ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විධිමත් අධ්‍යාපනය

විධිමත් අධ්‍යාපනය

නිශ්ශංක දිද්දෙණිය
2022-July

මාතෘ
පිතෘ
භාතෘ
ගියෝය
ඔබ තිදෙන
නික්මී
මට බත් දී – සිප් දී – ජීවය දී
සිප් සයුරු
තරණයට
ණය ගැතිය
පිරිමසනු බැරි ලෙසට
මා – ඔබට
සිප් සයුරු – තෙරපත්
පුත් රුවන – සොයුරු මිණ
ගිලගත්තේ ය
දුරස් කොට
ඔබෙන් මා
මගෙන් ඔබ
දිවි සයුර
පතුලට ම

2022 ජූනි 22