ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“ආදරේ”

“ආදරේ”

ශාස්ත්‍රපති අජිත් වෙත්තසිංහ
2022-July

දියදලු ඇල්ලක ගීතයක් ගැයෙන්නේ…
ගලන ගඟේ රැළිවැල් නැගී රඟන්නේ…
ඇදෙන දොලේ පෙනමල් සිනා නගන්නේ…
සසර පුරා අපගෙම ආදරේ දෝ…

සිතිජ ඉමව් මැදිවී ඔබේ දයාවේ…
මිරිඟුවකින් රැවටී නුවන් හැඬූ දා…
කඳුල ඉතින් රහසක් හඬා දොඩා කී….
අමතක දෝ නොවෙනස්ලු ආදරේ ඒ…

සෙනෙහසකින් ඉපදී බැඳුම් නොවේ නම්…
වතට වතින් හමු වූ දිනේ මතක් වී…
හිතට හිතින් අමතා ඉතින් කියන්නේ…
සසර පුරා අපගේම ආදරේ⁣ දෝ…