ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රත් මලියේ ……..

රත් මලියේ ……..

ලියෝනි අමරතුංග - කැනඩාව
2022-July

මල් දෙවැටේ වතුසුදු හිනැහුනි නැත අරුමක්
රන් මැණිකේ ඔය මුහුණද එවැනිම දසුනක්
විල් තලයේ රඟ දෙන මහනෙල දැක දවසක්
රත් මලියේ ඉවසමි කෙලෙසක නැත නිවනක්

ආදර රන් කඳ මගෙ සුකුමලි පෙම්බරය
සාගර නිල් දිය රළ පෙළ ලෙස සුන්දරය
දේදුනු වන් දෙබැමද, සිනහව පින්බරය
නාඹර බැල්මට බැඳි හදවත මල්වරය

පැල වෙත ගෙන යනතුරු සිතිවිලි මගෙ පොරකයි
මතු දින ඔය සුවඳට කෙත ලියලනු නියතයි
ගෙල බැඳි මුතු දෙපොටට දෙනයන හැඩ කරවයි
මල වට බිඟු රඟදෙනු දැක අප පෙම සිහිවෙයි

(රවුළු ඡන්දස – සම විරිත් ඇසුරිනි )

~~ ලියෝනි අමරතුංග – කැනඩාවේ සිට ~~