ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇතුළෙද ? එළියෙද ?

ඇතුළෙද ? එළියෙද ?

බූපති නලින් වික්‍රමගේ
2022-July

බැන්ඩේජ් එකේ උඩ ලේ කැටිය
මගෙද? වෙන කාගෙවත්ද?

ඇතුළට ගන්න කලින්
PCR කරන්නලු
PCR කලත් තියෙන්න පුලුවන්ලු
ඔක්කොටම කලින් ඒක බලන්නලු
බූස්ටර් ගැහුවත් හැදෙන්න පුලුවන්ලු

කිරීටක ධමණියෙ තෙල් තට්ටුව
පිලාවූස්ද? ෆැමිලිද?
ෆාරාද? එක්ස්ප්‍රස් පර්ල්ද?

ඇතුළෙ කැටි ගැහිලා එළියට ආවද?
එළියට ඇවිත් කැටි ගැහුනද?

ප්‍රෙෂර් කීයෙද?
පනස් නමයෙද? අසූනමයෙද? දෙදාස් නමයෙද?
නමය නපුරුයිලු නේද?

ඇතුළෙ කැටි වෙලා එළියට ආවද?
කැටි වෙන්නම එළියට ආවද?

මගෙද? වෙන කාගෙවත්ද?