ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බණ…

බණ…

වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට් - එංගලන්තය
2022-July

“සංසාරෙම අරගලය ක්”
ඇහුනට, බණකට කිව්වට
දැනුනේ සුළු පිරිසකටයි
වගක් නොවේ බොහෝ අයට …
සුදු ඇඳ ගෙන ජේත්තුවට
දන් දුන්නට උජාරුවට
සිව්වනක් පිරිස සේරොම
“අටලෝදම” දැක ඇඹරී
කුපිත වෙලා ගෙල මිරිකන්
“සංසාරේ දුක ” විඳින්න
සිත ලෑස්ති නැහැ තාමත් …….

29/06/22