලට හකුලමින්
විඩාබර මුව වසා
ලෝකයෙන් සගවමින්
නුබ ඇදේ මා වෙතට
සැනසුමක් අයදමින්
පුරුදු ලෙස වැලදගමි
සෙනෙහස ම පුරවමින්
කියාගනු නොහැකි වූ
ප්‍රේමයක් මුමුණමින්
තුමා සමගින් ඇදෙන වේගෙන් වහන්වීගෙන හැංගිලා
ගෙවා පසුකර නගර හනිකේ තිබෙන පෝළිම් දික්වෙලා
මහා විපතක හෙලූයෙන් රට ජීවිතේ බර වැඩිවෙලා
ලෙහා ගනු බැරි අවුල් සිත මා නිල රථය තුළ තනිකලා
උයාගන්නට බැරිලු අම්මා දරත් වැස්සට අහුවෙලා
සොයාගන්නට නැහැ ප්‍රෙෂර් පෙති තාත්තා ඇති බයවෙලා
කපාගන්නට අරන් විදුලිය මල්ලිගෙත් වැඩ නැතිවෙලා
හිතාගන්නට බැරිම තරමට සියළුදේ පැනයක් වෙලා
සිටිනවා කුසගින්නෙ ජනයා මුන්ගෙ සැප නැහැ අඩුවෙලා
ගෙවනවා දිවි විනෝදෙන් දරු පවුල් සමගින් වැජඹිලා
තිබෙනවා නීතියත් පොලිසිය අයුක්තියටම යටවෙලා
සිතෙනවා මේ කාලකණ්නියො කුමට රකිමුද වෙහෙසිලා
එදා උතුරෙදි සුරැකි විලසින් ද්‍රෝහීන්ගෙන් ගලවලා
මෙදා මව්බිම වෙතට මෙහෙයක් කරව හදවත අණකලා
යොදා එල්ලය නලල මැද්දට නැගිටුවා අත සොලවලා
පුදා මුල්තැන රට රකිමි යැයි දුන් පොරොන්දුව ඉටුකළා
විස්මිත මේ සිතුවම පවසනවා නෙව අපට යමක්...
ඉස්ත්රිය ගැන; පැවරුවහොත් වගකීමක්, වුවද කුමක්...
ඉස්තරමින් කෙරුවොත් නොපැකිල සිතලා යුතුමකමක්...
ඉස්තිරවම ලබනව ඇය කිත් පැසසුම් සහිත නමක්...
දිස්වන ලෙස, ලඳුන් තිදෙන ඔසවන්නේ එක් කලයක්...
හිස්මත, උරයේ, උකුලේ රඳවාගෙන පා ඇලයක්...
තිස්සෙම එකිනෙකා වෙනස්, ඇතිවත් නැතිවත් බලයක්...
දස්කම් විවිධාකාරයි , සැසඳුම් නොගෙනෙයි ඵලයක්...
ඉස්ත්රිය ගැන පෙර කවියෝ
වැනුවේ ඇය වගෙයි සඳක්...
ලස්සන ඇගෙ දිනෙන් දිනම වැඩෙයි ලෙසින් ගසක කඳක්...
තිස්සෙම රඟ පෑමට ඇත විවිධ චරිත, සිතමු මඳක්...
විස්කම් මැවුමකි මහබඹු කළ, 'සුන්දර දිරිය ලඳක්'...
මල් වලින් හිස් ගවසගත් තුරු මුදුන් අඟනෝ යායෙකී
තුරු'ඟනන් ගේ නෙරිය ගවසා ඇදී යන ගං දහරකී
තුනටියෙන් ගත නමා ගං සළු අන්දනා තුරු බෝමෙකී
රිදී වන් වැලි තලා කැඩපත් සේම ගෙන උන් රූ දකී
වන සිරස් මදු පවන් බී තුරු අංගනා හා රඟ දෙතී
නෙක උසස් මල් පළඳනා හිස් මතින් ලිහි ලිහි බිම ලතී
රැළි සහස් රහසින් නඟා ඒ මල්ද ගං සළු වහගතී
කිතු යසස් පතුරා සොබා සිරි මලින් යළි තුරු ගැවසෙතී
තුරු'ඟනන් ලා දළු දෙතොල් සල සලා ගී පද ගායනා
හිරු රදුන් කිතු කිරණ විහිදා වයන්නේ එහි නාදෙනා
ගං දියෙන් ගෙතෙනා එ සළුපට රැඟුම් දී හැඩ පාමිනා
පුර'ඟනන් කෝ දෙවැනි විය මේ වන'ඟනෝ හට පැරදෙනා
“උසුකිරිං - උසුකිරිං”
මයිනාහමේ විලාපය
වේගවත් වී නැවත යාන්තමට
කොලුවාගේ අත්දෙක ම
ඉහළට - පහළට
හති අරින සද්දය විලාපෙන් වහගෙන!
සිරුරට වඩා බර
ලොකු - මහත මිටියකින්
උඩ පැන - පැන
මහලු මිනිසා තඩිබායි
“තග්කටං තග්කටං”
මෘදුකමක් නැති තෙතමනයකුත් නැති
ගිනියම් වූ දෑකැත්තකට!
වේගවත් ය කට හඩ
මහල්ලාගේ
“ඇදපං කොලුවෝ - ඇදපං තවත් හයියෙන්”
වේගයෙන් වැදේ
ලොකු - මහත මිටිය දෑතලේ!
තොරතෝංචියක් නැති ව
ඉදහිට තවමත් ඇසේ
“තග්කටං තග්කටං - උසුකිරිං - උසුකිරිං”
01/07/2022
Cradle Song by Sarojini Naidu
නෙලුම් මල් පිරි ගඟුල් හරහා
කුඹුරු, කුළුබඩු උයන් පිසිමින්
දිළිසෙනා පිණි බිඳු ද තවරා
නුඹට ගෙන එමි
පුංචි සොඳුරු ම සිහිනයක්
මැණික නුඹ නෙතු වසා ඇති විට
දෙව් විමන් වැනි කොහොඹ ගස් මැද
කදෝපැණි රංචුව නටති දුර
සොරාගෙන පොපී ගසක බඳකින්
නුඹට ගෙන එමි
පුංචි සොඳුරුම සිහිනයක්
ඉතින් සුපතමි
පුංචි දෑසට- සුභ රැයක්!
රන් එළිය මැද තරු දිලෙද්දී
මුදු ව පිරිමැද
නුඹ අතට දෙමි
පුංචි සොඳුරු ම සිහිනයක්
Link to the original poem https://allpoetry.com/poem/8496437-Cradle-Song-by-Sarojini-Naidu
Copyright free photo from pixabay
Poet’s Bio translated from Poetry foundation
සරෝජිනී නයිදු 1879- 1949 කාලයේදී ඉන්දියාවේ වාසය කළ කිවිඳියකි. ඈ කවිකමට වඩා ප්‍රසිද්ධියක් උසුලන්නේ ඉන්දියාවේ නිදහස් අරගලය වෙනුවෙන් සටන් කළ වීර කාන්තාවක් හැටියටයි. ඇගේ කවි වල විචිත්‍රවත් බව නිසා ඇයට මහත්මා ගාන්ධිතුමා පිරිනැමූ ‘භාරත් කෝකිලා’ නම් ගරු සම්මානයටද පාත්‍ර වූවා ය.
"තිස්ස.. තිස්ස" හඬට යොමා කණ, බැලුවිට හිස ඔසවා.....
රැස් විහිදෙන කහ සිවුරේ අසිරිය හොඳහැටි දුටුවා.....
දස්කම නැණ නුවණ රජුගෙ පැන විමසා මැන බැලුවා
අස්වනු ලෙස සිරි සම්බුදු දහම හෙළයෙ මුල පිරුවා
....................
දහ අට කුළයක පිරිවර මහ බෝ හිමි සමග වැඩිය
සඟමිත් තෙරණිය තැබුවා මෙහෙණි සස්න රැඟෙන අඩිය
සිහළ බසින් දහම ලියා හෙළ අටුවා සිංහ කොඩිය
ලෙළදුනි සාහිත අඹරෙහි නව මගකට රැඟෙන එඩිය
..................
මළවුන් පිදු හෙළයන් හට එය බුදුදහමට ගාවා
කළ කළ දම් දෙසුම් නිසා පිරි මොහඳුර දුරුවූවා
කුළදරුවන් රජ දරුවන් සදහම් රසයෙන් නාවා
සෙලවිය සසරට තිබු බැමි සියල්ල බුදුබණ ගාවා
.................
උස් අහසට මහ පන්සල්, දාගැබ්, පෙති පිළිම තනා
ගස් ගල් වැඳ සිටිය හෙළයො නව මගකට එකතු වුනා
පස් පවු, දස අකුසල් හැර යහගුණ හදවතට උනා
ලස්සන විය රට දහමින් අනුබුදු හිමි සමිඳු ගෙනා
............
අදටත් නව වරක් පිදුනු මේ රට සම්බුදු සමිඳුට
විදහයි හෙළයන් අබිමන දන්සිල රැක සසර ඉමට
වැඳ අත් යුග තබා නළලෙ අනුබුදු මහ මිහිඳු නමට
සිඳළන්නෙමි බවේ අඳුර සමිදේ ඔබ පමණි පිහිට!
කරා ආදරේ මං
මහ මෙරක් තරමට..
ආදරේ සොය සොයා
අතරමං විය කතරක..
බොහෝ පිපාසා දැනුනි..
මම සෙවූ ආදරය
අයිතිය තවත් හදකට..
දැනුනා දුක මහාමේරු පර්වතය
සමකොට..
හදවතම හිස්..
මගේ ඇස් සමයි දැන්
ඉරි තැලුනු කතරකට..
කියන්නට බොහෝ දේ ඇත..
පවක් ඇති මා කළ
ඒ නිසා....
අහිමි වන්නට ඇති ප්‍රේමය
ඉතින් අවසන මෙසේ කියනෙමි
සඳ අයිති අහසට
පොළවට නොව...
ජනිත් චතුමදුර ප්‍රේමය අහිමි උන ඈත ක්ෂිතිජයක සිට
2022.06.09
අඳුරු අහසම එළිය කරමින් අයාලේ ගිය රුවැත්තී....
මැඳුරු නිහඬව ගිලුණු අදුරේ සතුට ගෙනදුන් කුලැත්තී....
ගොඳුරු කරගත් මරුන් සමඟත් රමණයේ උන් පවැත්තී....
පැදුරු කොනකට ගුලිවෙලා අද සුනඛයින් හා කුනැත්තී....
කොයිද විනිසුරු අවසරයි දැන් ආවෙ අද මෙහි වෙසඟනක්....
ඇයිද නිහඬව වදකයිනි තොප වේද නිදි වැදි පෙරදිනක්......
නොයිද හැංගී පිසාචයිනේ සතුටු වීයන් එක රැයක්......
පව්ද අමතක කරන් මොහොතක් යම රජුන්ටත් දෙමි පැයක්.....
ලෙවකමින් කුණපයේ රස තැන් සුනඛයින් නිදි නෑ රැයේ.....
පොරකමින් කබරයින්,පිඹුරන් සතුට සමරයි මරණයේ......
පරදමින් මල් සුවද ඕජස ගලයි කෝ සිරි දෙතනයේ....
ඉවසමින් දඩුවමක් දුන මැන විනිසුරුත් තව සයනයේ.....
විසුල පෙම් මල් අතුල යහනේ
පිපුණු සිත් මල් පරවෙලා
තෙපුල පෙම් බස් අතීතේ අපි
තුමුළ යහනම ගොළු කලා...
පවන රුදුවිය පෙති තැලී
සුවඳ පිදුනිය මල සැලී
මලක මල්වර සුවඳ කොයිදැයි
නොඉඳ මුනිවත කියන් සොදුරියේ
වෙලුනු දෑගිලි තෙමී කදුලින්
නෙලුනු මල ඉකි බිඳී විලියෙන්
සිඳුනු සුවඳින් ලොවට කෙලෙසින්
යමුද හෙට දින කියන් කුසුමියේ
හඩ; අමරසිරි පීරිස්
සංගීතය : විශාරද දිනේශ් බෝගොඩ
ඉඩලද විටක ඉඩසක තිබෙන සැටියට
සිටවමු පැලයක් මතු දියුණම ලැබුමට
කිරිපිටි බඳුනෙත් සිට වියහැක කදිමෙට
ඉවතට දමන කිසිවක් නොමැත කැලයට
කොබවක කාංචනා
පෙරේදා හවස හතරේ සිට
පාන්දර හතර වනතුරු
පෙට්‍රල් පෝලිමේ ලැග
තෙල් ඉවර වුන බව පවසා
ගෙදර ආවේ ඔහු
හිස් අතින් නොවේ මහතුනි;
වැසි දියෙන් තෙතබරිතව
හෙම්බිරිස්සාව කර වට
අත දමාගෙන තුරුලුකරගෙන
නිමාකර දවසේ රාජකාරිය
සවස හත නාද වූ විගසින
අද නැවත පිටවුණි ඔහු නිවසින්
මුසුවණු පිණිස තෙල් පෝලිමකට
හෙම්බිරිස්සා මට්ටු කරනා ඔසු
සමග ඉඟුරු ද කොත්තමල්ලි ද පානය කර
අහස් කුස කරුණාකර
පිණි වැසි නොවස්සනු අද රෑ
මහී මව් කම්පාකර
තෙල් පෝලිමේ කුඩා කුහුඹුවන්
සියොළඟ ම කඳුළින් තෙත් කර
බූදල් නො වෙමි
කුරුටු ගී නො ලියමි
ලබන වසරේ අද වගේ දිනකත්
මේ කවිය ලියන්නට වේ දැයි නො දනිමි
එලෙස නොම වේවා පතමින්
කොමාවක් නොව තිතක් තබනෙමි.
දුරු කටු කැලේ නෙක මල් පිපී
සුවඳයි ගමත් - පිටිසර මගේ
සුව`ද විලවුන් වගේ - සුවඳ නැහැයට ගෙනේ
නගරයේ පිපී ඇත
එවන් වනමල් අගේ - මගේ පිටිසර ගමේ...
බුදු පතුල සිඹ ගන්න අරලියා හිනැහිලා
සුදු දෑ සමන් මල් මානෙල් නෙළුම් හා
ඉද්දමල් වතුසුද්ද වට්ටියක සැරසිලා
අතින් අත පා වෙවී බුදුගෙට ම ගිහිල්ලා
බුදුගෙට ම ගිහිල්ලා...
කුමුදු රෑ කුමාරී කොහේ දෝ සැඟවිලා
දහවලට නොපිපී ම සඳුට අවනත වෙලා
සුව`ද රෑ කල ගනුව කවුරු ඇත නිදි වරා
පන්මලී හා රෝස කටු අත්තකට වෙලා
කටු අත්තකට වෙලා...
අලුයමට පුබුදු වන මලකි සේපාලිකා
පිපී නොරැඳී කිමැයි මියෙනු ඈ පරවෙලා
පිපෙයි දෙව් විමානේ පරසතු ද මදාරා
කිසි දිනෙක කිසිවකු ද නොදුටු මල් නොමියෙනා
නොදුටු මල් නොමියෙනා...
ලියතඹර මැඩෝනා උඩවැඩිය මල් අගේ
සිත් ගත්ත බව හැබැයි දැකුම ඉසිවරුන්ගේ
ඉඩ දුනි ද බඹරුන්ට සිප ගෙන ම පැණි බොන්ට
නොබැණ ඉඩ දී කිම ද කිසි දිනෙක දුක් නොවී
කිසි දිනෙක දුක් නොවී...!
නමක් දිනු
කවියෙක් නොවෙමි
එහෙත් කවි ලියමි
නොකියැවුව අන් කෙනෙක්
මම ම කියවමි, මා කවි
තනිව විඳිනෙමි.
කවිය මට හුස්ම ය
දිවිය රැකදෙන
නිදසුනක් ලෙස
කියමි ඉකුත් වත
එක් කලෙක
ඇතිවුයෙන්
මහා නියං සායක්
රෝබියක්
කැරළි, රජ මැති අවුල්
මියෙන්නට ගති සහස් ගණනින්
දරණු නොහැකිව
දරුණු පිරිපත
ගැළව යන්නට
මගක් සෙව්වෙමි
ගෙන නෙක කවි පොත්
තනා කවි ලෙනක්
එහි සැඟවුණෙමි
මට පෙර හුන්
කවියන් ඇසුරේ
තනිකම් නොදැනුණි
තවුස් වෙසින් එහි
බෝ කල් විසුවෙමි
කවියට හැකිය
රැකුමට දිවිය
කවියක් විඳුම
ඔසුවක් බඳුය
හිත සුව සදන
එපුර වෙසෙන
මහ සෙනගට
නිතර කවි ලියා තුටුවන
මිතුරනි මට කම් කළ මැන
මගේ කවිය, මට පමණය.
ජර්මන් ජාතික නාට්‍ය රචකයෙක් සහ කවියෙක් වන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් ලියූ 'A bed for the night කවියෙහි සිංහල අනුවාදය.
.
මා අසා ඇති පරිදි
ශීත ඍතුවේ සෑම සවසම,
නිව්යෝර්ක් හි 26 වන විදි කොනේ
එක් කුඩා මිනිසෙක් බලා හිඳී ...
පසුකර යන මඟීන්ට අයැද
නිවාස අහිමි වුවන්ට
ඔහු සෙවණක් සොයා දෙයි ..
.
එය ලෝකය වෙනස් නොකරනු ඇත..
එය මිනිසුන්ගේ මිනිසත් ගුණ
දියුණු නොකරනු ඇත...
එය සූරාකෑම නොනවතනු ඇත...
.
නමුත් ඔහුගේ මේ ප්රයත්නය නිසා
මිනිසුන් කිහිප දෙනෙකුට
රාත්‍රිය සඳහා ඇඳක් ලැබෙනු ඇත..
සහසක් කඩු තුඩු මෙන් ඇනෙන,
දරුණු සීතලෙන්
හිම කුණාටුවෙන්
මිදීමට ඔවුන්ට සෙවණක් ලැබෙනු ඇත ..
.
ඉතින් මෙ 'කව කියවා
ඉවතට විසි නොකරන් මිතුර ....
.
සහසක් කඩු තුඩු මෙන් ඇනෙන,
දරුණු සීතලෙන්
හිම කුණාටුවෙන්
මිදීමට ඔවුන්ට සෙවණක් ලැබෙනු ඇත
මිනිසුන් කිහිප දෙනෙකුට හෝ
රාත්‍රිය සඳහා ඇඳක් ලැබෙනු ඇත..
.
නමුත් ඔහුගේ මේ ප්රයත්නය
මිනිසුන්ගේ මිනිසත් ගුණ
දියුණු නොකරනු ඇත...
සූරාකෑම නොනවතනු ඇත....
ලෝකය වෙනස් නොකරනු ඇත...
හිත ඇතුලේ හිර වෙලා කොහෙද දන්නේ නෑ
උනන කඳුළු මොන තරම් ද මට තේරෙන්නෑ
සමාවෙන්න සුදු මැණිකේ මට වාවන්නෑ
දවස් ගණන් ගත වුවත් වචන එන්නෙ නෑ
දුවන පනින රූප නිතර හිතේ මැවෙනවා
ඇත්තට නැති බව දැනුනම කඳුළු උනනවා
මම එනවිට එන හැටි මට මැවිල පෙනෙනවා
මගෙ ආදර සුදු මැණිකේ මට තවම ඇඬේනවා
මාව සොයන් කොයි ලෝකෙන් ආවද මන්දා
මාව රැක්ක හැටි නිතරම සිහියට එනවා
සිහියට එන හැම වෙලේම කඳුළු වැටෙනවා
සින්ඩි මගේ සුදු මැණිකේ හොඳ මිනිහෙක් වෙනවා
ඇට ඇට මිදුලු පළා ගිය ළෙහි බර සදාතනික දහමකිය ලොවේ
ඒ රැඳි රුහිරුද ශේෂයකින් හෝ උණුසුම් වී මුලු ගතම දිවේ
දාරක ප්‍රේම වෘත්තාන්ත ද මේ මැයි අතීත සිතුවිලි සිහි කැඳවේ
කවදා කොතැනක විපරියාස වුව එදිනෙදි ගෝලය හතරැහැ වේ.
නාන ළිඳ හැමදා ම සොඳුරු විය
කාවයියනුත් බොහෝ සතුටු විය
හැමදා ම දිය නාන ගෑණු විය
ඒ ගෑණු ළඟ නාන පිරිමි විය
ඉනූ තනපට පුරා කූඹි විය
නිදන නිදිකුම්බා ද අවදි විය
නැමි නැමී කුණු උලන ගෑණු විය
හැරි හැරී පිට උලන පිරිමි විය
තුත්තිරි ද කස්තුරි ද මිශ්‍ර විය
ගුස්ති දැන වස්තර ද ත්‍රස්ත විය
නානු ගා රාණි ගෑ ගෑණු විය
පාඩුවේ සන්ලයිට් පිරිමි විය
සබන් උඩ උදම් වූ ගෑණු විය
ගුදම් ළඟ පදම් වූ පිරිමි විය
කන හාරමින් බලන ගෑණු විය
දත් හාරමින් කහින පිරිමි විය
හවරියෙන් පොල් ගාන ගෑණු විය
හිරමණෙන් පිට කහන පිරිමි විය
සබන් පෙණ සක්වලට වීසි විය
ඉනෙන් උඩ ඉනෙන් යට ප්‍රීති විය
දිය රෙද්ද සේදෙමින් තුනී විය
ක්ලේශයෝ නොසේදී ශේෂ විය
ගෑණුන්ට ඉනෙන් උඩ මතක් විය
ඒ නිසා පංසලට යන්න විය
පිරිමින්ට ඉනෙන් යට මතක් විය
ඝන්ටාර හඬත් චූ බරක් විය
නාන ළිඳ ටිකෙන් ටික පාළු විය
බාල්දිය ළිඳ ගාව තරුණ විය.
පංසලේ සෙල්මුවා දොරක් විය
ගෑණුන්ට නිවන් දොර මතක් විය
පිළිකන්න පැත්තටත් දොරක් විය
පිරිමින්ට බාල්දිය මතක් විය.
" ඇට්ලස් කියන්නෙ
කවුද තාත්ති ? "
විමසයි පොඩි පුතු
පැන ඔඩොක්කුවට
මේ මුලු ලෝකයම
දරාගෙන උර මත
හිඳින යෝධයා ඔහුයි
පිළිවදන් දෙමි පුතුට
" පුතාගෙ තාත්තිත් ඉතින්
යෝධයෙක් තමයි
උස්සන් ඉන්න ගෙදරම බර "
පුම්බා ළය
උරහිස් පලල් කොට
ආයාසයෙන් මවාගමි
යෝධ වෙසක්
මොහොතකට
ම'පුතු අබියස
විස්මයෙන්
විවර වෙයි
සිඟිති මුව
ඇසෙයි මුලුතැන්ගෙයින්
මෘදු නෝක්කඩු ස්වරයක්
විඩාබර
" බෙහෙත් ටිකවත්
බොන්නෙ නෑනෙ ඔයා
මං මතක් නොකලොත්
වෙලාවට ! "
මල් දෙවැටේ වතුසුදු හිනැහුනි නැත අරුමක්
රන් මැණිකේ ඔය මුහුණද එවැනිම දසුනක්
විල් තලයේ රඟ දෙන මහනෙල දැක දවසක්
රත් මලියේ ඉවසමි කෙලෙසක නැත නිවනක්
ආදර රන් කඳ මගෙ සුකුමලි පෙම්බරය
සාගර නිල් දිය රළ පෙළ ලෙස සුන්දරය
දේදුනු වන් දෙබැමද, සිනහව පින්බරය
නාඹර බැල්මට බැඳි හදවත මල්වරය
පැල වෙත ගෙන යනතුරු සිතිවිලි මගෙ පොරකයි
මතු දින ඔය සුවඳට කෙත ලියලනු නියතයි
ගෙල බැඳි මුතු දෙපොටට දෙනයන හැඩ කරවයි
මල වට බිඟු රඟදෙනු දැක අප පෙම සිහිවෙයි
(රවුළු ඡන්දස - සම විරිත් ඇසුරිනි )
~~ ලියෝනි අමරතුංග - කැනඩාවේ සිට ~~
කිතුලෙහි රෑන අද කෙටිවී පෙඳ කොටයේ
උකුලද පෑදි නෙව හිරවී කිටි කිටියේ
ලමැදද කීවෙ අව නඩුමය හිරු එළියේ
නැතිවද තීගෙ විලි සංගය සිතෙ සැකයේ
නිවසෙහි හිටිය සංවර දඟ පුංචි එකී
ගමටම එළිය රුව කමලෙන් පිරුණු එකී
ලැබුවනෙ රාහු පිටමංකර යවපු එකී
වැනසුම තමයි සංකරගති වැලඳු එකී
ඉනසිට පෙනෙන වියතක වැඩි එළියෙ ඇතී
මිරිවැඩි සඟල ටක් ටොක් තාලයත් දෙතී
කලුවට දිලෙන බෝතල් අඩි දෙනෙතෙ වෙතී
දිගුවට වැවුන නියපොතු රතු පැහැය ගතී
දොඩවන බසද අදනම් වහ කදුරු වගේ
එහෙමෙහෙ වැනෙන දිව මුවගට සහෙට දඟේ
අහස පොළොව ගැටලන කාරියකි ලඟේ
කරකාරෙට කිසිවෙකු නොම ඒවි තිගේ
විහිදුවා අත් සෙවන බෙදපූ
කරු මුලට බර ටිකක් තියපූ
හිරුගෙ ගිනි සැර හිසෙන් වහපු
බෝධියකි පෙර බුදුන් වැඩපූ
ගෙන්දගම් බිම සුළං වැදුණූ
කළු දුමින් කොළ තාර ගැහුණූ
බුලත් කෙළ තැන තැනත් ඉහුණු
නමුත් ඉවසූ පාරේ ගැහැණු
සැදූ රොඩු බොඩු ජෝඩු කපුටූ
කූඩු කොණ්ඩා වගේ බොකුටූ
තිබූ මුත් ඇඟ මැද්දෙ අරටූ
ගියේ නෑ අපෙ නෑයො මොරටූ
පෙම්වතුන් අත් ඇඟිලි බැඳුණූ
සෙවනෙ ඉඳ කියු කතා ඇහුණු
දරාගෙන ලෝ දහම දරුණූ
ගහක් වුණු එක පිනකි සිතුණු
අවහිරයි මග ලියුම් එව්වා
කපන්නට අත්සනක් ගැහුවා
ගජමනුත් කවි ගීත ලිව්වා
ඒත් දෙනිපිටි ගහත් කැපුවා
අන්දර වැටෙන් ඉර බැස යන හෝරාවේ
ගින්දර වැනි රුවක් වෙත මා නෙත යාවේ
සුන්දර කමට දඟ සිත එහෙ මෙහෙ පාවේ
තුන්දොර කොහේ රැකගන්නද ඇන්නෑවේ
සුළඟේ අක්ඹමර කෙහෙරැලි දඟ දාන
සුරතේ පහස විඳ කීකරු වෙන ගාන
මසිතේ කිතිකැවෙන සිතුවිලි හංගාන
සුවසේ කොහොම ඉන්නද මං ඉවසාන
හද සනසා සිනා මල් වැස්සක් වස්සා
මද පමණින් ලතාවට ඇගෙ හිස ගස්සා
හැඳ සිටි චීත්තයෙ පොට කොනකින් උස්සා
හොඳ සීරුවෙන් ඇය වෙල් නියරට බැස්සා
කාන්දමක් සේ ඇගෙ පසුපසින් වැටී
වාන් දමන පෙම් සිතුවිලි සමග ගැටී
හීන් තාලෙකට පැද්දෙන නිතඹෙ හැටී
රාන් කිරිල්ලියෙ නුඹ මට දහස් වටී
ආන් එහෙම බැලුවොත් නෙත් කැළුම් සලා
කාන්සියක් නැත සිටියැකි එදෙස බලා
වාන් දමයි ලෙන්ගතුකකම දෙගොඩතලා
හීන් නඟේ බහ දෙනවද සිත නොතලා
කැත්තට උදැල්ලට මගෙ අත හුරු ඇතුවා
මත්තට දුක් නොදී නුඹ රැකගත යුතුවා
තව ඉවසන්ටනම් මගෙ සිත නතු නැතුවා
සිහිනෙන් පවා නුඹ කැන්දන් එනු දුටුවා
කන්නට දෙකට අටු කොටු පිරැවෙන හින්දා
දෙන්නට හැක සතුට සම්පත සිත රන්දා
ගන්නට විගස නුඹ මගෙ පැල වෙත කැන්දා
එන්නට නැකැත තව හරි නැතුවද මන්දා
21/06/2022
අද යාලුවෙක් කතා කලා.
"හලෝ මචං කොහොමද ?"
"ඉන්නවා.. ඉතිං"
"තත්වෙ හොඳටම අවුල් නේද ?"
"ඔව්. උඹට කොහොමද ?"
"අවුල් තමයි ඒත් මට දුක මොකුත් කරගන්න බැරි අහිංසක මිනිස්සු ගැන. අපිට නං මොනව් හරි කරගන්න පුලුවන්. ටිකක් හරි."
"හ්ම්ම්...
උඹටයි උඹේ නෝනටයි ළමයි දෙන්නටයි පුලුවන් ද දවස් දෙක තුනක් නොකා ඉන්න ..
මොකුත්ම නැති වුණොත් කුණු බක්කියක තියෙන දෙයක් හොයාගෙන කන්න. ?"
එහා පැත්තෙන් සද්දයක් නෑ..
"උඹ අසනීප උණොත් උඹේ ළමයි දෙන්න ට පුලුවන් ද බස් එකක හරි පයින් හරි ටවුමට ගිහින් කන්න බොන්න මොනවා හරි හොයාගන්න. අඹ ගහකට පොල්ලක් ගහල ගෙඩියක් කඩාගන්න ?
මොනවත්ම නැති වුණොත් උබට පුළුවන් ද කාගෙ හරි අතේ තියෙන පාන් රාත්තලක් උදුරගෙන දුවන්න? බැරි වෙලාවත් අහු වුණොත් මිනිස්සු ගහනකොට ඒක දරාගන්න ?
මචං මේ පාර බේරෙන්නෙ ඇත්තටම මොනව හරි කරගන්න පුළුවන් මිනිස්සු.
ඇත්තටම උඹට මොනව හරි කරගන්න පුලුවන් ද ?"
.
.
.
"මචං මං තියන්නං"
දැයක් දිනනා හෙටක්
සාමයෙන් පිරි රටක්
ලොවම බබළන හෙටක්
බලව් දිදුලන රටක්
නගන්නට දැය යළිත්
හරිව් සිතිවිලි වහල්
රකින්නට හෙට රටක්
බැඳෙව් සටනට පෙමින්
කුවේර තැනූ පුර ආලකමන්දා
සිහිවේ දැක දැක මෙපුර නිබන්දා
මතුවේ තැන තැන ඉසුරු අමන්දා
සැරදේ මගෙ දැය දෙව්සිරි රන්දා
මගෙයි රට නැත සැකක්
මමයි රජු රැජිනියත්
පුදමි දිවි ඇවැසිවෙත්
විදිමි අම සුව මළත්
I have something in my heart,
but I can’t turn it into words,
but I can feel only one thing,
it’s that I’m still living with my past, it means with my beautiful memories …
but everything has changed,
so many people lived with me at that time,
specially loved ones…
some are still with me as before,
some people are not like that …
But they are still with me physically but their thoughts, attitudes and feelings have completely changed…
That's why I said, everything has changed ...
now I have no big dreams about those people,
my only wish is,
please give those people only one chance to treat me like before,
with the same love and trust as before…
Because I want to go back to those beautiful memories at least once…
මාතෘ
පිතෘ
භාතෘ
ගියෝය
ඔබ තිදෙන
නික්මී
මට බත් දී - සිප් දී - ජීවය දී
සිප් සයුරු
තරණයට
ණය ගැතිය
පිරිමසනු බැරි ලෙසට
මා - ඔබට
සිප් සයුරු - තෙරපත්
පුත් රුවන - සොයුරු මිණ
ගිලගත්තේ ය
දුරස් කොට
ඔබෙන් මා
මගෙන් ඔබ
දිවි සයුර
පතුලට ම
2022 ජූනි 22
ඇසැර බැලුවිට දකින දසුනෙහි නොමැති වුව සිත්කළු__________ බවක්
වැතිර දරුපෙම අසල ගැහැටම විඳින මැය පෙම්බර______________මවක්
නොහැර අදිටන විලස නොසැලෙන හිඳින ලෙස සත්කුළු________පවක්
විසිර ගිය සිතිවිල්ල කැටිකොට ලියමි මම ඇය හට ______________කවක්
*****************
හිරුට කලියෙන් අවදිවී නිති කරයි දරුවන් වඩන්නට _____________ වෙර
මරුට පමණක් දෙවැනි වී හිඳ මරයි හැඟුමන් නැගෙන්නට _________පෙර
දරුට ඇති පෙම හදෙහි බිඳුවක් නැතැයි ගියමුත් නොඑන්නට_____ හැර
ඇයට දිරියක් උනේ ''සෙනෙහස'' සිතෙයි මෙතුවක් පදින්නට_______දුර
සවිය ඇති ගැහැණියක නම් නිති නොසෙල්වෙයි මහමෙර__________ මෙනා
අවිය ලෙස ඇගෙ අඳින සළුපිළි කිසිම කල නොදමයි __________________උනා
දිවිය අමිරස උවද කවමින් කඳුළු කැට දරුවට __________________________අනා
කවියකට එළිවැටක් මෙන් ඇය රකී දරුවන් ලෙස _____________________මනා
උපන් දා සිට හිතේ රජ වී
ඉන්න මව හා පියාණන් වග
නිවන් යනතුරු එකට ඉන්නට
පතා ඇවිදින් දාල ගිය මග
එවන් සුභ හා අසුභ වූ රස
නිමිති එක් තැන් වෙලා හිත අග
ලියන්නට යෙදුනා පොතක් ලෙස
තියා කවි සංකල්ප එක ළඟ
ඔහොම හෙමිහිට උපන් කවි පොත
එළිදැක්ම අත ළඟට පැමිණී
ළඟම රසිකයො මුහුණු පොත වෙත
පැතුම් වැස්සක් එවා තිබුණී
නියම කළ මිල ගෙවා පිටපත්
ගන්න නම් කවුරුත්ම නොවුණී
ඔහු ම නොමිලේ යැව්ව පිටපත්
ලැබුණ බව වත් තාම නොදනී
සීතලේ ගල් ගැහී වාගේ
ගොළු හඬින් සුභ පැතුම් එවලා
පින්සලේ කෙඳි වගේ එකටම
ළඟම උන් අය යද්දි හැලිලා
සිංහලේ මළ පොතේ අකුරක්
නොදත් මුත් සහයෝගෙ පතලා
කේරළේ 'වෙන්කට්' ඇවිත් පොත්
දෙකක් ගත්තා මුදල් ගෙවලා
පසුබිම:
එදා 1983 වසරේ ජුලි මස 25 වෙනිදාය. මෙම දින වැදගත් වන්නේ, එය කලු ජුලි ලෙසින් හැඳින්වෙන කාල වකවානුවේ පලමු දින වීමය. එදින පස්වරුව වෙන විට කොළඹ නගරය තුල ගිනි දැල් ඇවිලෙමින් තිබිනි. ඒවන විට බස් සහ දුම්රිය ගමන් නවතා තිබිනි. මෙම පද්‍ය රචනය, එදින රචකයා ලත් අත්දැකීමක් ඇසුරෙනි.
ඡායා රුපය: චන්දරගුප්ත අමරසිංහ
“මෙහෙන් දාල යන්නද අපි?”
කොහෙන් ආව කව්රුද තොපි?
පිට වරිගෙන් ගත්තද වෙස?
මෙසේ අසයි විපරම් ඇස
“මේ නංගිල ගෙදරින් ඇර ලන්ටයි
අපි යන්නද මල්ලි, රෑ බෝ වෙන්ටයි”
හිංගළ කතාව මම ගෙනියන්නං
තව තව හොඳ පද ගලපල දෙන්නං
අසලා මගෙ බස
බැලී ඔහු රථය දෙස
නැඟනියන් පිටුපස
වෙතට යොමු වුනි ඇස
නැතිව පොට්ටු පැළඳිලල්ලක්
මූණු අතරේ කුමණ වෙනසක්!
“මේ නංගිල දුර ඉඳලයි එන්නේ
කලබල හින්දයි බස් නොදුවන්නේ”
“පෙට්‍රල් තව නැද්ද දෙන්ට?”
“ටැංකියෙ ඇති, මල්ලි ගන්ට”
“වැඩ බොහොමයි අද කරන්ට
කාලය නෑ තෙල් උරන්ට”
අසලා මාගේ පිළිතුරු
ටාසන් මා හා සුමිතුරු
“පාරෙන් ඔක්කොම මාරු වෙයල්ලා
කාරය දාන්ට ඉඩක් දියල්ලා”
ගිනි ගත් නිවෙසක්
අසලින් දකිමි පිරිසක්
පෙට්ටි උසුලන් යති
කරත්තෙට පටවති
මග දිග දැවෙන කඩ
වීදුරුද, සී සී කඩ
මේ ටාසන්ලගෙ වැඩ
ජාතියක මර හඬ!
රථයෙන් මෙසේ යන විට
යම් සිතක් පල විය මට
ටාසන් කලත් මේ නොහොඳ
අපට නම් කලේ හොඳ
මං නම් නුඹලගෙ වරිගෙන් නූනට
වෙරදිල හරි මට යන්නට දුන්නට
මතු ජාති ජාති වල නල්ලම් ඉන්නට
එල්ලාම් පින් ලබෙවා! අපෙ මල්ලිට
May we pass brother?
Context:
It was Monday the 25th of July 1983. This date signifies the first day of unrest and turmoil in Sri Lanka, later to be known as “Black July”. By early afternoon the city of Colombo was burning. The mobs were holding sway on city the streets. Public transport was at a stand-still. The writer and a friend set off in a car from the central business district Fort. Their intention is to convey a group of girls who had come to work, to their respective homes. At some point near Town Hall, the car is unable to proceed as the street is obstructed by a group of men. The writer steps out of car speaks to person closest to the vehicle in Sinhala.
May we pass brother?
But are you one of us!
Or someone other?
Rowing eyes survey thus
Taking girls home from work
Assuredly I mutter
Don’t you have sisters too
That I dare not utter
Rod in hand he twirls
Peers down at the girls
They of diverse race and creed
But united in the hour of need
Girls huddled in the car
All similar pensive faces
None with Pottu or Thaali,
Those give away traces
See bro, they come from far
Buses not running… blah, blah!
Fluency and tone matter
So, I keep-up the chatter
Got petrol in a tin can?
No there’s some in tank
No time to syphon, man
Says Tarzan at my flank
Now that I’ve passed his test
Tarzan is my friend best
Clear from the road you!
This car must go through
Shops ablaze and shattered glass
Tarzan back at the helm yelling
Unruffled mates loading hand carts
Charred remnants of an once dwelling
Although you made your call
As if we be of the same feather
May you gain merit and stand tall
For letting us pass my brother
We live life
we are nice
sometimes we roll the dice
we make lots of memories
like we pick berries
we are mean but we forgive
we are kind so we give
the moon is full like our smiles
we try our best and be nice
වෙන්කත රංගමාල් - පී.බී.අල්විස් පෙරේරා
අන්තිම සිහල රජුගේ අග බිසොව ලෙස
පෙම් මල් උයන් වැවුවද රජ ගෙදර වැස
පසු කාලයෙහි ඔබ ලද කම් කටොලු රැස
මම සිහිකරමි දේවිය උණු කඳුලු පිස
ඔබ ගේ සිනා රැලි පුන්සඳ රෙහෙණු පොදී
මැද මහනුවර පිළිමිණි ගිරිකුළෙහි රැඳී
මතුකළ එළිය ගැන තොරතුරු ඉහල දිදී
ජෝන් ඩොයිලි ලගු සටහන් කියන ලදී
" සිරි වික්මන් රජුගෙ නායක සුරතලිය
අති රූපත් ය එ පමණටම සියුමැලිය
ඇගෙ දිගු නෙතින් පළවෙයි නිල්මිණි එලිය "
ග්‍රැන්විල් ලියූ මේ තොරතුරු පැහැදිලිය
තුරුළුව හිමිට ඔබ සිටියදී කඳුළු පෙරා
එහි ආ අමන එක්නැළිගොඩ නමැති හොරා
බැඳි මිණි කොඩොල් ගත් සැටි කන් යුවළ ඉරා
අමතක කරන්නද ජාතිය තිබෙන තුරා
වැස්සෙන් තෙමි තෙමී දුම්බර කඳු වැටියේ
දහවල ගෙවා එළියෙන් සදැවෙල කැටියේ
ආරච්චිලගෙ ගෙට ඇතුළුව උඩ පිටියේ
වෙවුලන ළයෙන් ම ය දේවිය වැඩ සිටියේ
කන් පොතු ඉරා ලේ වගුරා දරුණු වද
පමුණා හඬන දේවිගෙ කෙස්වැටිය මැද
සැරසූ මැණික් හර ගලවන විටදි ඇද
ගිනි නොගැනුනේ උඩරට මොන පුදුමය ද?
"මට වදකරනු ඇයි එක්නැළිගොඩ දරුව?"
යනුවෙන් කියූ විට හැඳි සළු පිළි ඉරුව
ඒ ජඩයාගෙ ජඩකම් දක්නට බැරුව
මුහුදේ වැටෙන්නට ඇත ඉරබටු තරුව
වැළපෙනු බලා කණ ලේ ඇස කඳුළු පපා
දේවිය ඔබට වද දුන් තෙත් ගුණය නොපා
ජඩ මිනිසුන්ගෙ නමවත් මගෙ කණට එපා
නළලින් පිසින්නෙමි සියුමැලි ඔබගෙ දෙපා
කොළඹ නගරෙට මහ දුරක් නැහැ
උඹ මැරුණු මහනුවර ඉඳලා...
නොමැරුවත්, උඹ වගේ පොඩි උන්
අදත් නොදැනිම යනවා මැරිලා...
"මැරෙන හැටි" නං පුතේ මොකටද..
තවත් එකෙකුට කියාදීලා...
කියාපන්,මිය ගියත් විරුවකු
වෙන්න පුළුවන් සටන් කරලා..
බන්ඩාර මද්දුම පුතේ උඹ
මැරෙන හැටි තව වරක් හිතපන්....
මැරෙන්නට බය නැති උනත් උඹ,
අවසාන මොහොතෙත් සටන් කරපන්...
දංගෙඩිය උඩ හිස තියන්නට
කලින් රජුගේ දිහා බලපන්...
පරයෙකුට බිය නොවන බව
මහ රජුට උඹ කෑ ගහලා කියපන්......
2022.06.25
නිමිත්ත : අංගම් ශිල්පය ප්රශස්ත ලෙස ප්‍රගුණ කිරීමෙන් අනතුරුව එම ශිල්පයෙ කෙළ පැමිණ පෙළහර පානා ස්ත්‍රීන් වෙත පුද කරනු ලැබූ ගෞරව නාමය " බඩුව" නම් වේ.
උකුසු ඇස් සහ මොනර කන් ඇති
වඳුරු පිමි සහ කොටි ගමන් ඇති
වල ගැහෙන කම්මුල් දෙකක් ඇති
ඈ තමයි ගමෙ බඩුව 'චින්තනි'
දික් ගුටිය ලෙන් පහර අත් දඬ
පිඹුරු ගැට සහ කතිර ගැට ටික
අංගමින් නිල තබා අල්ලන
ඈ තමයි වෙද ඇදුරි බන්ධනි
කෙසෙල් ගොබයේ පෙති කපාගෙන
පහළ සිට ඉහළට ම දුව යන
අංගමෙන් මුළු ගම ම කලඹන
ඈ තමයි අපෙ සළඹ පත්තිනි
ඇල්ල ලඟ ඇති පාළු ගල උඩ
යෝග වඩනා ඇයව සොයමින
කොළඹ දේසෙන් මහත්තුරු විත්
ඇසුවා මාගෙන් ඇයගෙ සංසිධි
සියලු විස්තර අසන් සිටි අය
ඇයව නොදැකම යන්න යන විට
ආ පයින් ඇයි යන්න හැරුණේ
ඇසුවා හේතුව කරන් සෝදිසි
බඩුව නම් ඇය අපට නොහොබියි
කියද්දී උන් සිනා බිඳගෙන
ඇගේ ගෞරව නාමෙ අංගම්
'බඩුව' බව මම කීවෙ සන්සුනි
මහත්තුරු ටික හැරී ආයෙත්
සමාවත් ගෙන අනේ මාගෙන්
ගියේ ඇල ගල් පොත්තෙ හිදිනා
දැකගන්න අපෙ 'බඩුව' චින්තනි
"සකද මලයි බබළු වැලයි" කාව්‍ය සංග්‍රහයෙන්.
ගෙදරකට වැඩකාර කමටවත් දෙන්නටයි
උඹ උපන් දින මගේ හිත ඇතුලේ දැවටුනේ
උඹ මගේ බඩට ආ හැටියවත් දන්නේ නෑ
දිළිඳුකම නිසාමයි මං හිතන්නේ දුවේ
කුලී වැඩ ලැබෙන්නෑ මේ දවස්වල දුවේ
හිඟා කන්නට තමයි වෙන්නෙ අද හෙට වගේ
බඩගින්නෙ නිදන උඹ කෙඳිරි ගානා සද්දෙ
ඇහෙනවිට මගේ හිත වාවන්න බෑ දුවේ
දිනෙන් දින දිරා යන උඹේ ඇඟ දිහා මට
බලා ඉන්නට බැරිම තැනයි මම දුව ගියේ
වේලකින්වත් උඹේ බඩ ගින්න නිවන්නට
බැරිම බැරි තැනයි මට පිස්සු වැටුනේ දුවේ
බුදුන් ගුණ හිත හිතා අවසිහියකින් වගේ
පාලමේ කෙළවරට මම ඔහේ ගියෙ දුවේ
ලබන ආත්මේදි වත් හොදින් ඉන්නට පතා
දෙන්නාම එකපාර මැරෙන්ටයි මගේ දුවේ
ඊට පස්සේ දුවේ මක් උනාදැයි කියා
හරිහමන් කල්පනාවක් තවම නෑ දුවේ
උඹේ අර හිනාවෙන් මුළු මුණ පුරෝගෙන
මගෙ ලඟට වරෙන් මගෙ රත්තරන් පොඩි දුවේ
බලා පෙර මඟ නිතින්
දයාබර නෙත් දෙකින්
පැතිර වූ සෙනෙහසින්
දිවි ලදිමි ඔබ වෙතින්.
දවා ඝන'දුර ලොවක
දිරිය වී හැම විටක
සෙනෙහසින් වී මවක
පහන් සිල විය සිතක.
දිනන්නට ලෝකයක්
වඩන්නට දේශ යක්
මවන්නට සිහිනයක්
වීය මට ලෝකයක්.
පිය සමඟ එකතු වී
අප සැමට සරණ වී
අපගෙ නෙත් දල්වලා
ඔබ ඇතේ සැඟවෙලා .
ඔබේ ළඟ රැඳි ගුණ සුවඳ මිස
නොමැත අද අප හැදු වැඩූ කය
පාව යන සිත නැවති මොහොතක
මවුනි ඔබෙ රුව දකිමි සිහිනෙක.
හැන්දෑ යාමයේ අනෝරා වැහි වැටන
දෝතට ගනිමි මම හඳක් විලසින් පෙනෙන
එක පිම්මේ දුවන උණුසුමක් තෙත බරිත
අමුත්තෙක් ආ විගස උණුසුමෙන් පිළිගන්න
කුඩා කල පුරුද්දට උකුල මත්තට පනින
ළදරුවෙක් මෙන් පෙනේ යෝද සිරුරක ඉන්න
දවසේම ළඟින් හිඳ ඉර හැරෙන්නටත් පෙර
පුරුදු ඉරියව්වෙන්ම නිදිද අද නිහඬවම
නිසල නෙත් වැසී ඇත උණුසුමයි තවම හිස
සිසිල දෙන කරඳ ගහ යටින් බිම හාරලා
පොද වැස්ස නොතකමින් විදුලි පහනින් බලා
පස් දෝතක් ගනිමි සීතලයි ඒ උණුසුම
ගලන ගඟ ගව් ගණන් ඉදිරියට ගලනවා
ඉවුරු බිම් ගිලගෙනම ගඟ මැදට අදිනවා
පෙනුම නම් හරි හැඩයි සොඳුරු බව පෙනෙනවා
ඒ වුණත් වැහි දාට ගඟ දෙගොඩ තලනවා
නුඹත් ඒ වගේමයි පෙම් හැඟුම් දැනෙනවා
කවියකින් ගීතෙකින් නුඹේ ගුණ වැයෙනවා
රන් මසුන් විස සතුන් නුඹ තුළත් ඉන්නවා
සුනාමිය ආ දාට නුඹ වියරු වැටෙනවා
සඳපානෙ නුඹ මවන පෙම් දසුන් මනරම්ය
කවියෙකුට තිළිණයකි නුඹ ගොතන කවි පදය
මවන හැම හැඟුමකම මිහිරි දේ අපමණය
ක්‍රිෂ්ණාට දෙව් ලොවකි යමුනාවෙ ගං තීරය
උපත කඳු මුදුන වුව සයුරටම පෙම් බඳින
මවන පෙම් හැඟුම් සහ රංගනය පොර බදන
නිමක් නැති ගමනකට නිරන්තර සිත බැඳුන
ගමට ඔබ රැජිණක් ය රෑ දවල් හඬ තලන
අහම්බෙන් දුටු රුවට
පෙම් බැන්ද සිත්තරා
හද පත්ලෙ ගැඹුරේම
සිතුවම් කලා ඇගෙ රුව
අත් කර ගන්ට සිතු මුත්
අන් සතු ලඳක බව දැන
කඩදහි කොළයක
සිත්තමකට නගා
මහ ප්‍රදර්ශනයක
අලෙවියට තැබුවා !
2022 ජූනි 16 වෙනි දින.
එන්නෙ නැති බව දැන දැන
තව කොතෙක් කල් බලා ඉන්නද
නොඑන්නට හිත හදාගන්නව තිබුණා
නොකීවා නම් එදා ඔබ
ඉස්සරම තිබුණු හැඟුමන්
තවත් නොවෙනස් ව ඇති බව.
කියාගන්නට නොහැකි සිතිවිලි
නොනැවතී සැඟවෙන්නෙ කවි පද තුල
මගබලන හිතකට
උරුම කඳුලැල් විතරක්මද?
නිමාවක් නොදැකම
වසා දමනට ප්‍රේම පුස්තක
පහසු නැත හිතකට
පාට පින්තාරුවෙන් හැඩවුන
වියෝගය අභියස
තාම වෙහෙසෙයි සොයා අක්ෂර
තිබේදැයි සොයමින්
සෙනෙහසක් යන්තමින් ගෑවුන...
සරත් සම නිමාවක
වියලි ඇඟලුම් නොමැති ගසකට
දිව්‍යමය පත් හා කුසුමන් රැගෙන
එනවාමයි වසන්තය දවසක
සියොලඟම හිරි වට්ටන
සිසිරයේ එක සවසක
ගිනි සිසිල ඉටු නොවුන පැතුමකි
හේඩෑරි වූ තනි හිතකට.
පායන්නට අමාවක රැයක
තනි තරුවක් වෙලා වත් හිත් අහසක
පහන් තරුව වෙන්නයි පැතුවේ
දියඹේ අතරමං වූ යාත්‍රාවකට
කල්පයකුත් තවත් ටිකක්
ඈතයි
අතපොවන්නට වත් නොහැකි
හත්දින්නත් හීන පොකුරට
ඒත් ඔබ තවමත් මුමුණන්නෙ
කොයිතරම් ලඟ ද අපි අපට!!
රේණුකා සුදර්ශනී ඉලංගකෝන්
කිරිඳිවැල.
ලෝකෝපකාරයේ සිත්ගත් කවි
රදුන් බජනය කළ
කෙ දනවත් දනවත් ව බබළා
රන් මෙර ඇසුරු කළ
හැම සතන් එම පෑය වන මෙන්
රජවරුන් ආශ්‍රය කරන කවුරුත් වස්තුවෙන් බබළනුයේ
මහා මේරුව ආශ්‍රය කරණ සියලු දෙන එම රන් පැහැයට
හැරෙන පරිද්දෙනි.
ඔව්...මං පිළිගන්නවා
අයාලේ යන බව
මගෙ මිනිස් හිත
ඇද බැඳ තබන්නට
නොහැක මට එය
වරෙක යනවා
පිම්මෙ යන්නට
ඈත පෙනෙනා
අනන්තය වෙත
බැඳගනිමි නෙත්
අසුන් මනසට
එවිට මගෙ කන්
ඇසෙන්නේ නැත
රෑ දවාලක්
නොබලාම හිත
පාවයන්නට හදයි
සැමවිට
ඉඳුසැව්වෙ රැඳි
පැහැ උලාගෙන
පාවෙනා සේ දූලි
හිරු යට
නොකර මායිම්
නුඹ ඇතත් ළඟ
මගෙ හිත යයි
ඔහේ තැන තැන
දෑත විහිදූ
සිතිජ ඉර ළඟ
මුහුද නැවතෙන'යුරු
බලන්නට
ඇවැසි යැයි සිත
ගහපහ දෙනවිට
මං කියා මොනවා කරන්න ද?
බඹර තුඩු ගා
පෙළා හැරගිය
මුහුළු පියුමක
දුක අසාගෙන
ඒ දුකම මං
මගේ කරගෙන
එතැන සිට
නෙත් දිය හලන විට
ඇත්තටම නුඹ ගැන
දුකක් නැත
ඉනික්බිති එතැනින් ද
පැන ගොස්
රතිනුදුල කඳු යහන්
උඩ හිඳ
හිරු නිවෙන
පඬුපාට එළි මැද
දුරාතීතයෙ පෙම්කතාවක
තැවුල් අවුළා
ඉන් දැවෙන්නට
ඕනැමයි මගෙ සිත
කියන විට
නුඹේ හිත
ළඟමයි මගෙ හිත
කියා බේගල්
කිව්ව ඇහැකි ද ?
ගිරව් ඉගිලුණු හවස්
උඳුරගත්ත ඉක්මනින්
චීස් බේරෙන සුවඳ
හංඟගත්තා මම හොරෙන්
නාභියේ මැද ඉඳන්
හොලවලා දාපු කටු ඔටුන්නෙන්
බුර බුරා පැන්නෙ රතු ලේම නම්
ව්‍යවච්ඡේදකයා කරේ බොරුවක්
දැනුණ තැන හිරිවැටිලා නෑ තවටත්
දෙන්න මට වයින් උගුරක්
කොච්චර බිව්වත් දැනුණෙ ජින් රසයක්
රත්තරං,
ඔයාට මතකයිද මාව අදටත්....
පිටි පස්සෙ වැට කඩොළු පැන හෙමින් රිංගලා...
හෝඩියට උඹ යැව්වෙ මගේ නම හංගලා...
ගැලවුණත් මගේ සළු, සුදු ගවුම් අන්දලා...
දෙව් ලොවට යවන්නට උබව මම පිං කලා...
කට කතා නැති, දුරක මාව නොම පේන...
නාසනා පලාතක "අම්මගේ ගාන"...
වැඩුනාම කිරිලියේ හා කුරුළු රෑන...
ඈතටම ඉගිලියන් හොය හොයා හීන...
උඹේ නම ලියා මගෙ ජාතකේ මකලා...
වැජඹියන්, හූල්ලයි ගමේ උන් දැකලා...
අතීතය මොක වුණත් හෙටක් ගැන හිතලා...
කුල කතක් වන් උතුම් පති සීල රැකලා...
බර වැටුණු උකුළු ඇට රිදෙනකොට මැරෙන්න...
යටි බඩට හුරු වෙලා හෙණ වුණත් දරන්න...
මයෙ දුවේ බෑ අදත් මට උබව වඩන්න...
නැලවියන් පැංචියේ තාත්තෙක් නොදන්න...
"සංසාරෙම අරගලය ක්"
ඇහුනට, බණකට කිව්වට
දැනුනේ සුළු පිරිසකටයි
වගක් නොවේ බොහෝ අයට ...
සුදු ඇඳ ගෙන ජේත්තුවට
දන් දුන්නට උජාරුවට
සිව්වනක් පිරිස සේරොම
"අටලෝදම" දැක ඇඹරී
කුපිත වෙලා ගෙල මිරිකන්
"සංසාරේ දුක " විඳින්න
සිත ලෑස්ති නැහැ තාමත් .......
29/06/22
Our meeting is doomed
When my hurly burly soul
Hugs your beds of water
You absorb my whole world
Forever
To me our company is divine
I like to be still over your shoulders
Your exhales sipped in my nostrils
I foresee my father waking in you
I burst out my little sobs over your chest
Palms of waves, drops of water soothing
Magically decay my burden of heart
Oh lover! I am a tiny sand stone sitting
You’ll wash me deep into heart
Surely dissolved one day down
On your hands
ගැල හා බැඳුනු නම කැත අපහාසෙට පිරිමින් පටබඳිනවලු
හැම කෙංගෙඩියටම උන්ටම මිනිසුන් අවලාද නගනවලු
නියතින් ඇයට ණය නැති කිසිවෙකු ලෝකෙම නැතිලු
යහනට ගන්න හැටි පිරිමින් හීනෙන් දැක නිදි වරණවලු
අපමණ දුක් දරා කර දඬු උස් කර දරුවන් වඩලා
අසහාය දිරිය කැටි කොට දෙතනේ කිරි පොවලා
ඇඟ සුඟ හැඩය නොතකා දරු සුව දුක පිරිමහලා
අඩු නැති කැත කතා තූ නොදකින් නොමිනිසුන් වැහි වැහැලා
ශානි - 28/06/22
සසරේ බොහෝ පෙර එකමත් එක කලෙක
මනි බඩු විකිණුවා අපි දෙන්නා එකට
පා ගෙවෙනා තුරා ගෙන් ගෙට ගිය දිනක
එක පත බෙදා, රෑ ගෙව්වෙත් එක පිලක
එකමග ගොහින් කල මනිබඩු වෙළඳාම
පාඩුයි ගනන් බලනාවිට හැමදාම
ලොස්පිට කරණු බෑ බිස්නස් නම් මෙහෙම
ගත් ණය තුරුස් ආපහු ගෙවනදු කොහොම
එකමග නොයමු මින්පසු අප දෙන්නාම
දෙමගක ගියොත් ලාබයි මේ වෙළඳාම
ඒ අදහස ඔබෙයි, නොවුනෙමි මා පුදුම
බිස්නස්වලදි ඔබ මට පෙර හැමදාම
ඉන්පසු එක මගක නොගියෙමු අපි දෙන්නා
දෙමගක ගොහින් බිස්නස් කරගෙන උන්නා
දවසක මිතුර ඔබ ඒ සීමාවන් පන්නා
මගෙ ඒරියා එකටත් උඹ හොට දැම්මා
කැඩුවේ කවුද , ගිවිසුම එකඟතාවය
හෙව්වේ කවුද, ගැටුමේ සැබෑ මූලය
ගනනින් පන්සිය පනස් වරක් මා වැරදිකාරය
මේ අවනඩුව යලි විමසීම ඔබට බාරය
නොදැමුනු දෑස්
වත සුපිපුනු ලවන් සිඹි න
නිතඹ ලමැද හැඩ අගය න
හිතට වඩා එහෙ මෙහෙ ය න
නිතර අකීකරු දෙනය න
ලස්සන දුටුවිට පොපිය න
උස් මිටි තැන් රුවක දකි න
හිස් හැඟුමින් සිත වෙහෙස න
ඇස් දෙක මට පව් පුරව න
මේඝ කෙලෙසුන් අකුණු සමගි න
වේගයෙන් විත් ඉඳුරු පුබුද න
රාග වැස්සට පෙනය ඉහල න
නාග රජිඳෙකි දැමුනු මා ම න
17/06/2022
සතර කොණ වේදිකාවේ ඔබ
පැතිර වූ පාසල් වියේ සිට
මධුර රංගන විසුල ප්‍රතිබා
නිතර මතකයේ නිදන් කරවූ
එදා "සාමා" නාට්‍යයෙන්
මුල්වරට හැඩ කරන්නට ඔබ
මතුව දායක වුණෙන් ළඳුනේ දෛයිවයෙන් ලත් උරුමයෙන්
" සාමා "නමින් වූ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයින් සමග රජවී
ප්‍රථම වර වේදිකා රංගන
හොදම නිලි සම්මානයෙන් දිනු
පළමු රංගන වේදිණිය ඔබ
හෙළ කලා උළෙලකදි පෙරදා
එදා 'වජිරා' සියුමැලී ලෙසින්
හැඩතල ජනිත කරමින්
'චණ්ඩාලි' 'රජ දරුවො' සමගින්
'පිපෙන කුමුදු' ද රැගුම් පෑ ඔබ
රිදී තීරෙන් නැත මැකී
සිහළ ටෙලි සිනමාව හැඩකල
සැගව 'හිරුටද මුවාවෙන්'
සමග 'තාරාදේවි' යද හා
දුටුව සද 'සෝමාගේ සිහිනය'
'චරිත තුනකට' මැදිව
ඉන්දු හා අරවින්ද සමගින්
පෑව රංගන පුංචි තිරයේ
මුතු පොටක් සේ ඇත බැදී
වේදිකා සිනමා කලා ලොව
දිදුල රන්තරු සම යුගේ
අහස හැර මිලිනවී යන සද
ගලන අඳුරේ කාල රේඛා
විහිදමින් ඇත හෙළ 'ඹරේ
ශතක අටකට මදක් අඩුවූ
ඔබේ සුන්දර සොඳුරු දිවිමඟෙ
අමිල මතකය ශේෂ කරදී
ගියෙද සමුගෙන ලියෝනී යැ
ඔබ නමින් කොතලාවල දැයෙන් අද
සසර ගමනට එකතුවී
පතන්නෙමු අපි ඔබට සුබසෙත
යළි යළිත් හමුවෙන තුරා
බහින්නම් අදත් මම
මට පුරුදු හන්දියේ
කියන්නට දහක් දේ
ඇතත් සිත් මන්ඩියේ
ගියත් බස්රියේ හිඳ
එකට හැම වංගියේ
ගොළු-බිහිරි මම කොහොම
දොඩන්නද නංගියේ
කුමට පිට සක්වලක
සොයා නව මිතුරුදම්
එකම අසුනක හිඳින
නුඹට මා දුරයි නම්
හෝඩිපොත පිටු අගට
‘අත්බස’ත් තිබුණිනම්
මටත් නුඹ පවසාවි
සිතේ සිරකළ හැඟුම්
කුමට දෙසවන් දෑල
නුඹේ වදන් අසනු බැරි
ලබා දෙඅදර කුමට
වදන් තෙපලන්න බැරි
දෑත ලෙළවා දොඩන
මගේ බස නුඹට බැරි
උගෙන ඒනම් නුඹත්
මගෙ සතුට කියනු බැරි
දෙනෙතින් නුඹ හෙළූ කැළුමන් මාගෙ දෙස
මුවගින් නොකී ස්නේහය තිබුණා එදෙස
නුඹගේ පෙමට පිටුපා යන්නේ කෙලෙස
ආවෙමි තුරුල්ලට නුඹෙ සුරලිය විලස
නුඹගේ සෙනෙහෙ අඩු නැතුවම තවම දැනේ
ඉඳහිට නුඹම එය සඟවන අයුරු පෙනේ
කොයි ලෙසකින් සඟවන්නද පුදන සෙනේ
දෝතින් සයුරේ දිය සින්ඳනු හැකිද අනේ
මගෙ හද පතුලෙ රඳවාගෙන නුඹෙ මතක
යන්නෙමි ලොවෙන් නුඹ යන්නට පෙර දිනෙක
මම වෙනුවෙන් එක කඳුළක් නුඹෙ නෙතක
නොහෙළනු මැනවි මම මිය ගිය ඒ දිනෙක
මහ නුගේ මුල සංහිඳේ යට
පහන් යායක් දැල්විලා
හිස තියන්නට උරහිසේ ඉඩ
ලැබී හිමි නුඹේ සැනසිලා
පළා ගිය හිස්තැන් පිරී අද
රික්තයේ ඉඩ ඇහිරිලා
දෙවියන්ට කළ කන්නලවු නුඹ
ඵල දරා ඔහු හිමිවෙලා
මල් නෙලා කර පළන්දන්නට
නොහැකි වී තනි වූ විඩේ
මගේ උරහිස වෙන්කලා මම
ඔහු නමින් දී පණිවිඩේ
රික්තයක් වූ කළට සාගරේ
ආදරෙන් මා පිරවුයේ
ගඟට ආවඩනා බවම දැන මිස
අයිති කර ගන්නට නොවේ
නෙළුම් විල මැද අතරමං වූ
පාවෙනා ඒ ඔරු කඳේ
හබල වී මා එතෙරෙ කෙරුවා
විල්තෙරට නිදුකින් හොඳේ
දුක් පොදිය මගෙ කරේලාගෙන
සතුට පුරවා ඒ නෙතේ
අනේ කඳුලින් තෙත් කරා මම
නිසරු පොළවක් දැන් නැතේ
තන කඩා ලොව ගිනි තියන්නට
එපා සොයුරිය අසාපන්
නුඹේ සිතිජයේ සුරැකිවම ඔහු
තබා සෙනෙහස පුදාපන්
මේඝයේ කළු වලා තිර ඇද
හොඳින් ඝනඳුර වවාපන්
නුඹෙන් ගිළිහුණු ඉරට තනි රැකි
ඕෂදිය මම වසාපන්
එදා වාගෙම සුදු නෙළුම් මල්
තාම පිපෙනව ගොහොරුවේ
එක මලක් ගෙන බැතින් තබලා
මහ නුගේ යට සන්හිඳේ
එදා වාගෙම මෙත් වඩන්නම්
කිළිටි නැ මගෙ නම් හිතේ
නෙළුම් පිරි විල වගේ දරුවන්
පීදියන් නුඹගේ ගැබේ
තුෂාරි ජයසිංහ
මහනුවර
2022.06.13.
ජීවිතයයි උතුම් මිනිසෙකු ලෙස ලැබුව
නොවටී ජීවිතය පවකට අත තැබුව
කරුණා මෙත් සිතින් විසුමට සිත තැබුව
කෙනෙකුගෙ අගය මුදුවකි මැණිකක් එබුව
ලැබුවත් මිනිස් ජීවිතයක් පින මෝරා
බාධක කම්කටොලු පැමිණෙයි සැප සූරා
එක එක හේතු ඇත දුක දෙන සිත පාරා
අපි දිවි ගෙවමු ඒවා දැනගෙන තෝරා
ඇතැමෙක් කියති අපලයමයි දුක දෙන්නේ
ඇස්වහ නිසයි දුක තවෙකෙක් පවසන්නේ
කටවහ වුවත් දුක මිස නැත සැප දෙන්නේ
කියමින් තවත් අය අඬමින් වැළපෙන්නේ
අණවින කොඩිවිනද ඇත සැප වසාලන
පැන්නුම් පිල්ලි ඇත ජීවිත නසාලන
සාපද අවලාද වෙයි තව විඩාදෙන
වස් කවි යන්ත්‍ර මන්ත්‍රද ඇත මරා ලන
අනතුරු නොයෙක් ඇතිවෙයි අත පය කඩන
රෝගාබාධ ඇත ඇඳකට කොටු කරන
වැසි ගිනි සුළං ජල කඳ නොසිතූ ලෙසින
ජීවත නසයි දේපල වනසා ලමින
මේ කී නොකී නෙක නෙක බාධක මැද්දේ
පීඩා දරාගෙන දිවි පෙරටම ඇද්දේ
සැනසුම පිණිස පින්කර දෙවියන් යැද්දේ
එනමුත් ඉවර නැත දුක නවතන යුද්දේ
ඇතිමුත් හේතු පෙනෙනා නොපෙනෙන නේක
දුක ඇති කරන පළවෙනි හේතුව කෝක
අපි පෙර කරපු නෙක පව්කම් ඇති සේක
මුල් තැන ලැබෙන හේතුව දැන ගනු ඒක
පොඩි දුවගෙ රචනා මාතෘකාව
ලියා ඇත ඇය ඇවැසි බව
ඉඟිලෙන්න නිල් අහසෙ
ඈතටම නොපෙනෙන්න
තිබුණි නම් මටත් ලියන්නට
රචනාවක් ආයෙත්
ලියනව මමත්
නිල් පාටට පෙනුනට ඒ අහස
ඇත්තටම හිස් බව
ඉඟිලෙන්නට තවත්
මට අවැසි නැති බව
ඇත්තටම මට ඕන
ආයෙ පියඹා යන්න
මා උපන් ඒ ගමට
අඹ ගහේ කූඩුවට
බොරු අහස නොපෙනෙන්න
වසාගෙන ඇස් තදින්
මට ඕනෙ තනිවෙන්න
උණුහුමක
මා පිය පියාපතක් යට
පාසැලේ සාලාව සරසන වියත් හපනුන් නම් පෙලේ
නුඹේ නම දැක නැතත් නෑ කිසි දුකක් හද තුල ඇතිකලේ
සමරුවේ ඉම කුහුඹු අකුරින් ලියූ සටහන දුටුවෙලේ
දෑස් පිසදා හිනැහුනෙමි එක පුන් සදකි මං බිහිකලේ
ගලේ අකුරු අතගෑවා අප්පචිචි කියලා
සොඳුරු හදක් ඇති සෙබලෙක්
කරකාරෙක බැඳලා සොඳුර වෙන්න පෙරුම් පිරුව
මා සිහිනෙක වෙලිලා දිනක් මගදි අපෙ නෙතු යුග
එකිනෙක මුන ගැහිලා පෙමින් බැදුන නුඹ හා මා
සසරෙ හුරුව දැනිලා..
අතින් අතට මංගල මුදු
එකිනෙක පලදවලා රුවෙන් රුවට කැන්දන් ගියෙ
මනමාලිය කරලා නිරන්තරෙ දුන් උනුහුම
මා තුරුලේ තියලා ගිහින් මැනික මම එන්නම්
කිව්වේ මුව සිඹලා
නුඹෙන් ලදුව ඒ උණුහුම
මගෙ කුසතුල වැඩිලා නිරන්තරෙ සෙත් පැතුවා
අපි බුදු ගුණ කියලා දිනක් දුටුව ඒ දසුනට
මා සිහිසුන් විලා ඇදන් වැටුනෙ හිමියනි මා
නිසල සිරුර දැකලා.
පුංචි දෝණි නෑ කිසිදින නුඹ
හැබැහින් දැකලා දෙදන තියා ඇය වඳිනව
නුඹෙ රූපය සිඹලා ඇයට හොරෙන් ගලන කදුලු
සේරම පිස දමලා මමත් වඳිමි හිමියනි
දොහොත් මුදුන් තියලා
පුංචි දෝණි ඇවිදින් මෙහි
නමේ අකුරු හොයලා ගලේ අකුරු අතගෑවා
අප්පචිචි කියලා තවත් කොහොම ඉවසන්න ද
පපුවම යයි පැලිලා අපේ පැංචි සනසන්නේ නුඹ
විරුවෙක් කියලා ......
තබමි සුබ පැතුමක්..
දෙතොලගින්
උණුසුම් හාදුවක තවරා
ඔය නළල මත..
මේ අප හමු විය යුතු
සෘතුව නොවේ..
අතරමග නොනැවතී
යා යුතුය..යා යුතුය..
මල් වැරූ තුරු හිසක..
ඉව කරනු කිම..
මල් සුවඳකට..
අහඹුවක පැටලෙමින්
හමු වෙමුද මතු
නුඹ මගේමද..
අපි අපේමද නොඅසන..
අපට හිමි දේශයක
අපට හිමි කාලයක..
ශීතයක් වුව
ඒ අප හමුවිය යුතු
සෘතුවයි..
2022.06.28