ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විශ්මිත ලොව

විශ්මිත ලොව

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2022-July

මිතුර
මා ලද අමා සුවය
ඔබෙන් ලද ඇරයුම….
ගිම්හාන සෘතුවේ
එංගලන්තයේ
හමු වෙමු,……

කෙලි කවට සිනා මැදින්
Chelsea flower show පුරා
මිතුරන් සමඟින් දැතේ වෙලි
වින්දෙමු සුවඳ පාට පාට,….

මගෙ සුහදයානන්
Lords ක්‍රිඩා පිටිය සිසාරමින්
විඳි සුව,……..
අතිතයේ සිහිවටන මැද
නතරකොට,…..
මගෙ පාසැලේ first century
ගැසු මගේ පින්තූර
පාසැල් බිත්තියේ,……තාමත්

විවෙකයෙන් පසු තව දිගු ගමනක් Gretna Green
හන්තානේ කන්ද තරණය නොකලාට
වලේ ඉඳන් ගී රස නොවින්දාට
පොද වැස්සෙ එක කුඩය යට තුරුල් නොවුනාට

Gretna Green යන මග දෙපස
නිල් තැනිතලා කඳු අතරින්
වංගු කැරකෙමින්
පුලුන් වළා යටින්
විටින් විට කඩා හැලුන
සේද සිහින් වැහි රේඛා
කෝපි කෝප්පයකින්
උණුසුම හා විවේකයක්
එක් කළා ගතට

විශ්මිත කම්මල්කරුවාණෙනි,……
මා පෙර පින් කර ඇත්තෙමි
ඔබ මැවු ඒ පෙම් කතරේ
බැස ඇවිදින්න,….මෙ සංසාරයේ

විස්මිත කම්මල්කරුවාණෙනි
ප්‍රේමයෙහි සිහින මාලිගා,…
සැබෑ කරමින්
නීතියේ දොරවල් විවරකර
ප්‍රේමයේ තොටිල්ල පැදවූ,…..
ඔබෙ දැතට
ප්‍රේමවන්තයන් සදා ණයගැති නොවෙදෝ!!!!!!!

19/6/2022