ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිදාදියෙ සිංහල

සිදාදියෙ සිංහල

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව
2022-July

ලීලදාසත් එක්ක
මරියකඩෙ හන්දියෙන්
බස් එකෙන් බහිනකොට
ටිකක් රෑ බෝ වෙලා

ඉස්සරහ අන්දියෙන් බයිනවා
කොන්දොස්තර කියුව

පොඩි එකා කයිනවා
ඛේත් ගන්නත් ඕන
මිනිඅ එන්නෙත් අයට
මං යනව මා ඉස්පිරිතාලෙ
මට එහෙම කිියාගෙන
මාගරට් ගියා දුවගෙන

සිදාදියෙ සිංහලේ
‘හ’ යනු නැති බව දන්නෙ
මමත් ඉස්ටොක් වත්තෙ
පය තැබුවට පස්සෙ

ටික දවසක් යද්දි
අවබෝධ වුනා මට
“හ” යන්න නැති වුනත්
“හු” යන්නෙන් එන වචන
හොඳ හැටි ශබ්දකර
කියන බව අඩු නැතුව.

23 – 06 – 2022