ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇට්ලස් ලා……..

ඇට්ලස් ලා……..

වෛද්‍ය ළහිරු දෙද්දුවකුමාර - දිස්ත්‍රික් රෝහල මතුගම
2022-July

” ඇට්ලස් කියන්නෙ
කවුද තාත්ති ? ”

විමසයි පොඩි පුතු
පැන ඔඩොක්කුවට

මේ මුලු ලෝකයම
දරාගෙන උර මත
හිඳින යෝධයා ඔහුයි
පිළිවදන් දෙමි පුතුට

” පුතාගෙ තාත්තිත් ඉතින්
යෝධයෙක් තමයි
උස්සන් ඉන්න ගෙදරම බර ”

පුම්බා ළය
උරහිස් පලල් කොට
ආයාසයෙන් මවාගමි
යෝධ වෙසක්
මොහොතකට
ම’පුතු අබියස

විස්මයෙන්
විවර වෙයි
සිඟිති මුව

ඇසෙයි මුලුතැන්ගෙයින්
මෘදු නෝක්කඩු ස්වරයක්
විඩාබර

” බෙහෙත් ටිකවත්
බොන්නෙ නෑනෙ ඔයා
මං මතක් නොකලොත්
වෙලාවට ! “