ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇය අම්මා නම් විය…………

ඇය අම්මා නම් විය…………

නිරෝෂා ගුණසේකර - බුත්පිටිය
2022-July

ඇසැර බැලුවිට දකින දසුනෙහි නොමැති වුව සිත්කළු__________ බවක්

වැතිර දරුපෙම අසල ගැහැටම විඳින මැය පෙම්බර______________මවක්

නොහැර අදිටන විලස නොසැලෙන හිඳින ලෙස සත්කුළු________පවක්

විසිර ගිය සිතිවිල්ල කැටිකොට ලියමි මම ඇය හට ______________කවක්

*****************

හිරුට කලියෙන් අවදිවී නිති කරයි දරුවන් වඩන්නට _____________ වෙර

මරුට පමණක් දෙවැනි වී හිඳ මරයි හැඟුමන් නැගෙන්නට _________පෙර

දරුට ඇති පෙම හදෙහි බිඳුවක් නැතැයි ගියමුත් නොඑන්නට_____ හැර

ඇයට දිරියක් උනේ ”සෙනෙහස” සිතෙයි මෙතුවක් පදින්නට_______දුර

සවිය ඇති ගැහැණියක නම් නිති නොසෙල්වෙයි මහමෙර__________ මෙනා

අවිය ලෙස ඇගෙ අඳින සළුපිළි කිසිම කල නොදමයි __________________උනා

දිවිය අමිරස උවද කවමින් කඳුළු කැට දරුවට __________________________අනා

කවියකට එළිවැටක් මෙන් ඇය රකී දරුවන් ලෙස _____________________මනා