ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගමට ඔබ රැජිණක්ය රෑ දවල් හඬ තලන

ගමට ඔබ රැජිණක්ය රෑ දවල් හඬ තලන

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2022-July

ගලන ගඟ ගව් ගණන් ඉදිරියට ගලනවා
ඉවුරු බිම් ගිලගෙනම ගඟ මැදට අදිනවා
පෙනුම නම් හරි හැඩයි සොඳුරු බව පෙනෙනවා
ඒ වුණත් වැහි දාට ගඟ දෙගොඩ තලනවා

නුඹත් ඒ වගේමයි පෙම් හැඟුම් දැනෙනවා
කවියකින් ගීතෙකින් නුඹේ ගුණ වැයෙනවා
රන් මසුන් විස සතුන් නුඹ තුළත් ඉන්නවා
සුනාමිය ආ දාට නුඹ වියරු වැටෙනවා

සඳපානෙ නුඹ මවන පෙම් දසුන් මනරම්ය
කවියෙකුට තිළිණයකි නුඹ ගොතන කවි පදය
මවන හැම හැඟුමකම මිහිරි දේ අපමණය
ක්‍රිෂ්ණාට දෙව් ලොවකි යමුනාවෙ ගං තීරය

උපත කඳු මුදුන වුව සයුරටම පෙම් බඳින
මවන පෙම් හැඟුම් සහ රංගනය පොර බදන
නිමක් නැති ගමනකට නිරන්තර සිත බැඳුන
ගමට ඔබ රැජිණක් ය රෑ දවල් හඬ තලන