ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රවීණ රංගන වේදිණී ලියෝනී කොතලාවල සමුගත් වගයි

රවීණ රංගන වේදිණී ලියෝනී කොතලාවල සමුගත් වගයි

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2022-July

සතර කොණ වේදිකාවේ ඔබ
පැතිර වූ පාසල් වියේ සිට
මධුර රංගන විසුල ප්‍රතිබා
නිතර මතකයේ නිදන් කරවූ
එදා “සාමා” නාට්‍යයෙන්
මුල්වරට හැඩ කරන්නට ඔබ
මතුව දායක වුණෙන් ළඳුනේ දෛයිවයෙන් ලත් උරුමයෙන්
” සාමා “නමින් වූ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයින් සමග රජවී
ප්‍රථම වර වේදිකා රංගන
හොදම නිලි සම්මානයෙන් දිනු
පළමු රංගන වේදිණිය ඔබ
හෙළ කලා උළෙලකදි පෙරදා
එදා ‘වජිරා’ සියුමැලී ලෙසින්
හැඩතල ජනිත කරමින්
‘චණ්ඩාලි’ ‘රජ දරුවො’ සමගින්
‘පිපෙන කුමුදු’ ද රැගුම් පෑ ඔබ
රිදී තීරෙන් නැත මැකී

සිහළ ටෙලි සිනමාව හැඩකල
සැගව ‘හිරුටද මුවාවෙන්’
සමග ‘තාරාදේවි’ යද හා
දුටුව සද ‘සෝමාගේ සිහිනය’
‘චරිත තුනකට’ මැදිව
ඉන්දු හා අරවින්ද සමගින්
පෑව රංගන පුංචි තිරයේ
මුතු පොටක් සේ ඇත බැදී

වේදිකා සිනමා කලා ලොව
දිදුල රන්තරු සම යුගේ
අහස හැර මිලිනවී යන සද
ගලන අඳුරේ කාල රේඛා
විහිදමින් ඇත හෙළ ‘ඹරේ

ශතක අටකට මදක් අඩුවූ
ඔබේ සුන්දර සොඳුරු දිවිමඟෙ
අමිල මතකය ශේෂ කරදී
ගියෙද සමුගෙන ලියෝනී යැ
ඔබ නමින් කොතලාවල දැයෙන් අද
සසර ගමනට එකතුවී
පතන්නෙමු අපි ඔබට සුබසෙත
යළි යළිත් හමුවෙන තුරා