පත්තිනි අම්මලා
පිටි පස්සෙ වැට කඩොළු පැන හෙමින් රිංගලා…
හෝඩියට උඹ යැව්වෙ මගේ නම හංගලා…
ගැලවුණත් මගේ සළු, සුදු ගවුම් අන්දලා…
දෙව් ලොවට යවන්නට උබව මම පිං කලා…
කට කතා නැති, දුරක මාව නොම පේන…
නාසනා පලාතක “අම්මගේ ගාන”…
වැඩුනාම කිරිලියේ හා කුරුළු රෑන…
ඈතටම ඉගිලියන් හොය හොයා හීන…
උඹේ නම ලියා මගෙ ජාතකේ මකලා…
වැජඹියන්, හූල්ලයි ගමේ උන් දැකලා…
අතීතය මොක වුණත් හෙටක් ගැන හිතලා…
කුල කතක් වන් උතුම් පති සීල රැකලා…
බර වැටුණු උකුළු ඇට රිදෙනකොට මැරෙන්න…
යටි බඩට හුරු වෙලා හෙණ වුණත් දරන්න…
මයෙ දුවේ බෑ අදත් මට උබව වඩන්න…
නැලවියන් පැංචියේ තාත්තෙක් නොදන්න…